වෛද්‍ය සභාවට අවුරුදු සීයයකට ආසන්න වෙලත් අවම ප්‍රමිතීන් ගැසට් කරගන්න හැකි වෙලා නැහැ – සමන් රත්නප්‍රිය

1923 තමයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හැදිලා තියෙන්නෙ. 1926 තමයි වෛද්‍ය සභාව පටන් අරන් තියෙන්නෙ. එදා ඉඳලා 2017 දක්වා අවම ප්‍රමිතීන් ගැසට් කරගන්න වෛද්‍ය සභාවට හැකියාවක් ලැබුනෙ නැහැ. එතකොට තොයිතරම් දුර්වල ද කියන එක එකපැත්තකින් හිතා ගන්න පුළුවන්. එනික් පැත්තෙන් කිසිම උවමනාවක් මේ සම්බන්ධයෙන් තිබුණෙ නෑ කියන කාරණය ඉතාම පැහැදිලිව තර්කානුකූලව මතු කරගන්න පුළුවන්.

පත්වීම් දෙන ලේඛන‍යක නමක් දෙකක් වෙනස් වුනාම දවසක් දෙකක් වැඩ වර්ජනය කරල ඒ ලේඛනය හදන වෛද්‍ය සංගමයට 1923 සිට 2017 දක්වා වෛද්‍ය උපාධිය දෙන විශ්වවිද්‍යාලවල තිබිය යුතු අවම ප්‍රමිතීන් ගැසට් කරගන්න බැරි වුණා නම්, එය හිතාමතා මගහැරීමක් බව ඉතා පැහැදිලියි. මට ඒක කියන්න තර්ක කීපයක් තියෙනව. දැන් අවම ප්‍රමිතින් හදල තියනව. පසුගිය සතියෙ වෛද්‍ය පීඨවල සියලුම පීඨාධිපතිවරුන් කැ‍ඳෙව්වා සෞඛ්‍ය අමාත්‍යංශයට. කැඳවල ඒ ගොල්ලො එක්ක සාකච්ඡා කෙරුව. ඒ අය අවම ප්‍රමිතීන් පිළිගත්තා. පිළිඅරගෙන අවම ප්‍රමිතීන් ගැසට් කරන්න යවල තියනව. ඒක ඉදිරියෙදි එයි.

මූලික කාරණා දෙකක් තියනව. එකක් තමයි ස්ටුඩන්ට් ලෙක්චර් කියන එක. ඒ කියන්නෙ වෛද්‍ය පීඨයෙ ඉන්න සිසුන්ගෙ ප්‍රමාණයට දේශකයන් කොපමණක් ඉන්න ඕනද කියන එක. අනුපාතය කොපමණද කියන එක. ජාත්‍යන්තර අනුමැතිය හා නිර්දේශය තමයි එකට අට. ලංකාවේ අවම ප්‍රමාණය වශයෙන් සඳහන් කරල තියෙන්නෙ එකට දාහතරක් වශයෙන්. ඇයි මේ අට එකට දාහතර කරන්නේ? මෙහෙ එකට අට කෙරුව නම් අන්වාර්යෙන්ම අග්නිදිග විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වහන්න වෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වහන්න වෙනවා. එකට අටේ ප්‍රමාණයට ඒ තැන්වල ආචාර්යවරු මහචාර්යවරු නෑ. එක නිසා එකට දාහතර කියල දැම්මා. අපිට කමක් නැහැ ඒ ගොල්ලන්ට ගැලපෙන විදිහට මේවා හදාගත්තට. ඒ ‍වගේ අඩුපාඩු මේ රටේ රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල තියෙද්දි, සයිටම් විශ්වවිද්‍යාලෙ විතරක් අඩුපාඩු මතුකරන එක මේ වෛද්‍ය සංගම්වලට, ශිෂ්‍ය සංගම්වලට, මේ දේශපාලන කණ්ඩායම්වලට ගැලපෙනවද කියන එක තමයි අපි අහන්නෙ?

කොහොම වුණත් ඒ පීඨාධිපතිවරුන්ගෙ හඬට කන්දීලා, සංගම්වල හඬට කන්දීලා, අවම ප්‍රමිතීන් ගැසට් කරන්න යවල තියෙනව. අපි ඒක හොඳ දෙයක් විදිහට දකිනව. ඒ නිසා ඒවත් කරල තියනව නම්, දැන් මේ ප්‍රශ්නෙ යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන, ශිෂ්‍යයන්ගෙ පැත්තෙන් මේකට ධනාත්මකව ඇහුම්කන් දීලා, මේ ප්‍රශ්නය අවසාන කරගත යුතුව තියනව.  හැබැයි එහෙම අවසාන කරගන්න ලෑස්ති නැතුව, දිගින් දිගටම දේශපාලන කාරණාවක් බවට මෙය පරිවර්තනය කරන්න හදනව නම්, විධායකයට, ආණ්ඩුවට අපි කියනව මේ රටේ ආර්ථිකය කියන කාරණාව ගැන බලල, රටේ ආයෝජන කියන කාරණාව ගැන බලල, පෞද්ගලික අධ්‍යාපනය යථාර්ථයක් කියන කාරණය ගැන බලල, හරි විදිහට කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරන්න.

විධායකය කොන්ද කෙළින් තියාගෙන කටයුතු නොකර රට ඉස්සරහට ගෙනියන්න බෑ. එහෙම නැතුව බොරු තරක්වලට අහුවෙන්නැතුව, යටවෙන්නැතුව කටයුතුකළයුතුයි කියන බලපෑමත් අපි කරනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *