බැංකු පොලිය සියයට 13 න් පහළට වැටෙයි

වාණිජ බැංකු මගින් ලබාදෙන ණය සඳහා පොලී අනුපාත මේ වන විට සියයට 13 කට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට බරිත සාමාන්‍ය පොලී අනුපාතය වාර්තා වන්නේ සියයට 12.79 ක් වශයෙනි.
බැංකු පොලී අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙත අවස්ථා ගණනාවක දැනුම් දී තිබිණි.
මහ බැංකුව කියන්නේ පොලී අනුපාත තව දුරටත් පහත යා යුතු බවයි.
