පොහොට්ටුවෙන් ආපු අයට සජබයෙන් නාම යෝජනා නැහැ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පොහොට්ටුවේ සිට ස්වාධින වී පසුව සමගි ජන බලවේගයට එකතු වූ අයට සජබයෙන් නාම යෝජනා දීමට පොරොන්දු වී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කොට ඇත.

පොහොට්ටුවේ සිට රට බංකොලොත් කිරීමට දායක වී සිටි මෙම පිරිස අනාථ වූ පිරිසක් ලෙස ද ඒ මහතා හඳුන්වා තිබේ.

එසේ පැමිණි ඇතැම් අය පක්ෂයේ ගැටුම් ඇතිවන ලෙස ක්‍රියා කරන බව ද ඒ මහතා කී ය.

මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක ලැයිස්තුව සම්පුර්ණ වී ඇති බවත්, පිටතින් එන කිසිවකුට එහි ඉඩ නැති බවත්, ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *