2025 අයවැය අයි එම් එෆ් කොන්දේසි අනුව විය යුතුයි – ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීප සාකච්ඡා පවත්වනු ඇති බව ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා වැඩසටහනේ මීළඟ අදියර පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව පැවසීය.

IMF වැඩසටහනේ මුල්‍ය ප්‍රමාණාත්මක ඉලක්ක ආදායම්, ප්‍රාථමික ශේෂය , අයවැය යෝජනා මත පදනම් වන අතර නීති ප්‍රතිසංස්කරණ ද සාමාන්‍යයෙන් අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ අයවැය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ප්‍රමාද විය.

“මෙම අයවැය, IMF වැඩසටහනේ අරමුණු සමග අනුකූල වන බව අපට ඒත්තු ගැන්වීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු ” බෲවර් මහතා පැවසීය. “එබැවින් අපි ඒ පිළිබඳව බලධාරීන් සමඟ ඉතා සමීප සාකච්ඡා පවත්වන්නෙමු “.

ශ්‍රී ලංකාවේ නව පාලනය පවසා ඇත්තේ ආදායම් බද්දේ සීමාව ඉහළ නැංවීමට, සමහර ආහාර එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට සහ මුදල් කඩාවැටීමෙන් (නම්‍යශීලී විනිමය අනුපාතිකයෙන්) ඉහළ මිල ගණන්වල පීඩාවට ගොදුරු වූ ජනතාව සඳහා සහනාධාර ඉහළ නැංවීමට අවශ්‍ය බව ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ආනයනික බදු කිහිපයක් ඇති අතර එමඟින් සහල් වැනි මූලික ආහාර ලෝකයේ මිල අධික ම ඒවා බවට පත් කර ඇත.

ECONOMYNEXT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *