අයවැය විවාදය ලබන පෙබරවාරි 17 වෙනිදාය පටන් අරන් මාර්තු 21 වෙනිදායින් අවසන් වෙන්න නියමිතයි.මාලිමා ආණ්ඩුව මොනවිදිහේ අයවැයක් ඉදිරිපත් කලත් ඒක සම්මතවීම සම්බන්ධව ගැටළුවක් නෑ.තුනෙන් දෙකකින් අයවැය සම්මත වෙනවා.ඒ සම්බන්ධව බයක් මාලිමා ආණ්ඩුවට නෑ.
හැබැයි ප්රශ්නය තියෙන්නේ අනුර ඇතුළු ජවිපෙ – මාලිමා නායකයන් මැතිවරණයේදි දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න පුළුවන්ද කියන එක සහ අඩුම ගානේ අනුරලා කියපු ආර්ථික ගමනට අවශ්‍ය පදනම හරි මේ අයවැයෙන් දාන්න පුළුවන්ද කියන එකයි.මොකද අනුරලා කියපුවා දැන් ” අපි එහෙම කිව්වේ නෑ ” කියලා බේරෙන්න බෑ.ඒවා මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනවල සදහන් වෙලා තියනවා.
ජවිපෙ නායකයන්ට ඉස්සර කියපුවා අපි කිව්වේ නෑ කියලා අනිත් පැත්ත හැරෙන්නත් ඉස්සෙල්ලා ඒ විඩියෝ එක අන්තර්ජාලයට අප්ලෝඩ් වෙනවා.ඒ බව දැන දැනත් ඒවා අපි කිව්වේ නෑ කියන තරමට ලැජ්ජා නැති පිරිසක් බවට අනුර ඇතුළු ජවිපෙ, මාලිමා කණ්ඩායම පත්වෙලා.ජවිපෙ දුන්න සියලු මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කරන්න අඩිතාලම දාන්න ඕනි මේ අයවැයෙන්.හැබැයි එහෙම දේකට අනුරවත්,මුදල් අමාත්‍යාංශයවත්,මාලිමාවේ ආර්ථික කමිටුවවත් ලෑස්ති වෙන බවක් නං පේන්නේ නෑ.
ඇත්තටම ආණ්ඩුවට මේ අයවැය හදන්න වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙන මාර්ගෝපදේශයන්ට යටත්වයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙන මාර්ගෝපදේශ ඇතුලේ අපට යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්.ඒ කියන්නේ ඒ රාමුව ඇතුලේ ඉදන් අවශ්‍ය ක්ෂේත්රවලට සහන දෙන්න පුළුවන්.රාජ්‍ය සේවයට පඩි වැඩිකිරීමක්, ගොවියට ධීවරයට,වතු කම්කරුව,අඩු ආදායම් ලාභීන්ට සහන දෙන්න බාධාවක් නෑ.
හැබැයි ඒ ආදායම් යොයන විදිහට පෙන්නන්න ඕනි.එහෙම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙන මාර්ගෝපදේශත් එක්ක ඉදිරියට යන්න වෙලා තියෙන්නේ.ඒවා කඩ කරන්න බෑ.ඒ වැඩේට තමයි ආර්ථික විශේෂඥයින්ගේ සහය ඕනි.මේ අභියෝගයත් එක්ක කොහොමද පුනරුදය යුගයට යන්න පදනම දාන්නේ කියන වගකීම තියෙන්නේ ආණ්ඩුවේ ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතේ.මාලිමාවට එහෙම අය ඉන්නවද නැද්ද කියලා කියන්න අපි දන්නේ නෑ.
අනුරලා ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වේ සියලු සැලසුම් හදලා ක්‍රියාත්මක කරන්න බලාගෙන ඉන්නේ කියලයි.ඇත්තටම රනිල් ගිය අවුරුද්දේදී රටට සැලකිය යුතු ආර්ථිකය පදනමක් දාලා දුන්නා.දැන් ඒ ආර්ථික පදනම ඉස්සරහට ගෙනියන්න ඕනි.ඒක develop කරන්න ඕනි.රනිල් හිටියානම් මේ පාර එන්නේ සංවර්ධන අයවැයක්.ඒක අභියෝගාත්මකතයි තමයි.හැබැයි අනුරලා යන්න ඕනි එතෙන්ට.එහෙම පදනමක් දාපු අයවැයක් ඉදිරිපත් කරන්න අනුරගේ සුදානමක් තියෙන බව විසර්ජන පනත් කෙටුම්පත දිහා බලද්දී රටේ රාළට නං පේන්නේ නැහැ.
අනුරට අයවැය සම්මත කිරීමේ ගැටළුවක් නැති උනත් අයවැය හැදීමේ ගැටලුවක් තියනවා.IMF කොන්දේසිවලට අනුව අයවැයක් හදන එකත් ලොකු දෙයක් නෙවෙයි.හැබැයි IMF මාර්ගෝපදේශ මත පදනම්වෙලා සහන දෙන සහ සංවර්ධන අයවැයක් හදන එක අනුරට අභියෝගයක්.ජවිපෙ කුලී ලියන්නෝ ටික මහ ලොකුවට කෑගැහුව චීන සන්දර්ශණයත් දැන් අවසන්.චීනේ ගිහින් අනුර ගෙනාවා කියන සයිනෝපෙක් ආයෝජනයේ වාසියත් අනුරට ගන්න බැරිවුනා.
ඒකේ සැලකිය යුතු කොටසක් රනිල්ට සහ කාංචනටත් දෙන්න සිද්ධවුනා.දැන් ජවිපෙට තියෙන්නේ අයවැය සන්දර්ශණය විතරයි.රටේ රාළ හිතන්නේ අයවැයෙන් පස්සේ සන්දර්ශණ ඉවරයි කියලයි.ඊට පස්සේ ජවිපෙට ඉතිරි වෙනවා නං ඉතිරි වෙන්නේ හොරු අල්ලන සංදර්ශනයේ ජවනිකා කීපයක් විතරයි.එතනින් එහාට තමයි ගැටුම එන්නේ.ඒ කියන්නේ ආණ්ඩුව සහ විපක්ෂය අතර ගැටුම නෙවෙයි.ආණ්ඩුව සහ ජනතාව අතර ගැටුම.දැනටමත් ආණ්ඩුව සහ ජනතාව අතර නිර්මාණය වෙන ගැටුමේ පෙර නිමිති හතර වටෙන් පහල වෙමින් තියනවා.
ජනතාව ජවිපෙට එරෙහිව පාරට බහිනවා.පහුගිය දවසක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව පාරට බැහැලා ආණ්ඩුව එරෙහිව උද්ඝෝෂණ කරන හැටි අපි දැක්කා.ඇත්තටම තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට එනවා.මෙතනදී ගොවියෝ සහ ශිෂ්‍ය අරගල මුලින් පටන් ගනී කියලා හිතන්න පුලුවන්.ඒ එක්කම ඒවා රාජ්‍ය සේවය දක්වා ව්‍යාප්ත වෙයි.දැනටමත් මේ ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ භාෂණයේ නිදහසට වැට බැදලා තියෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුලේ ඒ මර්ධනය දැඩ්ව ක්‍රියාත්මක වෙනවා.පහුගිය දවස්වලට ජෙප්පන්ට සහ බයියන්ට තිබුණ ලොකුම අවියක් තමයි සමුපකාර ඡන්ද.ගොඩක් තැන්වල පහුගිය කාලේ මාලිමා කණ්ඩායම 100% ක ජයග්‍රහණ ගත්තා.හැබැයි අද වෙනකොට සමුපකාර ඡන්ද පවා පරදීන තැනට ජවිපෙ පත්වෙලා.ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ මාලිමා කණ්ඩායම් සමුපකාරය ඡන්දවලට පවා ලොකු පෝස්ටර් කැම්පේන් කරලා තිබුණා.
අනුර පරිසරයට ක්ලීන් කරන්න කියද්දී ගෝලයේ ගමේ තාප්ප ඔක්කොම අපවිත්‍ර කරනවා.අපි දන්නවා අයවැයෙන් පස්සේ පලාත් පාලන ඡන්දය තියන්න ඕනි.අනුර කියන විදියට සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා පලාත් පාලන ඡන්දය තියනවා. ජනාධීපති මන්දිරය,පාර්ලිමේන්තුව සුද්ද කරන්න ශ්‍රමදාන දාපු අය ඊළඟට පලාත් පාලන ආයතනයත් සුද්ද කරන්න කියාගෙන එයි.හැබැයි ජනතාවට ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී කියපු තරම් බරෙන් ජවිපෙට ආය ඒ කතාව කියන්න බෑ.
මොකද බලය ගත්තට පස්සේ ජවිපෙ ගොඩක් තැන් අපවිත්‍ර කරලා ඉවරයි.ජවිපෙ යම් විදිහකින් පලාත් පාලන ඡන්දය තිබ්බොත් මහ පොලොවේ තියුණු අභියෝගයක් එනවා.රටේ රාළ නං කියන්නේ පලාත් පාලන ආයතනවල ජයග්‍රහණය ජවිපෙට යන්න ඕනි කියලයි.මොකද එතකොට එයාලා ආයෙත් කොහේවත් බාධක නෑ.එයාලගේ සැලැස්මට අනුව රට හදන්න පුළුවන්.ඒවගේම බැරිවුනොත් ජනතාවටත් ගෙඩිය පිටින්ම ගලවලා දාන්න පුළුවන්.හරියට පොහොට්ටුවට සහමුලින්ම ගලවලා දැම්මා වගේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.