|

ප්‍රාදේශීය සභා මැතිවරණයේ සිට පලාත් සභා මැතිවරණය දක්වා ජවිපෙ ගමන් මඟ – රටේ රාළ

” පලාත් පාලන ඡන්දයෙන් පසු ජවිපෙ ගමන අවසන් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජවිපෙට හෙට දවසේ අත්වෙන්න නියමිත ඉරණම ගැනයි, ඇත්තටම ඒ ලිපියෙන් සියල්ල පැහැදිලි කරන්න බෑ.ඒක නිසා ඒ ලිපියට මේ කොටසත් එකතු වෙන්න ඕනි.යම් විදිහකින් ජවිපෙ පලාත් පාලන මැතිවරණය අප්‍රියෙල් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා තිබ්බොත් ජවිපෙට රටේ රාළ කියන ඉරණම අත්වෙන එක නවත්තන්න බෑ.
ජවිපෙ පලාත් පාලන මැතිවරණය කීයටවත් නොතියා ඉන්න බෑ.පලාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් තියන්නේ කියලා මැතිවරණ කොමිෂමට දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් තියනවා.ජවිපෙ දැන් මොනවා කිව්වත් ජවිපෙ ඉන්නේ පලාත් පාලන ඡන්දය සම්බන්ධව ලොකු බයක.ටිල්වින් ආයෙත් කලඑළි බහින්නෙත් අනුර ගම සමඟ පිළිසදරකට ලෑස්ති වෙන්නෙත් ඒ බය නිසාමයි.මේ දවස්වල තියෙන සමුපකාර ඡන්දවලින් ඒ බය තවත් වැඩි කරලා.
ජවිපෙන් එන අභයන්තර තොරතුරුවලිනුත් ඒ බව තහවුරු කරනවා.එක පැත්තකින් පලාත් පාලන මැතිවරණය කල් දාන එක ජවිපෙට අවාසියි.මේක තමයි ජවිපෙට යම් හෝ ජයග්‍රහණයක් ගෙනත් දෙන අවසන් මැතිවරණය.
ඒක එහාට දැම්මොත් මේ ගොඩනැගෙන ජනතා විරෝධය ඉස්සරහා ජවිපෙ පලාත් පාලන මැතිවරණයෙන් පරාද වෙන්නත් පුළුවන්.ජවිපෙ මේ මැතිවරණයේ ඉක්මණින් තියන එකේ වාසි කීපයක් තියනවා එකක් තමයි දවසින් දවස චොර වෙන ජවිපෙ ආණ්ඩුව දවසින් දවස චොරවීම ඩබල් ට්‍රිබල් වෙනවා.මේ චොර වෙන චොරවීමට සොපේක්ෂව හිතුවොත් මේ ගාණට චොර වෙලා තියෙද්දී ඡන්දය තියෙන එක ජවිපෙට වාසි.අනිත් කාරණාව තමයි ඡන්දය ඉක්මනට තියන එකෙන් විපක්ෂය තවදුරටත් බෙදෙනවා.
ගොඩක් වෙලාවට විපක්ෂය කණ්ඩායම් කීපයක් විදිහට මේ මැතිවරණයට තරඟ කරයි.එජාප – සජබ එකතුව උනත් තවමත් ෂුවර් නෑ.දැන් ජවිපෙ පරද්දන්න නං එජාප සජබ එකතුවක් විතරක් නෙවෙයි සමස්ථ විපක්ෂයේම එකතුවක් ඕනි. විපක්ෂයේ එකතුවකට ජවිපෙ පරද්දන්න පුළුවන්.හැබැයි ඒ එකතුව මේ පලාත් පාලන ඡන්දයේදී හැදෙන්නේ නෑ.එහෙම එකතුවකින් ජවිපෙ මාලිමා කණ්ඩායම පරද්දන්න පුළුවන් කියලා සමුපකාර ඡන්දවලින් ඔප්පු වෙනවා.
අගුණුකොලපැලැස්ස සහ හෝමාගම සමුපකාර ඡන්ද පැරදීම ජවිපෙට එල්ලවුන මරු පහරක්.ඒක නිසා යන්තමින් හරි පලාත් පාලන ආයතනවල බලය රැකගන්න නම් ජවිපෙ ඉක්මනින් ඡන්දයට යන්න ඕනි.රටේ රාළ කියන්නේ පලාත් පාලන ඡන්දය ජවිපෙ දිණුවත් පරාදයි පැරදුනත් පරාදයි කියලයි.පැරදිලා අත්වෙන පරාජය වඩා පරාජයක් ජවිපෙට ජයග්‍රහණය ඇතුලේ අත්වෙනවා.දැන් ජවිපෙ ආණ්ඩුව සම්පුර්ණයෙන්ම අනාගෙන ඉවරයි.
ජනාධිපති අනුර අනාගෙන.අනුරට වඩා සිය දහස් ගුණයක් ජවිපෙ මාලිමා ආණ්ඩුවේ මැති ඇමති සෙට් එක අනාගෙන.මේ අනාගනීම ප්‍රදේශීය සහා නගර සභා දක්වා ගෙනියන ඡන්දය තමයි මේක. දැන් අපිට අහන්න දකින්න ලැබෙන්නේ රජයේ වාහනවල හරක්ට තණකොල අදිනවා වගේ සිද්ධි එකයි දෙකයි.ජවිපෙට ප්‍රාදේශීය සභාවල බලය ගියොත් ප්‍රදේශීය සභාවේ සියලු වාහන අවභාවිතා වෙනවා.ජවිපෙ පෝස්ටර් කැම්පේන් කරන්න පවා. ඒ වාහන යොදා ගන්නවාම තමයි.
මොකද ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීලා වෙන්නේ දැනට ජවිපෙ පෝස්ටර් ගහන සෙට් එක. ඊට උඩින් මාලිමා කණ්ඩායමක් ගෙනත් දාන්න ජවිපෙ පැත්තෙන් හැදුවත් ජවිපෙ පහල බලවේගය ඒකට දැන් එකඟ නෑ.ඇත්තටම මාලිමාවෙන් ඡන්දය ඉල්ලන්න බලාගෙනම පොහොට්ටුවෙන් ගැලවිලා ආව ලොකු පිරිසක් ඉන්නවා.ඒ අර පරණ කොන්ත්‍රාත්කාරයෝ ටිකම තමයි.එයාලට නායකත්වය දෙන්න මේ පාර ගමේ ඉන්න ජෙප්පා කැමති නෑ.
ඒ වගේම ගමේ ජෙප්පා දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමතිත් නෑ.එයාලා ස්වේච්ඡා සේවය පක්ෂයට එකතු කළේ සමාජවාදය වෙනුවෙන්. දැන් මේ ඉන්න මජර ඇමතිලා වෙනුවෙන් ඒ දායකත්වයට දෙන්න එයාලා එකඟ නෑ.දැන් උඩ ඉන්න ඇමතිලා ගොඩක් ව්‍යාපාරිකයෝ එකක් අත යට ගනුදෙනු කරනවා.එයාලා කෙලින්ම තමන්ගේම ගාණ කීයද කියලා අහනවා.එහෙම සාකච්ඡා කීපයක් පහුගිය දවස්වල සිද්ධවුනා. මේක දැන් පහල ජවිපෙ බලවේගවලට රහසක් නෙවෙයි.
බිමල්ලා තවමත් ලැජ්ජා නැතිව වැලිව්ස් ගැන කතා කරනවා.වාරයේ ගොඩබාලා තියෙන කන්ටේනර් 323 පිට පාරෙන් යන්න අනුමැතිය දෙනවා.නැවි තිහක් ආපහු හරවගෙන යනකං බිමල් උඩ බලාගෙන හිටලා.රටේ ජාතික ආරක්ෂාව බල්ලට දාලා වැලිව්ස් ගැන කතා කරනවා.අපි නොදන්න ජෙප්පන්ගේ වැලිව්ස්.ඒක නිසා ජවිපෙ පහල දැන් බොහෝ දුරට නොසන්සුන්.එයාලත් දැන් මේ මජර දේශපාලනය ඇතුලේ තමන්ගේම කොටස ඉල්ලනවා.
ඒක නොදී ඉන්න මේ පාර ජවිපෙට බෑ.රටේ රාළ කියන්නේ ජවිපෙ – මාලිමා ආණ්ඩුව පෙන්නමින් ඉන්න මේ නොහැකියාව ගමේ පුංචි ආණ්ඩුවටත් බෝ වෙනවා.රටම මොකුත් නොකෙරෙන කයිවාරු විතරක් ගහන තැනක් බවට රටම පත්වෙනවා.මේ තත්වය යටතේ තමයි ජවිපෙට එරෙහි පලවෙනි ජනතා නැගිටීම එන්නේ.ඒ විරෝධයේ පළවෙනි ගොදුර බවට පත්වෙන්නේ ගමේ ඉන්න ජවිපෙ පලාත් පාලන මන්ත්‍රීවරයා. එයා ජවිපෙ ඇතුලේ හිටිය කාඩර් කෙනෙක් එතනදී එන දේශපාලන අභියෝගයට මුහුණ දෙන්න එයාට බහුජන හැකියාවක් නෑ.
ඕක තමයි පලාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කලොත් ජවිපෙට අත්වෙන ඉරණම. පරාජය උනොත් ඉතින් කොහොමත් පරාදයි. හැබැයි මේ කියන ඩැමේජ් එක වෙන්නේ නෑ.ඒක නිසා ජවිපෙට අයවැයෙන් පස්සේ එන මාරාන්තික අභියෝගය බවට පත්වෙන්නේ පලාත් පාලන මැතිවරණය.ඇත්තටම ජවිපෙන් ඉක්මණින් රට ගලවා ගන්න ඕනි නං ඒකට තියන හොඳමදේ තමයි ජවිපෙට පලාත් පාලන ආයතනවල බලය දෙන එක.
ඒකෙන් තමයි තහවුරු වෙන්නේ ජවිපෙ ඔක්කොටෝම මෙලෝ දෙයක් බෑ කියලා.ඒකයි රටේ රාළ කියන්නේ ඒ මානසිකත්වයත් එක්ක තමයි අපේ රටේ ඊළඟට ජනතා නැගිටීමට එන්නේ.ඒ ජනතා නැගිටීමෙන් විපක්ෂයටත් ලොකු බලපෑමක් වෙනවා.ඒ තමයි විපක්ෂය එක කඳවුරක් වෙන්න ඕනි කියන බලපෑම.එලියේ ගොඩනැගෙන ආණ්ඩු විරෝධී බලවේගයෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ බලවේගයෙත් පොදු හතුරා බවට ජවිපෙ මාලිමා ආණ්ඩුව පත්වෙන මොහොතක් එනවා.
ඒ මොහොත ගොඩක් වෙලාවට පලාත් සභා මැතිවරණයට එනකොට උදාවෙලා තියෙයි. ගොඩක් වෙලාවට අපේ රටේ ජනතාව පලාත් සභා මැතිවරණය ආණ්ඩුවට තමන්ගේ තියන විරෝධය ප්‍රකාශ කරන ජනමත විචාරණයක් බවට පත් කරගන්න එක නවත්තන්න කාටවත් බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *