ලංකාවේ ඉතිහාසයේ තිබුණ සංවිධානාත්මක පක්ෂය මොකද්ද කියලා ඇහුවොත් ඉස්සර ගොඩ දෙනෙක් කියන්නේ ජවිපෙ කියලා.පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ ගෞරවය කවුරුත් ජවිපෙට දුන්නා.එදා ඡන්ද සංඛ්‍යාවෙන් කුඩා උනත් ජවිපෙට වඩා ඡන්ද සංඛ්‍යාවෙන් ලොකු පක්ෂවලට වඩා ලොකු වැඩ කරන්න පුළුවන්කම ජවිපෙට තිබුණා.ඒවා හොඳද නරකද කියන එක වෙනම කතාවක්.හැබැයි ඒ සංවිධානාත්මක බව ජවිපෙට හැර වෙන පක්ෂයකට තිබුණේ නෑ.
මේකට බලපෑව ප්‍රධාන හේතු දෙකක් තියනවා.එකක් ජවිපෙ තිබුණ මතවාදී ශක්තිය සහ සංවිධාන ශක්තිය.ජවිපෙ මතවාදය උනේ රට ඇතුලේ යහපත් සමාජ පරිවර්තනයක් කරන එකයි. ඒකට එයාලා කිව්වේ සමාජවාදී සමාජ විප්ලවය කියලා.ඒ වෙනුවෙන් ගොඩනගපු ශක්තිමත් මතවාදයක් ජවිපෙට තිබුණා. ඒ වගේ පක්ෂයේ ඉහල ඉඳන් පහලටත් පහල ඉඳන් ඉහලටත් ස්ථාපිත කරපූ සංවිධාන ප්‍රතිපත්තියක් ජවිපෙට තිබුණා.ඒකට කිව්වේ ප්රජාතන්ත්රවාදී මධ්‍යගතභාවය කියලයි.
ඇත්තටම මේ system එකට හදපු පක්ෂයක් තමයි ජවිපෙ කියලා කියන්නේ.හැබැයි අද ජවිපෙ ඇතුලේ තත්වය එහෙමද?අද ඒ ශක්තිමත් පක්ෂය තියනවද?අද ඒ මතවාදී ශක්තිය ජවිපෙට තියනවද?අද ඒ සංවිධාන ශක්තිය තියන පක්ෂය තියනවද?රටේ රාළ ඉතාමත් වගකීමෙන් කියනවා අද එහෙම පක්ෂයක් නෑ.අද තියෙන්නේ රාජ්‍ය බලය තියන නිසා තියෙන ජවිපෙයක් විතරයි. රාජ්‍ය බලය ගිලිහිලා ගිය මොහොතේ පටන් ජවිපෙ කියලා එකක් ඉතිරි වෙන්නේ නෑ.ජවිපෙ කියලා බෝඩ් ලැල්ලක් විතරක් ඉතිරිවෙයි.
හැබැයි ජවිපෙ කියලා පක්ෂයක් ඉතිරිවෙන්නේ නෑ.ජවිපෙ ඇතුලෙන් එන තොරතුරු අනුව දැනුත් ජවිපෙ කියලා පක්ෂයක් නෑ.මූලස්ථානයක් තියනවා.ප්‍රධාන ලේකම් කෙනෙක් ඉන්නවා. ප්‍රධාන ලේකම්ගේ අණ පරිදි ක්‍රියාත්මක වන වැටුප් ලබන දේශපාලන යමපල්ලෝ ටිකක් ඉන්නවා.වෙනදා පක්ෂ මූලස්ථානයෙන් කරන දේශපාලන සාකච්ඡාව පක්ෂයේ පහලම සංවිධානය දක්වා ගියා.ඒ කියන්නේ පක්ෂය ඇතුලේ මතවාදී ඒකාග්රතාවයක් තිබුණා.පක්ෂ ඉහලම සංවිධානයත් පහලම සංවිධානයත් හැම මාසයකම කැදෙව්වා.
හැබැයි පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තවමත් දිස්ත්‍රික් සංවිධාන කැඳවලා නෑ.දිස්ත්‍රික් සංවිධාන කැදෙව්වේ නෑ කියන්නේ එතනින් පහල කිසිම සංවිධානයක් කැඳවන්න බෑ.ඒකට හේතුව තමයි දිස්ත්‍රික්ක සංවිධානය නියෝජනය කරන ආසන සංවිධායකයන් up date නොවීම.ඒකත් එක් ආසන සංවිධානවලින් පහලට කිසිම සංවිධානයක් කැඳවෙන්නේ නෑ.ඇත්තටම ඒකට හේතුව මොකද්ද?එදා ජවිපෙ ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් තියන කාලේ මේ තියන පහසුකම් මොකවත් තිබුණේ නෑ.
අද ජනාධිපතිවරයෙක් ඉන්නවා,ආණ්ඩුවක් තියනවා.පලාත් පාලන ආයතන බහුතරයක බලය තියනවා.ඒවායේ සියලු සම්පත් ජවිපෙ පාව්ච්චි කරනවා.වරප්‍රසාද බුක්ති විදිනවා.හැබැයි පක්ෂ යාන්ත්‍රණය ඇතුලෙන් වේගයෙන් කඩාගෙන වැටිලා තියනවා. ඇත්තටම මේක ප්‍රධාන හේතුවවෙලා තියෙන්නේ ජවිපෙට දැන් මතයක් නැති එකයි.දැන් ගිහින් පක්ෂ සාමාජිකයාට මොනවා කියන්නද?ජවිපෙ සංවිධාන ගත සාමාජිකයා කියන්නේ පන්ති පහ කරලා ජවිපෙ අධ්‍යාපනය දීලා හදපු කෙනෙක්.
ජවිපෙ පලවෙනි පන්තිය ධනේශ්වර ක්රමයේ අර්බුදය.දැන් මෙයාලට ගිහින් ධනේශ්වර ක්රමයේ අර්බුදය ගැන කියන්න බෑ. දැන් මෙයාලා තමයි ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන්නේ.ඊළඟට මෙයාලට සූරාකෑම ගැන කියන්න බෑ.ලංකාවේ සුපිරිම සූරාකන්නෝ ටික ඉන්නේ මෙයාලත් එක්ක.එයාලගේ හෝටල්වල,විලාවල තමයි දැන් මේ විප්ලවවාදීන් සැප ගන්නේ. එහෙම කරන ගමන් පහල එකාට නිර්ධන පන්ති සදාචාරය ගැන කියන්නද?සමහර ඇමතිලා තමන්ගේ අලුත් පෙම්වතියන්ට යවලා තියන පෝටෝ දැක්කොත් ජේවීපීකාරයෝ වහ කනවා.
අපි ඒවා එලියට දාන්නේ නැත්තේ අපි හතුරාගේ උනත් පෞද්ගලිකත්වයට ගරු කරන නිසයි.ඊළඟට මෙයාලා ගිහින් රටේ සංවර්ධනය ගැන කියන්නද?ආයෝජන ගෙනාවා කියලා කියන්නද?දැනට කියන්න තියන එකමදේ තමයි ට්‍රම්ප් 44% ක් කරනවා කියපු තීරුබද්ධ 20% ට අඩු කරගත්තා කියන එකයි.ඒක ඉතින් මෙයාලාගේ දක්ෂතාවයට උන දෙයක් නෙවෙයි.ට්‍රම්ප් ගත්ත තීරණයක්.හැබැයි මෙයාලටත් ට්‍රම්ප් එක්ක වෙලද ගිවිසුම්වලට යන්න වෙනවා.ඒවා මොනවද කියලා හංගගෙන ඉන්න බෑ. ට්‍රම්ප්ගේ truth social ගිණුම තියනකං ඒක කරන්න බෑ.
ඊළඟට ඇත්තටම ඔය බද්ධ 10% යේ තියනකොට තමයි අපේ රටේ ගාමන්ට් වැටුනේ.එතකොට ලයිට් බිලත් වැඩිවෙලා නෑ.දැන් 20% උනහම කොහොමත් අර්බුදයට යනවා.ඒක හින්දා ඕවා ගිහින් පක්ෂ සාමාජිකයට කියන්න බෑ.ඒක නිසා දැන් සංවිධාන කැදවිම් නෑ.දැන් ටිල්වින් කරලා තියෙන්නේ පහල ඉන්න පරණ ජේවීපී සංවිධායකයට ඕනි විදිහට වැඩකරන්න ඇරලා මිනිහා අධිරාජ්‍යයක් හදාගෙන උඩටවෙලා ඉන්නවා.ඒ අධිරාජ්‍යයේ මාලිමාවේ සෙට් එකට no chance.ඒකනේ පහුගිය කාලේ ආසන සංවිධායකයා එක්ක වැඩ කරන්න බෑ කියලා මාලිමාවේ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වුනේ.
දැන් මේ පිපිරීම ඇතුලේ තදට තියනවා.තවමත් මෙයාලා යට කරගෙන ඉන්නවා.හැබැයි තව වැඩි දවසක් බෑ.ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංවිධායකයා නොවෙන හැම තැනම ආසන සංවිධායකයා සහ මන්ත්‍රී අතර වලි.මන්ත්‍රී මාලිමාවේ නම් ආසන සංවිධායකයා මන්ත්‍රීට වැඩකරන්න දෙන්නේ නෑ.මන්ත්‍රී සහ ආසන සංවිධායක දෙන්නම ජේවීපී නම් මන්ත්‍රී ආසන සංවිධායකව ගණන් ගන්නේ නෑ.දැන් අපිව මරන්න පැලවත්තෙන් ප්ලෑන් හදද්දී පහල ජෙප්පන්ගේ දුකත් අපට අහන්න වෙලා.
මෙතන තව දෙයක් තියනවා.සමහර පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඕවර් එස්ටිමේට් කරලා කොන්ත්‍රාත් අරන් එයාගේ කට්ටියත් එක්ක කරනවා.හැබැයි දුක් මහන්සි වුන ජේවීපීකාරයට මොකවත් නෑ.ඒක හින්දා මාලිමා මන්ත්‍රීලයි,ජේවීපිකාරයොයි දැන් නයාට අදුකොල වගේවෙලා.දැන් මේ සංවිධාන අර්බුදයෙන් පක්ෂය ගොඩගන්න ටිල්වින් හදලා තියන සැලැස්ම තමයි ගමේ තියන සියලු සමිති සමාගම්වල බලය රාජ්‍ය බලය පාව්චිචි කරලා අල්ලන එක.අල්ලලා කොහොම හරි කොට්ඨාශ සභාව පිහිටවා ගන්න එක.
ටිල්වින් හිතනවා කොහොමහරි එතනට ගියොත් රාජ්‍ය බලය පාව්චි කරගෙන ගමේ බලය එතෙන්ට මධ්‍යගත කරගන්න පුළුවන් කියලා.එතකොට ගමේ කොට්ඨාශ සභාව තියෙන්නේ අර්ධ මිලිටරි තත්වයක්.ඒකෙන් තමයි ටිල්වින් ගම පාලනය කරන්න හදන්නේ.ඕක තමයි ටිල්වින් පක්ෂ අර්බුදයට දෙන්න හදන උත්තරය.ටිල්වින් හිතනවා ඒක කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක කරන්න බෑ.මොකද හේතුව දැන් ගමේ ජවිපෙට බලයක් නෑ.ඊළඟට ජවිපෙට බලයට ගන්න ඇරලා මිනිස්සු නිකන් ඉන්නෙත් නෑ.ඇත්තටම ඒ බලය ජවිපෙට දුන්නොත් ඔයාලත් වහල්ලු බවට පත්වෙනවා.
ඒ වගේම සබුද්ධික ජවිපෙ සාමාජිකයාට ජවිපෙ මේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරනවා.එයාලා කියන්නේ තව පාරක් රැවටෙන්න බෑ කියලයි.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.