මැයි 3දා සිට ලක්ෂ්මන් යාපා දකුණට – නසීර් අහමඩ් වයඹට

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ලබන මැයි මස 3දා දකුණ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතය.ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණට පත්ව යාමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන නසීර් අහමඩ් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

මෙතෙක් දකුණ පළාත් ආණ්ඩුකාර ධූරය දැරෑ විලී ගමගේ විශ්‍රාම ගැනීමෙන් දකුණ පළාතේ ආණ්ඩුකාර පදවිය පුරප්පාඩු විය.

ජනාධිපතිවරයා විසින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණේ ආණ්ඩුකාර ලෙසත් නසීර් අහමඩ් වයඹ ආණ්ඩුකාර ලෙසත් මැයි 02දා පත්කිරීමට නියමිතබව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *