|

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ ගිවිසුම සති කිහිපයක් තුළ – බ්ලුම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ කරයි

මැයි වන විට ගිවිසුමක් :

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පසුගිය දා කළ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවත්, ඉදිරි සති කිහිපයේ දී දෙපාර්ශවය එකඟතාවයකට එළඹෙනු ඇති බව බ්ලුම්බර්ග්  ජාත්‍යන්තර වෙබ් අඩවිය කියයි.

ඔවුන් කියන්නේ මැයි මස වන විට දෙපාර්ශවය ගිවිසුමකට එළඹෙනු ඇති බව යි.

එමෙන්ජා ම,ත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වුවත් ඉදිරි සති කිහිපයේ දී නැවත එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ  කර ඇත . ශ්‍රී ලංකාව විසින් ගෙවීම් පැහැර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මස වනවිට ආයෝජකයින් සමග ගිවිසුමකට එළැඹෙනු ඇතැයි ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *