ව්‍යවස්ථාව ගැන බොරු බිල්ලන් මැවීමට එරෙහිව ජවිපෙ පෙරට
පසුගිය දිනවල සිදුවූ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ සංවාදය මැකී යමින් තිබියදී මේ දිනවල මාතෘකාව බවට පත්ව ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගැනය. ඇතැම්හු කියා සිටින්නේ එය ෆෙඩරල් හා රට බෙදන ව්‍යවස්ථාවක් බවය. තවත් පිරිසකට මර උගුලකි. මේ සම්බන්ධයෙන් ඇතැම්හු ජවිපෙටත් චෝදනාවක් එල්ල කරති. ජවිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය පළවෙනිදා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළහ. ”සුමන්තිරන් කියලා තිබුණා පෙබරවාරි 04ට කලින් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපිවත් සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඒක අල්ලගෙන ජවිපෙට ගහන්න පටන් අරගෙන.” බිමල් රත්නායක කීවේය. ” අපේ රටේ බොරු බිල්ලෝ මවන කණ්ඩායමක් ඉන්නවා. රාජපක්ෂ කණ්ඩායමට ජාතිවාදය නැතුව දේශපාලනයක් නෑ. ඒ අය තමයි මේ බොරු මත හදන්නේ. ජවිපෙ රට බෙදන යෝජනා ගේන හැමවෙලාවෙම පාරට බැහැලා ඒවා පැරද්දුවා. ඒවා දේශපාලනය ගැන අවබෝදයක් තියෙන ජනතාව දන්නවා. පැකේජයට එරෙහිව මුලින්ම පාරට බැස්සේ අපි. සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව ඇමතිකම් දාලා ආණ්ඩුවෙන් එළියට බැස්සා. සමහරු ඇඳන් යට හැංගිලා ඉන්නකොට උතුර නැගෙනහිර වෙන්කරන්න නඩු කිව්වේ අපි. ඒ නිසා රට බෙදන යෝජනාවලට අපි විරුද්ධයි කියලා අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හැමදාමත් ජවිපෙට මඩ ගහන අය අලූත් විදියට මඩ අවලාද පොම්ප කරනවා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.
”නව ව්‍යවස්ථාවක් ඕනෑ කියන එක අපි ඉන්න ස්ථාවරය. 78 ජේ.ආර්.ගෙ ව්‍යවස්ථාව වෙනුවට සියලූම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ප්රජාතන්ත්රවාදය තහවුරු ව්‍යවස්ථාවක් දැන් රටට ඕනෑ. නමුත් රනිල්ගෙ, සුමන්තිරන්ගෙ හෝ මහින්දගේ ඔලූවේ ඇතිවෙන හිතලූවලට අනුව ව්‍යවස්ථා හදන්න බැහැ. පාර්ලිමේන්තුවේ 2016 යෝජනා කළේ මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරන්න. ඒ අනුව තමයි ක්‍රමවේදය සකස් වෙන්නේ. මහින්දගේ කණ්ඩායමත් ඒකෙ ඉන්නවා. විශාල ක්‍රියාවලියක් තියෙනවා. අඩුම තරමේ තවම කෙටුම්පතක්වත් නැහැ. ඒක හැදුවත් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕනෑ. මහින්දගෙ කණ්ඩායම නැතුව 2/3ක් ගන්නත් බැහැ. ජනමතවිචාරණයක් ඕනෑ. එහෙම තියෙද්දී බොරු බිල්ලෝ මවනවා. කණගාටුවට කරුණ බොරු සමාජගත කරන්න මාධ්‍යත් හවුල් වෙන එකයි.” අනුර දිසානායක කීවේය. ”කුමන්ත්‍රණ කරලා කුජීත වෙලා ඉන්න රාජපක්ෂ කණ්ඩායම දැන් පරාජය වහගන්න ජාතිවාදය වපුරනවා දකුණේ. ඒකට හරියන්න උතුරේ කණ්ඩායම් ජාතිවාදී ප්‍රකාශ කරනවා. මේ අයට ජාතිවාදය තමයි එකම තුරුම්පුව. 2019 මැතිවරණ වසරක් නිසා ඡුන්ද ගොඩ වැඩිකරගන්න හදන්නේ ජාතිවාදය වපුරලා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”අපේ රටේ මාධ්‍යයත් වගකීමෙන් වාර්තා කරන්න ඕනෑ. ඇතැම් දේශපාලන කණ්ඩායම් කියන ඕනෑම බොරුවක් ප්‍රචාරය කරන්න ගියාම බොරු මතයක් තමයි සමාජගත වෙන්නේ. අද ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගිහින්. ව්‍යාජ ප්‍රශ්න වොයිස්කට්වලින් ප්‍රශ්න බවට පත්කරනවා. ඒ නිසා අපේ අරමුණ විය යුත්තේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න උඩට ගන්න එකයි. මේ අවුරුද්දට අයවැයක් නැහැ. වැටුප් වැඩිවීම් නැහැ. ගොවියගෙ ධීවරයගේ ප්‍රශ්න කතා කෙරෙන්නේ නැහැ. බොරු මාධ්‍ය සංදර්ශන ටිකක් විතරයි පේන්න තියෙන්නේ.” ලාල්කාන්ත කියා සිටියේය.
ආණ්ඩු කුමන්ත්‍රණ අස්සේ ‘ගුරුගෙදර’ කුමන්ත්රණයත් පරාදයි
”පක්ෂය මැදිහත් වෙලා රටේ කුමන්ත්‍රණය පරද්දනකොට ගුරු සංගමය ‘ගුරුගෙදර’ කුමන්ත්රණයත් පරාජය කළා.” ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහ ජයසිංහ විජිත හේරත්ට මෙසේ පැවසුවේ ‘ගුරුගෙදර’ සිදුවීම සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් අතරතුරය.
‘ගුරුගෙදර’ හෙවත් අධ්‍යාපන සේවා වෘත්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ පාලනය හොබවන්නේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා ගුරුසේවා සංගමය විසිනි. එහි 2016 පැවැති ඡුන්දයෙන් දෙවැනි වරටත් ලංකා ගුරු සේවා සංගමය 90% අධික ඡුන්ද ප්‍රමාණයක් ලබාගෙන පාලනය බලය දිනාගන්නා ලදී. කෙසේ වෙතත් පළමු වතාවේ 2009දී ඡුන්දයෙන් බලයට පත් ලංකා ගුරුසේවා සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් 2011 බලහත්කාරයෙන් සමූපකාර සමිතිය පවරාගත්තේ මහින්ද රාජපක්ෂ පාලනය සමයේ වෙළඳ ඇමතිවූ ජොන්ස්ටන් ප්‍රනාන්දුය. ඔහු විසින් පත්කළ අතුරුපාලක මණ්ඩලය 2016 දක්වා ගුරුගෙදර පාලනය කළහ. අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ වර්තමානයේ පොදු ජන පෙරමුණේ ලේකම්වරයා බවද පැවසේ. එවකට මිලියන 500ක පමණ ආදායමක් ලැබූ ගුරුගෙදර ආදායම් මට්ටමද පහළ දැමූ අතුරු පාලක මණ්ඩලය වාංචා ¥ෂණ නාස්තියෙන් විශාල මුදලක් ගුරුගෙදරට අහිමි කර තිබේ. කෙසේ වෙතත් 2016න් පසුව බලය ලබාගත් ගුරුසේවා සංගමය 2011 සිට 2016 දක්වා ගුරුගෙදර සිදුවූ වංචා ¥ෂණ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරගෙන යෑම ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ හිටපු සභාපතිනිය ලවා නඩුවක් ගොනු කොට ගුරුගෙදර වත්මන් අධ්යක්ෂ මණ්ඩලය වාරණය කරන ලදී. නමුත් ලංකා ගුරුසේවා සංගමය විසින් කරුණු දැක්වීමෙන් පසුව අධිකරණය විසින් වත්මන් අධ්යක්ෂ මණ්ඩලයට පවරා තිබූ වාරණය ඉවත් කරන ලදී. දැන් ලංකා ගුරු සේවා සංගමයේ අධ්යක්ෂ මණ්ඩලය නැවත පාලන කටයුතු ආරම්භ කර ඇති අතර රාජපක්ෂ කණ්ඩායම අවලාද ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ. ”බලාගෙන ගියාම ආණ්ඩු ගන්නත් කුමන්ත්‍රණ කළේ රාජපක්ෂ කණ්ඩායම. ගුරුගෙදර බලය ගන්නත්, ජවිපෙ සමිතියට මඩ ගහන්නත් කුමන්ත්‍රණ කරන්නේ රාජපක්ෂ කණ්ඩායම.” විජිත හේරත් කියා සිටියේය.
