| |

IMF නොගියා නම් අපි තවමත් අවි­නි­ශ්චිත තැනක ! – කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශ­යේ මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ

මහ­ජ­න­තා­වත් සුබ­වා­දීව සිතන්න ඕනෑ

ණය පාර්ශ්ව­ක­රු­වන්ට, විදෙස් ආයෝ­ජ­ක­යන්ට සුබ­දායී පණි­වු­ඩ­යක්

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන්නා වූ
අර්බු­ද­කාරී තත්ත්වය හමුවේ IMF මඟින් තෙවැනි වාරි­කය නිකුත් කිරීම පිළි­බඳ පක්ෂ, විප­ක්ෂව විවිධ අද­හස් සංස­ර­ණය වෙමින් පව­තියි. මේ පිළි­බඳ කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශ­යේ මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ මහතා සමඟ සිදු­ක­රන ලද සංවා­ද­යයි මේ.

 

 පවත්නා ආර්ථික තත්ත්ව­යත් සමඟ IMF තෙවැනි වාරි­කය නිකුත් කිරී­මෙහි වැද­ග­ත්කම කෙබ­ඳුද?

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් තෙවැනි වාරි­කය ලෙස ඩොලර් මිලි­යන 335ක මුද­ලක් පසු­ගිය දින­ය­කදී ශ්‍රී ලංකා­වට ලබා දුන්නා.මේ වන විට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ලබා දී තිබෙන්නා වූ සමස්ත ණය මුදල අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 670ක්. අප රටෙහි වර්ත­මාන ආර්ථික අර්බු­ද­යත් සමඟ IMF තෙවැනි වාරි­කය නිකුත් කිරීම කාරණා කිහි­ප­යක් මත අපට ශක්ති­යක් වෙනවා. පළ­මු­වැනි කාර­ණාව වන්නේ, ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ එක­ඟ­තා­වන්ට පැමිණි ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ නිසි ලෙස ඉදි­රි­යට රැගෙන ගොස් තිබෙන බවට මෙයින් සනාථ වීම. එම කාර­ණාව ශ්‍රී ලංකාවේ බාහිර ණය පාර්ශ්ව­ක­රු­ව­න්ටත්, දේශීය සහ විදේ­ශීය ආයෝ­ජ­ක­යි­න්ටත් ඉතා­මත් සුබ­දායි පණි­වු­ඩ­යක්. ඊළඟ කාර­ණාව තමයි තෙවැනි වාරි­කය නිද­හස් කිරී­මත් සමඟ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ එකඟ වූ කාර­ණා­වන් ඉදි­රි­යට ගෙන යෑමට පෙරට වඩා වැඩි උන­න්දු­වක් ඇති­වීම. එම උන­න්දුව මත අදාළ ඉල­ක්ක­යන් සපුරා ගැනී­මෙන් අපට අවශ්‍ය සහ­යෝ­ගය ලබා ගන්නට පුළු­වන්. ඒ වගේම තමයි මේ වාරි­කය නොලැ­බුණි නම් 2022 වර්ෂයේ දී අප අත්විඳි තත්ත්වය නැවත උද්ගත වීමට වැඩි ඉඩ­ක­ඩක් තිබෙ­නවා.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මූලික වශ­යෙන් උත්සාහ කර­නුයේ ආර්ථික ස්ථායි­ක­ර­ණය ඇති කිරී­ම­ටයි. විශේ­ෂ­යෙන්ම රුපි­යල අව ප්‍රමා­ණය වීම පාල­නය කිරීම, සංචිත ගොඩ­නැං­වීම සහ මිල පාල­නය කිරීම වැනි කාරණා ඔස්සේ තමයි ආර්ථික ස්ථායි­තාව ඇති කිරීම සිදු­ක­රන්නේ. මේ හේතු­වෙන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙහි සහ­යෝ­ගය අප හට නොලැ­බු­ණ­හොත් ආර්ථික ස්ථායි­භා­ව­යට අදාළ ගැටලු මතු වෙන්න පුළු­වන්. එම ගැට­ලු­කාරි තත්ත්ව­යන් හමුවේ අප හට ණය ලබා දෙන ආය­තන, රට­වල් සහ පෞද්ග­ලික අංශ­යට විශාල අවි­නි­ශ්චි­ත­තා­වක් අපේ ආර්ථි­කය තුළ උද්ගත විය හැකියි.

 “නව බදු” අය කිරීම් පිළි­බඳ සමා­ජය තුළ විවිධ අද­හස් හුව­මාරු වෙනවා. ඔබේ අද­හස කුමක්ද?

නව දේපළ බද්ද පිළි­බඳ සමා­ජ­යෙහි දැඩි කතා­බ­හක් ඇති­වෙලා තිබෙ­නවා. දේපළ බද්ද ශ්‍රී ලංකා­වට ආග­න්තුක වුවද අස­ල්වැසි ඉන්දි­යාව ඇතුළු රට­වල මේ බදු ක්‍රමය ක්‍රියා­ත්මක වෙනවා. අපට අනා­ව­ර­ණය වන කාර­ණා­වක් තමයි නිවාස බද්ද පිළි­බඳ සමා­ජ­යට ලැබී තිබෙන්නා වූ තොර­තු­රු­වල යම්කිසි ගැට­ලු­ස­හ­ගත තත්ත්ව­යක් තිබෙන බව. මෙහිදී සිදු වන්නේ නිවාස කුලී ආරෝ­පිත බද්දක් ක්‍රියා­ත්මක කිරී­මයි. සැබැ­වින්ම මෙහි බල­පෑ­මට හසු­ව­නුයේ ඉහ­ළම නිවාස වටි­නා­ක­මක් සහිත නිවාස පම­ණයි. ශ්‍රී ලංකා­වෙහි සමස්ත නිවාස ගණ­නින් 10%ක පමණ ප්‍රති­ශ­ත­යක් තමයි මේ බද්දට යටත් වෙන්නේ. මේ නිසා වටි­නා­ක­මින් ඉතා­මත් ඉහළ නිවා­ස­ව­ලින් අය කරන්නා වූ ඍජු බද්දක් ලෙස මෙය හැඳි­න්වීම ඉතා නිවැ­ර­දියි. එහෙත් මේ පිළි­බඳ සාමාන්‍ය ජන­තාව අතර අනි­යත බියක් ඇති කර­වී­මට ඇතැම් පාර්ශ්ව­යන් උත්සාහ ගනි­මින් සිටි­නවා. ඔවු­නට අවශ්‍ය වනුයේ මෙම බදු ක්‍රමය පිළි­බඳ ජන­තාව තුළ බියක් ඇති කර­ව­මින් එය ආපසු හැර­වී­ම­ටයි . මහ­ජ­න­තාව එම රැව­ටී­මට හසු නොවී බුද්ධි­මත්ව ක්‍රියා කිරීම ඉතා­මත් වැද­ගත්.

 ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මත යැපෙන රටක් බවට විවිධ පාර්ශ්ව­ය­න්ගෙන් එල්ල­වන්නා වූ චෝද­නා­වන් සත්‍යක්ද?

ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මතම රඳා පව­ති­නවා යැයි පැව­සීම යුක්ති­ස­හ­ගත නැහැ. අපට විදේශ විනි­මය ලැබෙන ප්‍රධාන අංශ ත්‍රිත්ව­යක් ලෙස අප­න­යන අංශය, සංචා­රක ව්‍යාපා­රය, විදෙස් ශ්‍රමි­ක­යන් ඔස්සේ ලැබෙන්නා වූ මුදල් හඳු­න්ව­න්නට පුළු­වන්. වසං­ගත සමය තුළ මෙම අංශ­යන්හි යම්කිසි පහළ වැටී­මක් සිදු වුවද වර්ත­මා­නය වන විට ඒවා ඉතා ඉක්ම­නින් යථා තත්ත්ව­යට පත් වී තිබෙන අයුරු අපට පෙනෙ­නවා. මේ වස­රෙහි පළමු මාස කිහි­ප­යෙහි ලක්‍ෂ නව­ය­කට ආසන්න සංචා­ර­ක­යින් ප්‍රමා­ණ­යක් ශ්‍රී ලංකා­වට පැමි­ණියා. ඒ වගේම තමයි විදෙස් ශ්‍රමි­ක­යන් විසින් විශාල මුද­ලක් ශ්‍රී ලංකා­වට ලබා දෙනවා. මෙවැනි තත්ත්ව­යක් තුළ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙහි මුදල් නොමැති වුවද රටක් වශ­යෙන් ඉදි­රි­යට යෑමට අපට හැකි­යා­වක් තිබෙ­නවා. ජාත්‍ය­න්තර බැඳු­ම්කර හිමි­යන් සහ ද්විපා­ර්ශ්වික ණය­ක­රු­වන් යන දෙපා­ර්ශ්ව­යට තමයි අප දැනට ණය නොගෙ­වන්නේ. ඔවු­නට ණය ගෙවී­මට අදා­ළව අපට සහන කාල­යක් ලැබෙයි කියලා බලා­පො­රොත්තු වෙන්න පුළු­වන්. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් ගණ­නය කර තිබෙන ආකා­ර­යට රටෙහි සංව­ර්ධ­න­යට අවශ්‍ය මුදල් සපයා ගන්නා අත­ර­වා­රයේ දී ණය මුදල් ගෙව­මින් ඉදි­රි­යට යෑමට අපට හැකි­යාව ලැබෙන ආකා­ර­යට තමයි මේ කට­යුතු ක්‍රියා­ත්මක වෙන්නේ. එම නිසා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මත අපි යැපෙ­නවා කියන මතය ඉවත් කර ගැනී­මත් අව­ශ්‍යයි.

  අයි. එම්. එෆ්. තුන්වැනි වාරි­ක­යත් සමඟ රජ­යෙහි ඉදිරි වැඩ­ක­ට­යුතු කළ­ම­නා­ක­ර­ණය කර­ගත යුත්තේ කෙසේද?

මීට පෙර අව­ස්ථා­ව­න්හිදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් අපට මුදල් ලබා දී තිබෙන්නේ අය වැයට උප­කා­ර­වන අන්ද­මට. එහෙත් තෙවැනි වාරි­කය සංචි­ත­ව­ලට එකතු වන­වාද? අය වැයට අදා­ළව දෙනු ලැබූ අර­මු­ද­ලක්ද? යන්න පිළි­බඳ අපැ­හැ­දි­ලියි. ඇතැම් විට මේ දෙකො­ට්ඨා­ස­ය­ටම අදාළ වන ලෙස මේ වාරි­කය නිකුත් කළා වෙන්නත් පුළු­වන්. මෙම කාර­ණා­වේදී අපට ලැබුණු මුදල කළ­ම­නා­ක­ර­ණය කර­ගන්නේ කෙසේද, යන්නට වඩා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙහි උප­දෙස් මත අප රට තුළ ක්‍රියා­ත්මක වන්නාවූ වැඩ­ස­ට­හන් කළ­ම­නා­ක­ර­ණය කර­ගන්නේ කෙසේද යන්න පිළි­බඳ අව­ධා­නය යොමු කිරීම ඉතා­මත් වැද­ගත්. ඒ යට­තෙහි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් අප වෙතට ලබා දුන් ඉලක්ක සපුරා ගැනී­මත් අව­ශ්‍යයි. එහිදී විවිධ අණ පනත් නිසි දින­යට සම්මත කර­ගැ­නීම, ගැසට් නිවේ­දන නිකුත් කිරීම ආදිය සිදු කිරී­මට තිබෙ­නවා. ඒවා නිසි දින­යට සම්මත කර ගැනීම, නිකුත් කිරීම පම­ණක් නොව ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරීම කෙරෙහි ද රජ­යෙහි අව­ධා­නය යොමු විය යුතුයි. නිද­සු­නක් වශ­යෙන් රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රන පනත, අල්ලස් දූෂණ වැළැ­ක්වීමේ පනත ආදි­යෙන් නිසි ප්‍රති­ලාභ ලබා ගැනී­මට නම්, ඉලක්ක සපුරා ගැනී­මට නම් ඒවා නිසි ආකා­ර­යෙන් ක්‍රියා­වෙහි යෙද­වීම වැද­ගත්.

 සමා­ජීය විය­දම් පිළි­බඳ ඉල­ක්කය සපුරා ගැනී­මට ඉදි­රි­යේදී ගත­හැකි ක්‍රියා­මාර්ග මොන­වාද ?

ශ්‍රී ලංකා­වෙහි දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් ප්‍රති­ශ­ත­යක් ලෙස 0.6%ක ප්‍රමා­ණ­යක් වෙන් කිරීම පිළි­බ­ඳයි මෙයින් කිය­වෙන්නේ. එහෙත් රජය වෙන්කර තිබෙන්නා වූ මුදල එම ප්‍රති­ශ­ත­යට වඩා අඩු අග­යක් ගන්නවා. මේ හේතු­වෙන් තමයි එම ඉල­ක්කය සපුරා ගැනී­මට ලාංකේය රජය අපො­හො­සත්වී තිබෙන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ඉස්මතු කළේ. එයට බල­පාන්නා වූ විවිධ හේතු තිබෙ­නවා. ඒ අත­රින් අස්වැ­සුම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මේදී එල්ල වූ බාධා­කාරි තත්ත්ව­යන් කැපී පෙනෙ­නවා. විශේ­ෂ­යෙන්ම ඒ සඳහා සමී­ක්ෂණ සිදු කිරී­මේදී, රාජ්‍ය නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ලබා ගැනී­මේදී ගැටලු මතු­වුණා. සමා­ජ­යීය විය­දම් පිළි­බඳ ඉල­ක්කය රජ­යට සපුරා ගැනී­මට නොහැකි වීමට එවැනි කරුණු කාරණා බල­පානු ලැබුවා. මේ හේතු­වෙන් මධ්‍ය­ගත දත්ත පද්ධ­ති­යක් හරහා අදාළ ප්‍රති­ලා­භීන් හට ආධාර ලබා දීමට කට­යුතු කර­මින් සිටි­නවා. මේ තුළ අස්වැ­සුම, වැඩි­හිටි දීමනා, ආබා­ධිත දීමනා ඇතුළු අනෙ­කුත් දීමනා පිළි­බඳ සැල­කි­ල්ලට ගනු ලබ­නවා. ඒ අනුව නිසැක වශ­යෙන්ම සමාජ ආර­ක්ෂණ වැඩ­ස­ට­හන ශක්ති­මත් කිරීම වැද­ගත්. මෙහිදී නව දත්ත සමූ­හ­යක් මත පද­නම් වෙමින් ඩිජි­ටල් තාක්ෂ­ණය භාවිත කර­මින් සමාජ ආර­ක්ෂණ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මට අව­ශ්‍යයි.

 ඇතැම් පාර්ශ්ව­යන් පව­සන ආකා­ර­යට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙහි උප­කාර ලැබීම හැර වෙනත් විස­ඳු­මක් අප හට තිබේද?

පළමු කාර­ණාව තමයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට චෝදනා කරන අය ඉදි­රි­පත් කර­න්නට අව­ශ්‍යයි එම චෝදනා මොන­වද කියලා. අපි දකින ඉති­හා­සය තුළ අපට පෙනෙ­නවා ලෝක­යෙහි රට­වල ගෙවුම් ශේෂ අර්බු­ද­යන් මඟ­හ­රවා ගැනී­මට තමයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මූලික වශ­යෙන්ම පිහි­ටුවා තිබෙන්නේ කියලා. එම ගෙවුම් ශේෂ අර්බු­ද­යන්ට විස­ඳුම් ලබා දීමේ දී අර්බු­ද­යන් පැමි­ණී­මට හේතු වුණු කරුණු කාරණා ආම­න්ත්‍ර­ණය කිරී­මට ඔවුන් උත්සාහ කර­නවා. ඒ වගේම තමයි ඔවුන් ලංකා­වට අදා­ළව අය­හ­පත් තත්ත්ව­යන් කිහි­ප­යක් පැහැ­දි­ලි­වම පෙන්වා දීලා තිබෙ­නවා. එලෙස පෙන්වා දී තිබෙන්නා වූ අය­හ­පත් තත්ත්ව­යන් මඟ­හ­රවා ගනි­මින් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙහි ආධාර නොමැති තත්ත්ව­යක් තුළ වුවද ලාංකේය ආර්ථි­කය ගොඩ­නැං­වී­මට නම් එම ක්‍රියා­මා­ර්ග­යන් ක්‍රියා­වෙහි යෙද­වී­මට අපට සිදු වෙනවා. එම නිසා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙහි උප­කාර ලබා ගැනීම නුසු­දු­සුයි යන පටු ආක­ල්ප­ය­න්ගෙන් අප මිදිය යුතුයි. එයට හේතුව වන්නේ 1990 වර්ෂ­යේ­හිදී තිබුණු ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට වඩා 2024 වර්ෂ­යේදී ක්‍රියා­ත්මක වන්නාවූ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙහි යම් යම් වෙන­ස්කම් පැව­තී­මයි. 1980, 1990, 2000 දශ­ක­ය­න්හිදී සමාජ සුබ­සා­ධ­නය, සමාජ ආර­ක්ෂ­ණය පිළි­බඳ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් අව­ධා­න­යක් යොමු කොට නොති­බුණ ද 2024 වර්ෂ­යේදී අව­ධා­නය යොමු කිරී­මෙන් එය පැහැ­දිලි වෙනවා. එයට ප්‍රධාන හේතුව තමයි ආර්ථික වශ­යෙන් විශාල පීඩා­කාරී තත්ත්ව­යක් පහළ සමාජ ස්තර­යන්ට ළඟා කර­දීම හරහා ආර්ථි­කය ගොඩ­නැං­වීම අප­හසු බව සහ දේශ­පා­ල­නික වශ­යෙන් තිර­ස­ර­ත්ව­යක් ඒ තුළ නොමැති බව ඔවුන් දැන සිටීම. මේ ආකා­ර­යට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල පිළි­බඳ විවේ­චන එල්ල කර­මින් වෙනත් විකල්ප පිළි­බඳ කතා­බහ කරන්නා වූ බොහෝ පාර්ශ්ව­යන් සතුව තිබෙ­නුයේ 1980 වර්ෂ­යේදී ජාත්‍ය­න්තර අර­මු­දල ආශ්‍රි­තව පැවති තත්ත්ව­යන් පිළි­බඳ අව­බෝ­ධ­යක්. එම ආක­ල්ප­යෙන් ඔබ්බට ගොස් සිතීම ඉතා­මත් වැද­ගත්.

 දේශීය ආර්ථි­කය ගොඩ­නැං­වී­මේදී මහ­ජ­න­තා­වගේ සහ රජයේ පාර්ශ්ව­යෙහි වග­කීම කෙබ­ඳුද?

විශේ­ෂ­යෙන්ම අර්බු­ද­යෙන් ගොඩ ඒමට නම්, ආර්ථික වශ­යෙන් ශක්ති­මත් වීමට නම් ජන­තාව බුද්ධි­මත් ලෙස කට­යුතු කිරීම ඉතා­මත් වැද­ගත්. මෙහිදී තමන්ට ලැබෙන දෙයට වඩා රටට ලැබෙන දෙය පිළි­බඳ සිතා කට­යුතු කිරී­මට අව­ශ්‍යයි. අපි හුරු­වෙලා තිබෙ­නවා නිර­න්ත­ර­යෙන්ම දේශ­පා­ල­න­ඥ­යන් වෙත වරද පැට­වී­මට. එහෙත් මෙම කාර­ණා­වේදී ඉන් ඔබ්බට ගොස් බුද්ධි­මත්ව සිතීම ඉතා­මත් වැද­ගත්. මහ­ජ­න­තාව යම් යම් දේවල් නොමි­ලයේ රජ­යෙන් බලා­පො­රොත්තු වෙනවා. සමාජ සුබ­සා­ධන රජ­යක් පව­ත්වා­ගෙන යෑමට හැකි වාතා­ව­ර­ණ­යක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ නැහැ. ඒත් ජන­තාව බලා­පො­රොත්තු වන පරිදි සමාජ සුබ­සා­ධන රජ­යක් තව­දු­ර­ටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියා­ත්මක කළ හොත් ගැට­ලු­ස­හ­ගත තත්ත්ව­යන් උද්ගත වෙන්නට පුළු­වන්. මේ හේතු­වෙන් සාමාන්‍ය ජන­තාව සෑම විටම යථා­ර්ථ­වා­දීව සිත­න්නට අව­ශ්‍යයි. පසු­ගිය කාල­යේදී අපි දැක්කා අස්වැ­සුම සහ­නා­ධා­රය ලබා දෙන අව­ස්ථා­වේදී ව්‍යාජ තොර­තුරු ලබා දෙමින් වංච­නික ආකා­ර­යට එය ලබා ගැනී­මට කට­යුතු කළ පුද්ග­ල­යින් සිටියා. රටෙහි වර්ත­මාන තත්ත්වය පිළි­බඳ සිතා හෝ එවැනි පෞද්ග­ලික පර­මා­ර්ථ­යන් මුල්කර නොග­නි­මින් රටට මුල්තැන ලබා දෙමින් බුද්ධි­මත්ව කට­යුතු කිරීම ඉතා­මත් වැද­ගත් වෙනවා. ඒ වගේම තමයි රජයේ පාර්ශ්ව­යෙන් ගත්විට පාල­ක­යන් තුළ සද්භා­වය තිබීම ඉතා­මත් වැද­ගත්. ඔවුන් මේ ඉදි­රි­පත් කර තිබෙන්නා වූ අණ පනත් ආදිය සද්භා­ව­යෙන්, විනි­වි­ද­භා­ව­යෙන් යුතුව ක්‍රියා­ත්මක කිරී­මට අව­ශ්‍යයි. එසේ නොමැති වුව­හොත් ජන­තා­වගේ විශ්ව­ස­නී­ය­ත්වය බිඳී යන්නට පුළු­වන්. එම නිසා මට හිතෙ­නවා ප්‍රායෝ­ගි­ක­ත්ව­යට මුල් තැන ලබා දෙමින් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් ලබා දුන් ඉල­ක්ක­යන් සපුරා ගැනී­මට අව­ශ්‍යයි කියලා. එම කාර­ණා­වේදී සාමාන්‍ය ජන­තාව මෙන්ම රජ­යත් බුද්ධි­මත්ව කට­යුතු කිරීම වැද­ගත්.

කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශ­යේ මහා­චාර්ය

ප්‍රියංග දුනු­සිංහ

 

එච්. කේ. එස්. නවෝදා හඳ­රා­ගම

ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­ය­නාං­ශය

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය.

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *