|

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රශ්න කරමු – රටේ රාළ

මැයි දිනයෙන් පස්සේ අපේ රටේ දේශපාලන උණුසුම දවසින් දවස වැඩිවෙමින් තියනවා.සැප්තැම්බර් 17 සහ ඔක්තොම්බර් 17 ඇතුලත ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂමෙන් ප්රකාශ කළාට පස්සේ මැතිවරණ උණුසුම තවත් වැඩිවෙලා.මේ නිර්මාණය වෙන මැතිවරණය උණුසුම ගොඩනැගෙන්නේ ගොඩක් වෙලාවට සිද්ධි මුල් කරගෙන.
සජිත් – අනුර විවාදය ඒකේ ප්රධාන මාතෘකාවක් වෙලා තිබුණා.ලාල් කාන්තගේ අධිකරණ බලය ගමට දෙන කතාව තවත් ජනප්රිය මාතෘකාවක්,ඩයනාට ලැබුණ නඩු තීන්දුවත් ලොකුවටම Hit වෙලා තිබුණ මාතෘකාවක්.එක පැත්තකින් ඩයනාට මන්ත්රීධූරය අහිමිවුනාට මේ news hit වීමේ ලොකු වාසියක් ඩයනාට තියනවා.ඩයනා ශක්තිමත් ගැහැණියෙක් කියන සාකච්චාව සමාජයේ තියනවා.ප්රශ්නය තවදුරටත් ඉස්සරට ගියොත් ඩයනාට සමාජ අනුකම්පාවක් හැදෙන්නත් පූළුවන්.
මේ සිද්ධිත් එක්ක දේශපාලන පිටිය උණුසුම් වෙද්දී රටේ රාළට පැහැදිලිව පේනදේ තමයි පක්ෂවල මැතිවරණ ආකෘති ටිකක් පස්සට ගිහින් සිද්ධි වටේ දේශපාලනය කැරකෙන වටපිටාවක නීර්මානය වෙලා.ඒ මැතිවරණ ආකෘති දුර්වල වීමෙන් වෙන්නත් පුළුවන්.මැයි දිනෙන් පස්සේ තවමත් රටට දැනෙන මැතිවරණ ප්රචාරක ආකෘතියක් ආවේ නෑ.සජබ අම්පාරේ දැවැන්ත ගොවි සමුළුවක් කළා.මාලිමා මැයි දිනෙන් පස්සේ දැවැන්ත මැතිවරණ රැස්වීම් ආකෘතිය අතෑරිය බවක් පේනවා, මාලිමාව දින 14 ක ගෙන්ගෙට යෑමේ වැඩසටහනක් හදලා තියනවා.
සමහරවිට එයාලා පවත්වාගෙන ආපු රටාව තවදුරටත් ගෙනියන්න අමාරු ඇති.එක පැත්තකින් ජනාධිපතිවරණයට තව සෑහෙන කාලයක් තියනවා.අනිත් අතට මාලිමාවට සහ ජවිපෙ අතර අභයන්තර අර්බුදයක් නීර්මාණය වෙලා තිබීමත් මාලිමාව මැතිවරණ ආකෘති පස්සට තල්ලු වෙන්න බලපාලා ඇති.දැන් මාලිමාව සහ ජවිපෙ රටට හෙලිවෙමින් තියන හින්දත් තිබුණ රැල්ල අතුරුදහන් වෙලා ගිහින්.රටේ රාළ කියන්නේ මේ අවස්ථාව ජනතාවගේ පැත්තෙන් බලුවොත් හොඳ අවස්ථාවක් කියලා.
ඒ කියන්නේ තවදුරටත් මේ තියන මැතිවරණ ආකෘති ඇතුලේ දේශපාලන පක්ෂවලට ඉස්සරහට යන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා.ඇත්තටම ගොඩක් ආකෘති යල් පැනලා.ජනතාවගේ පැත්තෙන් බලනවා කියලා රටේ රාළ කියන්නේ මේ වෙලාව තමයි හොඳම අවස්ථාව පක්ෂවල ප්රතිපත්ති සහ වැඩපිලිවෙල සම්බන්ධ සාකච්ඡාව උඩට ගේන්න.දැවැන්ත රැලිවලට යන්න බැරි තරමට හැම පැත්තෙම බලවේග හති වැටිලා.කොලඹ වටලන්න ඇවිත් දෙතුන් පාරක් සජබය සහ මාලිමාව පච වෙලා ගියා.
උද්ඝෝෂණ,පෙලපාලි,වැඩවර්ජන ආකෘතියත් දැන් බිඳ වැටිලා.එක පැත්තකින් වැඩවර්ජනවලට ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.අනිත් පැත්තෙන් වැඩවර්ජනවලට ජනතා සහය හම්බවෙන්නේ නෑ. මෙයාලට පීක් එක ගන්න ඕනි ඉවෙන්ටි සියල්ල පච වෙලා ඉවරයි. සමහරවිට මැතිවරණය කිට්ටු උනහම ඒවට යම් වටිනාකමක් ආයෙත් එයි.දැන් මේ කාලය මතවාදීමය සටනකට අවතීර්ණ වෙන්න හොඳම කාලේ. ප්රතිපත්තියමය කාරණා කතා කරන්න හොඳම කාලේ.
ඇත්තටම වෙන්න ඕනි දෙයක් තමයි මේ රට කොහොමද හදන්නේ, මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන කාලයක් බවට මේ කාලය හරවා ගන්න එකයි.බොරු විච්චූරණවලින් ඇස් නිලංකාර වෙන ඉවෙන්ට් හදන්න මහන්සි වෙනවට වඩා නං ඒක හොඳයි. බොරු රැලි හදලා, බොරු විරයෝ ගෙනත් පුම්බලා බොරු වීරයෝ ජනාධිපති කරලා. මිනිහා පැනලා යද්දී අනිත් බොරු විරයො හැංගිච්චි හැටි ගැන රටේ ජනතාව දැන් තියෙන්නේ ආසන්න මතකයක් විතරයි.
ආණ්ඩුව වට්ටනවා,ගෙදර යවනවා, ජනතාවට අරවා දෙනවා මේවා දෙනවා කියපු අය දැන් ඒවා දෙන විදිහ රටේ ජනතාවට කියන කාලය බවට මේ කාලය පත් කරගන්න ඕනි.දැන් එක එක්කෙනාගේ මස් පිඩු සන්දර්ශන දාන්නේ නැතිව ඔළුවෙන් කරන්න තියනදේ ගැන සාකච්ඡාව පටන් ගමු.විපක්ෂ බලවේග දිහා බැලුවම මේ මතවාදී සහ ප්රතිපත්තියමය කාරණා සම්බන්ධ සංවාදයක් යම් මට්ටමකට හරි කරන්නේ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් විතරයි.
ඒකට අදාල මැදිහත්වීම් තව පෝෂණය වෙන්න ඕනි කියලා දිලිතුත් පිලිගන්නවා ඇති.ඒකට සජිත් – අනුර සංවාදය යථාර්ථයක් බවට පත්වෙනවා නම් තවත් හොදයි.එහෙම උනොත් ඒක රටේ රාළ මේ කියන වැඩේට ලොකු දායකත්වයක්.ඒක නිසා ඒක දින දීලා මඟාරින්න නෙවෙයි,20 න් පස්සේ අපිට බෑ ඔයවගේ වැඩවසම් කතා නොකියා දෙගොල්ලෝ විවාදේ කරන්න.දින එහා මෙහා වීම තාක්ෂණික ගැටලුවක් විතරයි.
කටයි,මොළෙයි තියනවා නං ඒවා නිරාකරණය කරගන්න පුළුවන්. මොකද මේ සංවාදය අනුර සහ සජිත්ට ඕනි නැති බව අපි දන්නවා. හැබැයි මේ සංවාදය දැන් ඕනි මේ රටේ ජනතාවට.ඒක නිසා රටේ රාළ අනුරට සහ සජිත්ට කියන්නේ දෙන්නම ජනතාව ඉස්සරහා නිවට වෙන්න එපා කියලයි.දැන් මේ රටට ඕනි බුද්ධිමය සංවාදයක් මිසක් අනුරගේවත්,සජිත්ගේවත් වැඩවසම් පම්පෝරි නෙවෙයි.
ඒ බුද්ධිමය සංවාදය පෝෂණය කරන්න සජිත්ගේ තියන දැනුමත්, අනුරගේ තියන දැනුමත්,එයාලට සම්බන්ධ අනිත් කවවල දැනුමත් එකතු කරන එක එයාලගේ වගකීමක්.ගිය දහවෙනේදා රටේ රාළ කියන මේ යෝජනාව සමාන්තර වැඩක් යනවත් දැක්කා.විදුලි බල ඉන්ජිනේරු වෘත්තීය සමිතිය විදුලි පනත සම්බන්ධ සංවාදයක් ආරම්භ කරලා තිබුණා.එතනට විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ගණනාවක් ඇවිත් තමන්ගේ මතය කිව්වා.
ඇත්තටම ඒක හොඳම වැඩක්.ඕක තමයි රටේ රාළ කියන්නේ,රටේ ප්රශ්න කාටත් අයිති නිසා පොදු පෝරම්වල කතා කරමු කියලා. හැබැයි ඒ අදහස් පාර්ශ්වික වෙන්න බෑ.මොකද විදුලිය නිෂ්පාදනයෙන් ඉස්සෙල්ලාම සැපිරෙන්න ඕනි අපේ රටේ ජනතාවගේ අවශ්යතා.ඒක සම්පූර්ණ කරන්නයි අපි පළවෙනියට ව්යාපෘති තෝරන්න ඕනි.ඒවා නොකරන්නත් විදුලි බල මණ්ඩලයේ තිබුණ වෘත්තිය සමිති මාපියාව බලපෑවා.
ඒ ව්යාපෘති කරන්න බාල්දි ඇද්ද එක කණ්ඩායමක් තමයි ඔය ඉන්ජිනේරු සංගමය.රටේ රාළ කියන්නේ ඔක්කොම ඉස්සෙල්ලා සමීක්ෂණයක් කරලා බලන්න ඕනි මේ තියන ඩීසල් බලාගාරවල කොටස් හිමියෝ කවුද කියලා.ඒවා ගැන විස්තරත් ඔය පොදු පෝරම්වල කතා කරන්න ඕනි. එතකොට ඇමතිගෙ විතරක් නෙවෙයි වෘත්තීය සමිතිවලත් රෙදි ගැලවෙනවා.මොකද මේ විනාශයේ පංගුවක් දේශපාලනඥයාට, නිලධාරීන්ට වගේම ඔය වෘත්තීය සමිතිවලටත් තියනවා.
කොහොම උනත් විපක්ෂ කණ්ඩායම් එකතු කරලා හරි එහෙම සංවාදයක් ආරම්භ කිරීම ගැන රටේ රාළ විදුලි ඉන්ජිනේරු සංගමයට ස්තුති වන්ත වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *