|

රුපියල තව ඉහළට ; ඩොලරය රුපියල් 311 ට බසී

 

 

ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යෑම අඛණ්ඩව පෙන්නුම් කරමින් අද දිනයේ ගනුදෙනු ආරම්භ වන විට ඇමෙරිකානු ඩොලරය රුපියල් 311 මට්ටමට පැමිණ තිබු බව වාර්තා වෙයි.

උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඩොලරය රුපියල් 310.50 ට ද අලෙවි වූ බවත්, පසුව එය රුපියල් 311,00 -311.50 වශයෙන් ස්ථාවර වූ බවත් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.

පෙරේදා (31) රුපියල් 315.50 දක්වා පහළට ආ ඩොලරයේ අගය ඊයේ (1) සටහන් වුයේ 313.50 ක් වශයෙනි.

රුපියලේ අගය ඉහළ යෑම පසුගිය සති කිහිපයේ ම ක්‍රමානුකුලව සිදුවෙමින් පැවතිනි. මේ සතියේ එය තරමක් වේගවත් වී ඇති බව පෙනෙන්නට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *