සීයා මේ රටට,රටේ ආර්ථිකයට සහ දේශපාලන සංස්කෘතියට ලොකු හානියක් කළා කියලා වේදිකා උඩ කෑගහපු අනුර කුමාර දිසානායක සහෝදරයා සීයාගේ ආර්ථිකය වැඩපිලිවෙල එක ඉස්පිල්ලක්,පාපිල්ලක් නැතිව ඉදිරියට ගෙනියන්න IMF එක ඉස්සරහා දණ ගහලා,වැඳ වැටිලා පොරොන්දු වෙලා තියනවා.
” තොපේ කොන්දේසිවලට අපි ණය ගන්නේ නෑ.ණය දෙනවා නං අපේ කොන්දේසිවලට දීපල්ලා.නැත්තං පලයල්ලා ” කියපු සමන්ත විද්‍යාරත්න සහෝදරයත් මීක් සද්ධයක් නෑ.දැන් IMF කොන්දේසිවලට අනුකූලව අයවැය හදන්න කියලා පීටර් බ්‍රෙයර් අනුරට Order එක දීලා ගිහින්. හතරවෙනි වාරිකය හම්බවෙන්නේ අයවැයෙන් පස්සේ.ඒ කියන්නේ ලබන අවුරුද්දේ අප්‍රියෙල්වල වගේ.දැන් ඉතින් හදපන්කෝ IMF එක කියන විදිහේ අයවැයක්.
ඕක තමයි රටේ රාළ කිව්වේ ළඟදීම අනුර ” Y ” Junction එකට එනවා කියලා.දැන් අනුරලා කරන්න හදන්නේ 2025 අවුරුද්දේ පළවෙනි මාස හතරට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ තමයි අයවැයක් ගේන්නේ.පෙබරවාරි මැද වගේ අයවැය ඉදිරිපත් කරලා මාර්තු අඟ වෙනකොට සම්මත කරන්න.IMF එකේ කෙන්දේසි අනුව අයවැය හදනවා කියන්නේ මෙයාලා කිව්ව කිසිම සහනයක් දෙන්න බෑ.
බදු අඩු කරන්න බෑ.සමහර භාණ්ඩවල Vat එක සීරෝ කරනවා කිව්වා.පඩිය 25000 කින් වැඩි කරන්න කියලනේ සීයාගෙන් ඉල්ලුවේ.සීයා වැඩි කරපු එකවත් මේ පාර දීගගන්න මෙයාලට බෑ. ඇත්තටම මේ ආණ්ඩුව ගැන හරිම අනාවැකිය කියන්න වෙන්නේ අනුරගේ අයවැය දිහා බලලා. IMF කොන්දේසිවලින් කියන්නේ රජයේ වියදම් රජයේ බදු ආදායමෙන් කවර් කරගන්න කියලයි.
බදු අඩු කලොත් තමයි සාමාන්‍ය මිනිසුන්ට සහනයක් හම්බ වෙන්නේ.විශේෂයෙන් Vat බද්ධ අඩුකිරීමෙන්.ඒක මාලිමාවේ ඡන්ද පොරොන්දුවක්.ඒ වගේම ජනතාවට පොරොන්දු උන සහන දෙන්න,පඩි වැඩිකරන්න රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕනි.ඒ කියන්නේ බදු ආදායම වැඩි කරන්න ඕනි.ඕක තමයි ඇත්ත තත්වය.මේ තත්වය යටතේ පඩි වැඩි කරන්න බෑ.සහන දෙන්න බෑ.වෙන්න පුළුවන් එකමදේ තවත් බදු වැඩිවීම විතරයි.
ඒ වෙනුවෙන් දේපල බද්ධකුත් එනවා.එතකොට රජයේ බදු ආදායම 18% ඉඳන් 21% ක දක්වා වැඩි වෙනවා.දේපල බද්ධ කියන්නේ මෙහෙම එකක්. උදාහරණයක් විදිහට ඔයාලගේ ගේ ගැන හිතන්නකෝ.ඔයලගේ ගේ තක්සේරු කරනවා ගේ මාසිකව කීයකට කුලියට දෙන්න පුළුවන්ද කියලා.ඒක ගමේදී අඩු වෙන්නත් නගරයේදී වැඩි වෙන්නත් පුළුවන්.අපි හිතමු ඔයා දැනටත් ලක්ෂයකට වැඩිය වැටුපක් ලබන paying tax එක ගෙවන කෙනෙක් කියලා.
ඔයාගේ ඒ බදු ආදායමට අර මාසික කුලියේ වටිනාකමත් එකතු වෙනවා.එතකොට ඔයාට බදු ගෙවන්න වෙන්නේ ඔයා දැනට බදු ගෙවන ආදායම සහ අර නිවාස කුලිය එකතු කරලා හැදෙන ගාණට.අනුර සහෝදරයාගේ ආණ්ඩුව යටතේ අපිට ඒ බදු ක්‍රමයට හුරු වෙන්න වෙනවා. අනුර බදු වැඩේම දිගට යනවා නං අනුරට ඉස්සර ගහපු ඇඟ බද්ධ.බලු බද්ධ වගේ බදුත් ගහන්න පුළුවන්.කාන්තාවන්ට වෙනමම ගහපු බදුත් තියනවා.රටේ රාළ ඒ බදු ගැන මතක් කරන්නේ අනුරත් දැන් රනිල් වගේම බදු එකතු කරන්නෙක් වෙලා හින්දයි.
බදු නැත්තං වෙන ආදයම් වැඩි කරගන්න ඕනි. අපිට ඊට අමතරව ලොකු ආදායම් එන්නේ සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ප්‍රේෂණවලින්. හැබැයි මේ මතුවෙලා තියන ලෝක තත්වයත් එක්ක ඒ ආදායම් දෙකම ලබන වසරේ ලොකු අභියෝගයකට මුහුණ දෙනවා.විශේෂයෙන්ම යුක්රේන – රුසියා යුද්ධය ගෝලීය යුද්ධයක් බවට හැරීමේ ලක්ෂණ පෙන්වමින් තියනවා.ඒ වගේම චීනය සහ තායිවානය අතර යුධ ගැටුමක් ඇවිලීමේ සම්භාවිතාවය ගොඩක් ඉහලයි.
මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමයක් ඇතිවුනත් ඒක තව කොච්චර කාලයක් තියෙයිද කියන්න බෑ.ඊශ්‍රායල සහ හමාස්,හුති යුද්ධය තවමත් කෙරෙමින් තියනවා.ඒක නිසා සංචාරක ක්ෂේත්රයට සහ විදේශ ප්‍රේෂණවලට අවධානමක් මතුවෙන්න පුළුවන්.ආදායම වැඩි කරන්න පුළුවන් තව ක්‍රමයක් තමයි ප්‍රාග්ධන වියදම් වැඩි කිරීම. උදාහරණයක් විදිහට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආයෙත් පටන් ගන්න තීරණය කලා කියලා හිතන්නකෝ.
එතකොට ඒකට ලොකු ප්‍රාග්ධන වියදමක් යනවා. ෆැක්ටරිය නැවත නවීකරණය කරන්න ඕනි.ඉඩම් සංවර්ධන කරන්න ඕනි.ඒවා කරලා අස්වැන්න එන්න අඩුම ගානේ අවුරුදු එකහමාරක්වත් යනවා.ඊට පස්සේ තමයි production පටන් ගන්න වෙන්නේ.අපට අවුරුදු ගානක් එහෙම සල්ලි හිර කරන්න පුළුවන් තැනක නෙවෙයි රටේ ආර්ථිකය තියෙන්නේ.එහෙනම් ඒවට ආයෝජකයෝ හොයා ගන්න වෙනවා.ඒක නිසා මේ ප්රශ්නයේ විශාල ගැඹුරක් තියනවා.ඒ අර්බුදය තවම ජවිපෙ තේරුම් අරන් නෑ.
මෙතනදි ටිල්වින්ලා සරලව කියන්නේ ආර්ථික අර්බුදය විසින් දේශපාලන අර්බුදය නිර්මාණය වෙනවා කියලා විතරයි.අපේ රටේ මතුවුන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වීමේ ප්‍රථිපලයක් විදිහට රාජපක්ෂලා පාලනය දාලා පැනලා ගියා.රනිල් ඇවිත් ආර්ථික අර්බුදයට උත්තරයක් හැදුවත් රනිල්ව බාරගන්න අපේ රටේ ජනතාව එකඟ වුනේ නෑ.දැන් අර්බුදයට උත්තරය විදිහට ජවිපෙ ගෙනත් තියනවා.ඒ කියන්නේ ජනතාව දේශපාලන උත්තරයක් දීලා තියනවා.
හැබැයි ඒ දේශපාලන උත්තරයට ආර්ථික ප්‍රශ්නයට උත්තර හදන්න බැරි නං ජවිපෙටත් දෙයියන්ගෙම පිහිටයි.මෙතනදී ජවිපෙ මතක තියාගන්න ඕනි එක කාරණයක් තියනවා.ජවිපෙ ගෙනාවේ අර්බුදයට උත්තරයක් විදිහට නෙවෙයි අර්බුදයට උත්තරයක් හැදීම වෙනුවෙන්.ඒකට උත්තරයක් හදන්නේ නැතිව ජෙප්පෝ ABBA ලා එක්ක හුරතල් වෙලා විතරක් නං හරියන්නේ නෑ. ඇත්තටම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වෙන බව ටිල්වින් සහෝදරයා දැනගෙන හිටියට ඒ දේශපාලන අර්බුදයක ඇතුලේ තවත් දැවැන්ත අර්බුදයක් තියන බව එයා දැන්නේ නෑ.
දැන්නවා නම් කවදාවත් මෙහෙම බලය ගන්නේ නෑ.දේශපාලන අර්බුදයක ඇතුලේ පරිපාලන අර්බුදයකුත් තියනවා.ඒ පරිපාලන අර්බුදය කළමණාකරණය කරන්න හොඳ පරිපාලන රටාවක් තියෙන්න ඕනි.ඒකට දක්ෂ පරිපාලකයෝ ඕනි.එයාලව හදුනගෙන තියෙන්න ඕනි.ඇත්තටම ජෙප්පෝ කළේ බලය ගැනීම වෙනුවෙන් විතරක් වැඩ කරන එකයි.රාජ්‍ය බලය ගත්තම රාජ්‍ය බලය හසුරවන්නේ කොහොමද,ඒක කළමණාකරණ කරන්නේ මොන ක්‍රමයටද කියන සැලැස්මක් එයාලට තිබුණේ නෑ.
ඒක මේ එළියට දාලා ප්‍රසිද්ධ කරන සැලැස්මක් නෙවෙයි.හැබැයි බලය ගැනීමේදී ඒක අනිවාර්ය සාධකයක්.අනුරලාට එහෙම සැලැස්මක් තිබුණේ නෑ.අනුරලා කළේ අනුරගේ,විජිතගේ විශ්ව විද්‍යාල යාළුවන්ගෙන්,ජවිපෙ වෘත්තීය සමිතිකාරයන්ගෙන්,අනුරලාට මූල්‍යමය වශයෙන් උදව් කරපු මුදලාලිලාගෙන් ඒ තැන් පුරවන එකයි. දැන් වැඩේ කඳ හරහා ඇණගෙන ඔළුවේ අත ගහගෙන ඉන්න බව ආරංචියි.
ඒක නිසා ලබන අවුරුද්දේ දෙවෙනි කාර්තුවේදී මේ අර්බුදය පුපුරලා යනවා.රටේ රාළ උපරිම වශයෙන් ගැරන්ට් කරන්නේ ලබන අගෝස්තු වෙනකං විතරයි.හැබැයි අර්බුදය ආවා කියලා ජවිපෙ ගත්ත රාජ්‍ය බලය දාලා පැනලා යයි කියලා රටේ රාළ හිතන්නේ නෑ.ඒක මේ රටේ විපක්ෂයේ මහත්තුරුත් හොඳට මතක තියාගත්තට කමක් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.