පහුගිය දවස්වල වැඩි සද්ධ බද්ධයක් නැතිව හිටපු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා ආයෙත් කල එලි බැහැලා.ටිලිවින් ඇත්තටම එලියට ඇවිත් තියෙන්නේ පලාත් පාලන ඡන්දය ටාගට් කරගෙන.ටිල්වින් කියන්නේ පුනරුදයට රට ගෙනියන්න නං ගමේ බලය අනිවාර්යෙන් මාලිමාවට අවශයයි කියලයි.කට්ටියගේ මොරාල් අප්කරන්න ටිල්වින් කියන්නේ අපිට තව කල් තියනවා විවේචන ගනන් ගන්න එපා කියලා.
ඇත්තටම ටිල්වින්ට කියන්න තිබුණේ අපිට තව ඉගෙනගන්න කල් තියනවා දැන් මේ තියන බැරිකම ගනන් ගන්න එපා කියලයි.මාලිමාවට බුරන හැම බල්ලාටම ගල් ගහන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.ඒක නිසා ඇඟට පනින්න එන බල්ලන්ට විතරක් ගලකින් ගහලා එලවලා දාලා වැඩේ කරමු කියලයි ටිල්වින් කියන්නේ.ටිල්වින් සාමාන්‍යයෙන් ඔය වගේ බලු උදාහරණ ගන්නේ මල පැන්නට පස්සේ.මල පැන්නට පස්සේ තමයි ටිල්වින්ගේ සැබෑ සතා එලියට එන්නේ.
ටිල්වින්ට එලියට එන්න පලාත් පාලන ඡන්දය ලග එන එක සහ ජවිපෙ සහ මාලිමා බලවේගවල මොරාල් බිඳවැටීමත් බලපාන්න ඇති.එතනදී ටිල්වින්ට ජවිපෙ බලවේගයට ආමන්ත්‍රණය කරන්න පුළුවන්.ටිල්වින් ඇතුළු ජවිපෙ හිතන්නේ බයියන් බිම් මට්ටමේදී ගැට ගහලා තියාගන්න නම් පක්ෂයේ බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕනි කියලයි.දැන් අනුර සහ ජවිපෙ – මාලිමා ආණ්ඩුවෙන් බයියන්ට උඩින් දෙන්න පුළුවන් උපරිමය දීලා ඉවරයි.
උඩින් පෙන්නපු චිත්‍රපටිවලින් තව දුරටත් බයියන් ගැට ගහගෙන තියාගන්න අමාරුයි.එයාලට මේ දවස් එකසිය ගාන ඇතුලේ රටට දැනෙන දෙයක් කරන්න බැරිවුනා.එයාලා වෙච්චි පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරන්න බැරිවුනා.ඒ වගේම රට ආපු ආර්ථික ගමන ඇතුලේ නැවතත් පොලිම් සහ භාණ්ඩ හිඟය ඇතිවෙලා තියනවා.හාල් හිඟයට පිටරටින් හාල් ගේන උත්තරය උනත් හරියට හදන්න බැරිවුනා,දැන් රටේ ජනතාව ඉල්ලන හාල් නෙවෙයි ජවිපෙ – මාලිමා ආණ්ඩුවෙන් ගෙනත් දෙන හාලක් කන්න සිද්ධවෙලා.
පොල් ප්රශ්නය උග්‍ර තැනකට ඇවිත්,ලුණු ප්‍රශ්නයත් එහෙමයි.ඊළඟට දැන් වී අස්වනු කැපෙනවා. ආණ්ඩුව මුල් දවස්වල වහසි බස් දෙඩුවේ සහල් මාෆියාවක් තියනවා කියලයි.එක පෑන් පහරෙන් හාල් මාෆියාව නැති කරන්න ආපු ආණ්ඩුව පළවෙනි සාකච්ඡාවෙදිම මහ හාල් මෝල් හිමියන් ඉස්සරහා දණ ගැහුවා.මේ දක්වා ආණ්ඩුව කටයුතු කළේ ගොවියටවත්,පාරිබෝගිකයටවත්, කුඩා සහ මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියට වාසි සැලසෙන විදිහට නෙවෙයි.
ආණ්ඩුව වැඩ කළේ මහ පරිමාණ සහල් මෝල් හිමියන්ට වාසි සැලකෙන විදිහටයි.ඇත්තටම ආණ්ඩුව තොග සහ සිල්ලර වෙලෙන්දා මහ හාල් මෝල් හිමියට පාවලා දුන්නා.පහුගිය දවසක සිරස සටනට ආපු අනුර කිව්වේ මහා පරිමාණ වී ගොවියන් වී තොඟ හංගගෙන ඉන්නවා කියන්නේ අමු බොරුවක් කියලා.ඇත්තටම මහ පරිමාණ වී මෝල් හිමියන් වී හංගන්න ඉන්නවා කිව්වේ ජවිපෙම තමයි.ඒක වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදිත් කිව්වා.
කොහොම උනත් මහ පරිමාණ හාල් මෝල් හිමියන් ඉදිරියේ ආණ්ඩුවේ මේ පසුබෑමෙන් එක දෙයක් පැහැදිලියි.ඒ ආණ්ඩුවේ වි මිලදී ගැනීමේ වැඩපිලිවෙල අසාර්ථකයි කියන එකයි.ඒක අනුර සටනේදී කියපු කතාවෙන් වගේම නාමල් කරුණාරත්න ගොවියාට වැඳ වැඳ වී ඉල්ලීමෙන් පේනවා.ඇත්තටම ආණ්ඩුවට මහා පරිමාණ වී මෝල් හිමියන් එක්ක තරඟ කරන්න බෑ.ඊළඟ එක තමයි ගොවියාට ආණ්ඩුවට වී දෙන එක පාඩුයි.
මේ යථාර්ථය තේරුම් ගන්නේ නැතිව අනුරලා, වසන්ත සමරසිංහලා ගහපු කයිවාරු දැන් ටික ටික වමාරන්න අනුරට සිද්ධ වෙලා.දැනටමත් අනුරගේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය ෆේල්.ලාල් නං හොයන්නත් නෑ.ලාල් වගකීම් ගොඩක් මඟෑරලා ගිහින්.ලාල්ට ගහන්න දැන් ආණ්ඩුව ඇතුලෙන්ම තොරතුරු දෙනවා.ආණ්ඩුව ඊළඟට ඇණ ගන්නේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී.
ඒක නිසා ආණ්ඩුවට විශේෂයෙන්ම බයියන්ට පෙන්වන්න පුළුවන් මට්ටමක සන්දර්ශණ දැන් ගොඩක් අඩුයි.ඉන්දියන් සන්දර්ශණ කඳ හරහා ඇණ ගත්තා.චීන සන්දර්ශණ එච්චරම අවුලක් නොවුනත් රනිල්ලා ගිහින් කතා කරලා තිබුණ දේවල් හැර වෙන විශේෂ දෙයක් ගේන්න අනුරට බැරිවුනා.ඊළඟට එන අයවැය උනත් ආණ්ඩුවට අභියෝගාත්මක එකක්.අඩු මුදලට වාහන ගන්න පුළුවන් කියලා ඡන්දයට ඉස්සෙල්ලා ජවිපෙ සහ මාලිමා අපේක්ෂකයින් කියපු කතා දැන් සිහින විතරයි.
මේ තත්වය තවත් වර්ධනය වෙනවා හැර සමනය වෙන්න විදිහක් නෑ.ජවිපෙට දැනට තියන එකමදේ තමයි රාජපක්ෂ පවුලට එල්ල කරන ප්‍රහාරයෙන් බයි ජනතාව ෆෝම් කිරීමයි.හැබැයි සමහරවිට මේ සෙල්ලම ජවිපෙ ආපිට කැරකෙන්න උනත් බැරි නෑ.ජවිපෙ නොහැකියාව දැන් රටට දැනෙනවා.ජවිපෙට මෙලෝ දෙයක් බෑ කියන එක ජනතාව දැන් තේරුම් ගනිමින් ඉන්නවා. සමුපකාරය ඡන්දවලදී ජවිපෙට අත්වෙන පරාජයෙන් එක හොඳට පැහැදිලියි.
මහ පොළොවේ සිද්ධවෙන මේ වෙනස ටිල්වින්ට දැනෙන්නේ නැති වෙන්න බෑ.ජවිපෙ කියන්නේ දැන් උඩ පාවෙන පක්ෂයක්.පුම්බලා තියපු එකක්.ඒක මහ පොලොවට සම්බන්ධ නෑ.ඔය ඉන්න මන්ත්‍රීලා 159 න් අති බහුතරය මහ පොලොව නියෝජනය කරන අය නෙවෙයි.ඉපනැල්ල අදුරන අය නෙවෙයි.ජවිපෙ ඉහලින් මොනවා තේරුවත් වැඩක් නෑ.ඒ පණිවිඩය පොලොවට යන්නේ නැතිව.ජවිපෙට තිබුණ යාන්ත්‍රණය දැන් ඉතා දුර්වල වෙලා.
ඒ මාලිමාවේ සහ ජවිපෙ අතර ප්‍රශ්න උඩට වඩා පහල බරපතල හින්දයි.ටිල්වින් උත්සාහ කරන්නේ ජවිපෙ යාන්ත්‍රණය යලි පණ ගන්ව ගන්න.වැඩේ තියෙන්නෙ ඒක ටිල්වින් හිතන තරම් ලේසි නෑ.මොකද ජවිපෙ සාමාජිකයට ටිල්වින්ලා උගන්නපු දේශපාලනයට වඩා හාත්පසින්ම වෙනත් දෙයක් තමයි ටිල්වින්ලාට උඩ කරමින් ඉන්නේ.එදා ජවිපෙ විරුද්ධ වෙලා ජවිපෙ සාමාජිකයත් එක්ක මහ පාරේ ගිහින් කියපු සියලු සටන් පාඨ ජවිපෙ මාලිමා ආණ්ඩුවෙන් පැත්කට විසි කරලා.
ටිල්වින්ටත් ජවිපෙ පහලට කතා කරන එක දැන් ලේසි නෑ.ජවිපෙට පලාත් පාලන මැතිවරණය දැවැන්ත අභියෝගයක් විදිහට තියනවා.රටේ රාළගේ මතය නම් ජවිපෙ පලාත් පාලන මැතිවරණය දිනන්න ඕනි කියන එකයි.පලාත් පාලන ඡන්දයෙන් පස්සේ ජවිපෙ ගමනත් අවසන්.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.