|

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක

දැනට වයස අවුරුදු 75 ක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කොට ඇති බවත්, ඔහු ජයග්‍රහණය කළ හොත් වයස අවුරුදු 80 වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයේ සිටිනු ඇති බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ප්‍රකාශ කළේ ය.

ඒ අතර ඔහුට වාර දෙකක් දිය යුතු බව වජිර අබේවර්ධන මහතා කියන බව ද ඒ මහතා කීය.

දේශපාලකයින්ට වයස සීමාවක් පනවන්නේ දැයි කළ විමසුමකට පිළිතුරු ලෙස ඒ මහතා කීවේ වයෝ වෘධ , වාරු නැති, දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් ඇති උදවිය පාර්ලිමේන්තුවට නොඑවීම මහජනයා ගේ වගකීමක් බව යි.

පාර්ලිමේන්තුවේ ගේට්ටු කඩාගෙන බලෙන් ඇතුළු වූ කිසිවෙකු පාර්ලිමේන්තුවේ නැති බවත්, සිටින සියලු දෙනා ජනතාව විසින් ඡන්දය දී පත්කළ අය බවත්, ජාජබ නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *