රටට ආදරය කරන ජනාධිපති කෙනෙක් ලැබිලා තියන නිසා එතුමාගේ පිනට නිධානයකුත් පහල වෙනවා කියලයි වේයන්ගොඩ නිධානය ගැන කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති සහෝදරයා කිව්වේ.හදුන්නෙත්ති සහෝදරයා හැමදාම ඇණ ගන්නේ ඔය වගේ මොට්ට කතා කියන්න ගිහිල්ලා.හදුන්ලා හිතන්නේ රටේ සිද්ධවෙන හොඳයි කියලා හිතෙන හැම දෙයක්ම එයාලගේ එකවුන්ට් එකට දාගන්න.
දැන් එතන නිධානයක් නෑ,මහ ගල් කීපයක් විතරක් කඩලා ගොඩගහලා තියනවා.ඒ එක්කම නිධානය හොයන මෙහෙයුමත් අතෑරලා දාලා.දැන් සංස්කෘතික ඇමති සුනිල් සෙනවි සහෝදරයා කියන්නේ එතන නිධානයක් හෑරීමක් නෙවෙයිලු සිද්ධවුනේ.ඒක රාජ්‍ය ක්රියාවලියක්ලු.සෙනවි දැන් කියන්නේ හදුන්ටත් වඩා මොට්ට කතාවක්. සෙනවි හත්පොලේ ගාගෙනම නාගෙන. නිධානයක් හොයන්න නෙවෙයි නං එතන හාරලා මොන බම්බුවක්ද ඒ කළේ.
මේ ජාතියේ ප්‍රකාශ කිරීමෙන් සෙනවි විතරක් නෙවෙයි ජවිපෙ කිසිම ඇමති කෙනෙක් කරන ප්‍රකාශ මේ රටේ ජනතාව ගණන් ගන්නේ නෑ.ඒක නිසා හදුන්ලට නොතේරෙන සෙනවිලා හිතාමතා හංගනවා කියලා හිතෙන නිධාන කතාව රටේ රාළ කියන්නම්.අපේ රට කියන්නේ අවුරුදු 2500 වඩා ඉතිහාසයක් තියන රටක්.මේ ඉතිහාසයේ හිටපු රජවරු ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයින් තමන් සතු වස්තුව නිධන් විදිහට තැන්පත් කරලා තියනවා.ඒ නිධන් රටේ ඕනිම තැනකින් හම්බ වෙන්න පුළුවන්.
ඒ නිසා රටේ ඕනිම තැනකින් පුරා විද්‍යාත්මකව වටින දේවල් ඕනිම වෙලාවක හම්බවෙන්න පුළුවන්.ඇත්තටම මේ නිධන් ගැන කියන කතාවල අතිශෝක්තිය වගේම ඇත්තකුත් තියනවා.අතීතයේ හිටපු රජවරු අනාගතයේදී රට වැටුන අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමේ අර්ථයෙන් වස්තුව තැන්පත් කරලා තියනවා.ඒ රජවරු නමින් කියන්න රටේ රාළ දන්නේ නෑ.ඒ වගේම ආගමික අර්ථයෙන් තමන්ගේ වස්තුව තැන්පත් කරලා තියනවා.ඔය ධාතු ගර්භවල තිබිලා හම්බ වෙන්නේ ඒවා.
ඊට අමතරව යුද්ධ ආක්‍රමණය ඉස්සරහා තමන්ගේ වස්තුව ආරක්ෂා කරගන්න විවිධ තැන්වල තැන්පත් කිරීමේ ක්‍රමයක් අපේ ඉතිහාසයේ තිබිලා තියනවා.ඒවා ගල්වල හරි පොලොව යට තැනක හරි ආරක්ෂිතව තැන්පත් කරලා පස්සේ හදුනාගන්න පුළුවන් විදිහේ සංකේතත් යෝදාලා තියනවා.මේ සම්බන්ධව සම්පූර්ණ දැනුමක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට තියනවා.ඒ වගේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට තමයි මේ සම්බන්ධව අධිකාරී බලය තියෙන්නේ.
වේයන්ගොඩ හරහා හයිවේ එක හදාගෙන යද්දී මේ තියනවා කියපු නිධානය ඒ ආශ්රිත තැනක පිහිටලා තියන නිසා අධිකරණයෙන් නිධානය ගොඩනගන්න නියෝගයක් අරන් තියනවා.හැබැයි මහේස්ත්‍රාත් අධිකරණයකට පුරා විද්‍යාත්මක කරණා පරයමින් එහෙම තීන්දුවක් දෙන්න පුළුවන්ද කියන එක ඇත්තටම ප්‍රශ්න විදිහට රටේ රාළට තියනවා.
කොහොම උනත් මේ නියෝගය පදනම් කරගෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව,පොලිසිය,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් නිධානය ගොඩ ගැනීමේ මෙහෙයුමට සම්බන්ධව වෙලා තියනවා. කවුරු හිටියත් මෙතන වගකීම් බළධාරියා වෙන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව.හැබැයි මෙතනදී පැහැදිලි වෙන ප්‍රධාන කාරණය තමයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කිසිම වෘත්තීයමය භාවයකින් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා නෑ කියන එක.
ලෝකේ ඕනිම තැනක පුරා විද්‍යාත්මක ගවේශණයක් කරනකොට අනුගමනය කරන ක්‍රමවේදයන් කිසිම දෙයක් මෙතනදී අනුගමනය කරලා නෑ.ඇත්තටම මේක එක පැත්තකින් අධිකරණයට කරපු අපහාසයක්.පුරා විද්‍යාත්මක ගවේෂණයක් කරනකොට වැලි කැටයක් පවා ඉතාමත් පරිස්සමෙන් තමයි ඉවත් කරන්නේ.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යම් තැනක පුරා විද්‍යාත්මක වටිනාකමක් තියනවද කියලා එක හදුනා ගන්නේ මතුපිට සාධකවලින්.
මෙතැන එහෙම සොයා ගන්න බැරි විදිහට මතුපිට පස් තට්ටු විනාශ වෙලා නම් ඒකට විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි මෙතනදී පොලොව ඇතුලේ ස්කෑන් එකක් කරලා රිපෝට් එකක් අරන් තියනවා. ස්කෑන් රිපෝට් එකේ යමක් තියන බව තහවුරු කරපු නිසා තමයි යටට හදාරන්න තීරණය කරන්නේ.ඊට පස්සේ බැකෝ එකක් දාගෙන මෙතන පත වලක් කපනවා.යටට හාරගෙන යනකොට හම්බ වෙන්නේ ලොකු ගල් කීපයක්. සමහරවිට ඒක ඒ යුගයේ ගල් තලාවක් වෙන්න පුළුවන්.
ඊට පස්සේ කරන්නේ ගල ඇතුලේ නිධානය තියනවා කියලා ගල් ටික කුඩු කරන එකයි.දැන් මෙතන එන ප්‍රශ්න කීපයක් තියනවා.ගල් ඇතුලේ නිධානය තියනවාද නැද්ද කියලා පුරා විද්‍යා නිළධාරීන් පරීක්ෂා කළේ නැද්ද?මේ ගල්වල නිධානය දාලා තියනවා නං ගල් ඇතුලේ කටාරම් කපලා ඒකේ තැන්පත් කරලා ගලෙන්ම හදපු ඇඹයක් ගහලා තියනවා.සමහරවිට සළකුණක් තියෙන්නත් පුළුවන්.ඒවා හදුනාගන්න පුරාවිද්‍යා නිළධාරීන්ට පුළුවන්.හැබැයි එහෙම එකක් නැත්තං ඇයි මේ ගල්ටික කුඩු කළේ.
ඇත්තටම මේ ගල් කුට්ටි ටික ගොඩ අරගෙන ඒවා කඩන එක නෙවෙයි මෙතන කරන්න තිබුණ වැඩේ.මෙතන මෙහෙමත් වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියනවා.සමහරවිට මීටත් යට නිධානය තියනවා වෙන්න පුළුවන්.නිධානයේ ආරක්ෂාවට උඩින් අයින් කරන්න අමාරු ගල් තට්ටුවක් තැන්පත් කරලා තියෙන්න පුළුවන්.ඒ කියන්නේ නිධානය තියෙන්නේ තවත් ගැඹුරේ වෙන්න පුළුවන්.එතන වතුර අයින් කරන්න බෑ කියලා කියනවා.ඉතින් වතුර ටික අයින් කරලා අවසානයට යට බලන්න බැරිනං මොකටද වැඩේ පටන් ගත්තේ.
වතුර අයින් කරලා ආයෙත් ස්කෑන් පරීක්ෂණය කරන්න ඕනි.ගල් අස්සේ නැත්තං නිධානය නෑ කියලා කවුද එයාලට කිව්වේ.බහිරවයද?ඒක නිසා කිසිම වෘත්තීයභාවයකින් තොරව පුරා විද්‍යා නළධාරීන් කටයුතු කරලා තියනවා.ඔය වැඩේ රත්නපුරේ හොඳ පතල් බාස් කෙනෙකුට දුන්නා නං ඔයිට වැඩිය හොඳට කරනවා.ගඟගේ වතුර තියෙද්දී මැණික ගොඩගන්න දක්ෂයෝ අපේ පතල් කර්මාන්තය ඇතුලේ ඉන්නවා.
කෝච්චර උනත් අපේ විපක්ෂ නායකතුමා ඔතෙන්ට සම්බන්ධ කරගත්තා නම් ඔය වැඩේ ඔයිට වැඩිය හොඳට කරලා බඩු තිබුණා නං අරගෙනත් දෙනවා.ඇත්තටම දැන් අපේ රටේ තියන රාජ්‍ය ආයතනවල වෘත්තීයමය භාවය සම්බන්ධව වගවීමේ තරම මේ සිද්ධියෙන් හොඳට තේරෙනවා.ඒ වගේ මේ වගේ වැඩ හරහා හදුන්ලා වගේ ඇමතිවරු දේශපාලනයට මිත්‍යාවත් සම්බන්ධ කරගෙන.හදුන් කිව්වේ ජනාධිපතිතුමාගේ පිනට පහල උන නිධානයක් ගොඩ ගන්නවා කියලා.
මේකත් හරියට ගෝඨාභය ගේන්න,කැලණි ගඟෙන් නාග ලෝකෙන් ධාතු අරන් ආපු නයාගේ සීන් එකට කිට්ටුවෙන් යන වැඩක්.අනුරගේ තියන පුණ්‍ය බල මහිමයට නිධානයක් පහළ උනා කියලනේ හදුන් කිව්වේ.හදුන්ගේ හෞතිකවාදී දැනුම ගැන ලැජ්ජා වෙන්න ඕනි.ආණ්ඩුව විතරක් නෙවෙයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් මෙතනදී හෑල්ලුවට ලක්වෙලා තියනවා.ඇත්තටම තවමත් පොලොව යට නිධානය තියෙන්න පුලුවන්. මෙයාලා වැඩේ අදුරගෙන වෙන ගේමක් ගැහුවද දන්නෙත් නෑ.
පුරා විද්‍යාත්මක ක්‍රම ආරම්භයේදී අත්හැරලා වැඩේට බැස්සේ ඒක නිසා වෙන්නත් බැරි නෑ. අනුරගේ වාසනාව තවමත් තියෙන්නේ පොලොව යටද දන්නේ නෑ.ඒක නිසා මෙතෙන්ට දිගටම ආරක්ෂාව දාන්න කියලා රටේ රාළ යෝජනා කරනවා.ඊළඟට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව රජයත් එක්ක ලෑස්ති වෙලා මේවගේ තියන තැන් ටික හොයාගෙන හාරලා රටට නිධන් ටික අරන් දුන්නා නං හරි.
එතකොට අනුර සහෝදරයාට පූළුවන් ඒ වස්තුව යොදවලා පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් අපට උදා කරලා දෙන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.