|

බැඳුම්කර හිමියන් සමග මුලික එකඟත්වයක් ! – එක සමාන සහනයක් !!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග මුලික එකඟත්වයකට පැමිණ ඇති බව තම විශ්වාසය බව අඩ්වෝකාටා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුළ එබඳු එකඟත්වයකින් තොරව මෙබඳු ගිවිසුම් අත්සන් නොකරන බව ඒ මහතාගේ විශ්වාසය වී තිබේ.

දෙරණ රුපවාහිනියේ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුලධර්මය වන්නේ ණය හිමි සියලු පාර්ශවයන්ගේ සමාන කැපවීමක් ලබා ගැනීම යි. එබැවින් යම් පාර්ශවයක් ගිවිසුමකට එළඹීමට පෙර අනෙක් පාර්ශවයන් කරන කැපවීම ගැන අවධානය යොමු කරයි. ගිවිසුමකට එළඹෙන්නේ තමන් කරන කැපකිරීම අනෙක් පාර්ශවයන් ද කරන්නේ ද යන්න සොයා බැලීමෙන් පසුව ය.

එබඳු මුලික එකඟත්වයකින් තොරව මීට පෙර කළ ඇතැම් ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන පසුව ප්‍රශ්න මතු වූ බව ද තතුදත් විශ්ලේෂකයෝ කියති. එබැවින් සියලු තතු සොයා බලා තීරණ ගැනීමට ණය හිමියෝ දැන් ක්‍රියා කරති.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ චීනය ලබාදුන් මට්ටම සමග ගැළපෙන මට්ටමේ සහනයක් මෙරටට ලබාදීමට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ට ද සිදුවනු ඇත.

එමෙන් ම නිල ණය හිමියන්ගෙන් නොලැබුණු මට්ටමේ සහන සහ ණය කප්පාදු කිරීම් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන්  බලාපොරොත්තු වීමට ද ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇත.

කෙසේ වෙතත්, නිල ණය හිමියන් සමග ඇති කරගත් එකඟතාවය මගින් බැඳුම්කර හිමියන් සමග ගිවිසුමකට එළඹීම පහසු කර තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *