ආචාර්ය යැයි කියාගන්නා කථානායක අශෝක සපුමල් රන්වලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් අත්සන් කරන්න පටන් අරන්.බයියෝ නං ගණන් බලන්නේ ආණ්ඩුවට 159 යි.විපක්ෂයට 66 යි අවුලක් නෑ කියලයි.බයියන්ට දේශපාලන ආතල් දෙන නාමල් කරුණාරත්නලා,වසන්ත සමරසිංහලා කියන්නෙත් එහෙමයි.එයාලා හිතාගෙන ඉන්නේ අංක ගණිතයෙන් ඕනිම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් කියලා.
එයාලගේ ගණන් බැලීමට අනුව හැමවෙලේම බහුතරය දිනුම්.හැබැයි සුළුතර බලය බහුතරය අභිබවා යන අවස්ථා ඕනි තරම් තියනවා.මේ විශ්වාසභංගයට ඉස්සෙල්ලා රන්වල සහෝදරයා කථානායක තනතුරෙන් ඉල්ලා අස්කර ගත්තේ නැත්තං අපිට එහෙම අවස්ථාවක් බලන්න අවස්ථාව ලැබෙනවා.කථානායක ඉල්ලා අස්වෙන්නේ නැත්තං කථානායකට එරෙහිව විශ්වාසභංගක් ගේන්න ඕනි කියන යෝජනාව ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ රටේ රාළ.
රටේ රාළගේ තක්සේරුවට අනුව ආණ්ඩුවේ 159 ඉක්මවා යන බලයක් විපක්ෂයේ 66 දෙනාට මේ ප්රශ්නයේදී තියනවා.එතන තියෙන්නේ බලයන් කීපයක එකතුවක්.විපක්ෂය සම්බන්ධව අපේ රටේ ජනතාවගේ ලොකු විශ්වාසයක් නෑ. විපක්ෂයට වඩා සිය දහස් ගුණයක විශ්වාසයක් ජනතාව මාලිමාව කෙරෙහි තිබ්බා.විශ්වාස නොකරපු කෙනෙක් විශ්වාස කඩ කරනවාට වඩා විශ්වාස කරපු කෙනෙක් විශ්වාස කඩ කරද්දී ඒක තදින්ම දැනෙනවා.තදින් රිදෙනවා.
ඒ රිදීම තමයි සමාජයෙන් මේ විදිහට පිටවෙමින් තියෙන්නේ.ඒ වේදනාව නිසා ඇතිවෙලා තියෙන කැලඹිම තමයි මේ තියෙන්නේ.ඒක නිසා රන්වලට එරෙහිව එසවෙන අත් හැටහයත් එක්ක ඉස්සෙන්න තවත් කොටියක් අත් එලියේ තියනවා. මාලිමාව වෙනුවෙන් එසවුන අත් විශාල ප්‍රමාණයකුත් එතන තියනවා.ඇත්තටම මේ වෙලාවේ සදාචාර බලය තියෙන්නේ විශ්වාසභංගය ඉදිරිපත් කරන පාර්ශවය අතේ. මොකද ඒක ඇත්ත කතාවක්.
දැන් මේ ප්රශ්නය සම්පුර්ණයෙන්ම අපේ රටේ තානාපති කාර්යාල විසින් මොනිටර් කරන ප්‍රශ්නයක් වෙලා ඉවරයි.
ජවිපෙට තියෙන ඡන්ද 158 රන්වලට පක්ෂව, එහෙමත් නැත්තං විශ්වාසභංගට එරෙහිව දෙන්න බෑ.එයාලා විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දෙනවා කියන්නේ දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක්.ජවිපෙ දේශපාලනය වශයෙන් මේ වෙලාවේ සියදිවි නසාගනී කියලා රටේ රාළට හිතන්නේ නෑ.හැබැයි මෙතනදී ජවිපෙට රන්වල විතරක් බිල්ලට දීලා බේරෙන්න බෑ.මාලිමාව ඇතුලේ ඉන්න අනිත් හොර ආචාර්යලාට මොකද කරන්නේ කියන ප්‍රශ්නයත් ඒ එක්කම එනවා.එයාලටත් එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් වෙන්න පුළුවන්.
ඒවාට වෙන උත්තර හොයන්න උනත් ජවිපෙට මෙතනදී දේශපාලන වශයෙන් Full Naked නොවී ඉන්න එක වැදගත්.
මෙතනදී අධිකරණ ඇමරි හර්ෂණ නානායක්කාර, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක මැතිවරණය කාලය පුරාම සහ පාර්ලිමේන්තු ඇතුලේ පෙනී හිටියේ ආචාර්යවරුන් විදිහට. එයාලා සම්බන්ධව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මුලදී සදහන් උනේ දෙන්නම ආචාර්යවරුන් විදිහට.නමුත් ඊයේ වෙනකොට එයාලගේ ආචාර්ය පට්ටම් ගලවලා Hon.විතරක් වෙලා තිබුණා.අනුර කරුණාතිලකගේ LinkedIn Profile දෙකත් Hide කරලා.
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවෙන් උන අඩුවක් විදිහට සදහන් නිවේදනයක් නිකුත් කරලා තියනවා. ඒක ගැන pending තියමු.
මේ වැඩෙන් මාලිමා ආණ්ඩුවේ ඉන්න ඇත්ත ආචාර්ය,මහාචාර්ය ඇමති මන්ත්‍රීවරුන්ගේත් අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව බරපතල සැකයක් ඇතිවෙනවා.
ඒ වගේම මහා ලොකු උගත්තු කියලා අනුරලා ගෙනාපු උපදේශකයෝ,රාජ්‍ය ආයතනවලට දාපු උගත් බුද්ධිමතුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව බරපතල ප්‍රශ්නක් එනවා.ඇත්තටම ඉතා දුෂ්කර තත්වයන් යටතේ ඉගෙනුම ලබලා තමන්ගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු අයටත් මේකෙන් වෙන්නේ මහා අවමානයක්. එයාලා දිහාත් දැන් ජනතාව බලන්නේ සැකයෙන්. ඒක නිසා මේ දේශපාලන තක්කඩි රැල ආචාර්ය උපාධිය කියන එක අර මොකාද එකාගේ ගානටම දාලා ඉවරයි.
ඊළඟට මේ හොර ආචාර්යවරු විදිහට පෙනී හිටලා තීයෙන්නේ කවුද?අපේ රටේ තුන්වන පුරවැසියා උන කථානායක,නාගරික සංවර්ධන ඇමති.මේක රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් රට බරපතල විදිහට ලෝකය ඉස්සරහා හැල්ලු කිරීමක්.නිකං හිතන්නකෝ අපේ රටේ මේ ජාතියේ ඇමති කෙනෙක් ජාත්‍යන්තර සම්මේලණයකට යනවා කියලා.ඒ හැම වෙලේම එයාගේ CV එක පරීක්ෂාවට ලක්වෙනවා.
ආචාර්ය මහාචාර්යවරුන්ගේ විෂයන්, ජ්යෙෂ්ඨත්වයන් අඟැයිම වෙනුවෙන් එහෙම කරනවා.නිකං හිතන්නකෝ ඒ වගේ තැනකදී ඔහොම එකක් මාට්ටු උනොත් රටට මොනතරම් අප්රසාදයක්ද?අනික දැන් තානාපති සේවයේ ඔක්කොම මේ සියල්ල දන්නවා.දැනටමත් වෙන්න ඕනි හානියේ කොටසක් වෙලා ඉවරයි.ඒක නිසා ජවිපෙට රෙදි ඇඳගෙන නං සහෝදර රන්වල වෙනුවෙන් පෙනී ඉන්න බෑ.මෙයාලා නං නියම ලිං මැඩියෝම ටිකක් තමයි.මේවා අහුවෙන එකක් නෑ කියලා හිතපු ගංකබර සෙට් එකක්.
ජවිපෙට මෙතනදී කාටවත් අඩුපඩු දික්කරලා චන්ඩි පාට් දාන්න බෑ.ජනතාව මේ ප්‍රශ්න කරන්නේ උපාධිවලටත් වැඩිය කෝ ජවිපෙ නායකයන්ගේ තියනවා කියපු සත්‍යවාදී බව,කෝ තියනවා කියපු නිහතමානිකම,කෝ මාලිමාවේ මිනිස්සුන්ගේ අවංකකම කියලයි.ජවිපෙ වල් පැල ගලවලා මල් පැල හිටවන්න කථා කරනකොටම රටේ රාළ කිව්වා ඕවා වඳ මල් පැල කියලා.වඳ ගහේ මල් තිබුණට ගෙඩි හැදෙන්නේ නෑ.රටේ රාළ කියපු කතාව දැන් ජවිපෙ විසින්ම ඔප්පු කරලා ඉවරයි.
දැන් ඕනි නං දාර බයියෙකුට කියන්න පුලුවන් එයාලා පක්ෂයට බොරු කරලා ඒකට අනුරලා, ටිල්වින්ලා,විජිතලා මොනවා කරන්නද කියලා.
රටේ රාළ මේ ප්රශ්නයේදී රන්වලටවත්,අනුර කරුණාතිලකටවත්,හර්ෂණ නානායක්කාරටවත් දොස් කියන්නේ නෑ.එදා ජවිපෙ boody එකට සමාජිකයන් ඇතුළු කර ගනිද්දී ශක්තිමත් පෙරහනකින් පෙරලයි ඇතුලට ගත්තේ.ගත්ත අය අතර සාමාන්‍ය මිනිස්සු,විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, ආචාර්ය,මහාචාර්යවරුන්,වෘත්තිකයෝ ඔය හැම වර්ගයේම අය හිටියා.හැබැයි ඒ අයගේ මුලික සුදුසුකම උනේ කැපවීම.කැපවීම් කරපු අය සහ කැපවීමි කරන්න ලෑස්ති මිනිසුන්ට තමයි ජවිපෙ අධ්‍යාපන වැඩපිලිවෙල පටන් ගත්තේ.
ඒ හරහා තමයි දේශපාලනයේ මහා ගස් නිර්මාණය වුනේ.හැබැයි අනුරලා ඒ කැපකිරීමට එකඟවුන මිනිස්සු නෙවෙයි.අනුර පක්ෂයේ පූර්ණකාලීන වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ උපාධිය නිසයි.පසුකාලීනව බිමල් උපාධිය දාලා පක්ෂයේ පූර්ණකාලීන වුනා.අදත් බිමල්ට ඒ පෞරුෂය ඇති.අනුර,ටිල්වින්,විඡිතලා තමයි මේ පක්ෂයේ තිබුණ කැපකිරීමේ දේශපාලනය අයින් කරලා සහතික බලන දේශපාලනයට හුරු කළේ.
දැන් අනුරලා හදපු පක්ෂයට එන්න හොර සහතික හදාගෙන කට්ටිය පොලිමේ ඉන්නවා.ඒ සංස්කෘතිය හැදුවේ අනුරලා.රන්වලට එන විශ්වාසභංගය ඉස්සරසා රන්වල ඉල්ලා අස්කර ගැනීම හැර වෙන උත්තරයක් ජවිපෙට නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.