|

මෙවර අයවැය ඉතා හොඳ එකක්. ඒක අපි ඉහළින් අගය කරනවා.- ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙවෙන්චිගේ

 

මෙවර අයවැය සමස්ථයක් හැටියට ගත්තහම අපි ආනයන කරුවො හැටියට සන්තෝෂ වෙනවා. ඒකට හේතුව, බොහොම ප්‍රායෝගික ක්‍රමයකට බදු ගණනය කිරීම හදලා තියෙනව. අපි හිතන්නෙ ඉදිරියෙදි මෙය වාහන වලට විතරක් නෙමෙයි ලංකාවට ආනයන කරන හැම භාණ්ඩයකටම මේ වගේ ක්‍රමයක් ක්‍රයාත්මක කෙරුවොත් හොඳයි. මොකද නිශ්චිත බද්දක් එක්ක එන්නෙ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගෙන යද්දි බොහෝම පහසුතාවයක් එයින් ඇති වෙනවා.

අපිට තියෙන අපහසුකම්ද අපි ඉදිරියෙදි කතා කළ යුතුයි. ඇක්වා වගේ රථයකට ලක්ෂ විස්සක් තිහක් යනවා. ඒක සලකා බැලිය යුතුයි. ඉලැක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීමේ දී බ්‍රෑන්ඩ් නිව් රී කන්ඩිෂන් කියලා කොටස් දෙකකට කඩන්නැතුව එකක් වශයෙන් සලකා බැලිය යුතුයි. ඒ වගේම වාහන වල ආරක්ෂණ තත්ත්වය සලකා බැලීම බොහොම හොඳයි. ඒ වගේම වාහන වලට විශේෂ බද්දක් හඳුන්වල දීලා තියනවා. තවම ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් අපට ලැබිලා නැහැ. අපි ලබල තියන අත්දැකීම් අනුව අපි හිතන විදිහට වාහනවල ද්විත්කාර්ය වාහනවල 2500 CC වැඩි ඒවට තියනවා සෙමි ලක්සරි සහ ලක්සරි කියල බද්දක්. වෙනදට ඒ වගේ බද්දක් පැනවූ විට අප්‍රේල් පළවෙනිදා ඉඳලා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නෙ. ඒ බද්දෙ දක්වල තියන හැටියට ඕන වෑන් එකක් සාමාන්‍යෙයන් ලියාපදිංචියෙදි ලක්ෂ දෙකහමාරක බද්දක් අයකිරීමට ඉදිරියෙදි කටයුතු කරන්න ඉඩ තියෙනවා. එතනින් එහාට මෝටර් කාර් වලට එංජින් (හයිබ්‍රිඩ් කාර්වල ඉංජින් ධාරිතාවක් තියනවා. ඉලැක්ට්‍රික් වාහනවල මෝටර් කැපැසිටි එකක් තියනව.) ඒ අනුව ඉදිරියෙදි ලක්ෂ පහක්, ලක්ෂ  දහයක්, ලක්ෂ විස්සක් විතර වාහයක් ලියාපදිංචි කිරීමේ දී රජයට ගෙවන්න වෙයි. අප්‍රේල් පළවෙනිදා ඉඳලා ඒවත් ක්‍රියාත්මක වෙයි.

පහුගිය කාලේ වාහන ක්ෂේත්‍රෙය් රැඳිලා ඉන්න අපි බොහොම අමාරු කාලයක් ගෙව්වා මාසයක් එකහමාරක් දෙකක්, මොකද පුවත්පත් වල දාලා තිබුණා වාහන මිල අඩුවෙනවා, සමහරක් කටකතා තිබුණා වාහනවල නීති අයින් කරනවා කියලා, නමුත් ඒ ඔක්කොම වෙනස් වෙලා තියනවා. මම හිතන්නෙ තිබුණට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණයක් ඇති වෙලා තියනවා. අපි රජයට, මුදල් ඇමතිවරයට ස්තූතිවන්ත වියයුතුයි.

බදු අඩුවීම සහ වැඩිවීම නෙමෙයි අපිට වැදගත් වෙනනෙ. දීර්ග කාලයක් තිබුණ ප්‍රශ්නයක් තමයි හිතුණ හිතුණ විදිහට බදු වෙනස් කිරීම. ඉස්සර බදු වෙනස්කරන්න බදු පුතිශතයන්, වටිනාකම් පුතිශතයන්, විනමය අනුපාතය වෙනස් වීම් තුනම තිබුණා. දැන් ඒක වෙනස් වෙලා තියනවා. දැන් ඒකක බද්දක් ආපුඒක හොඳයි. අයවැය යෝජනාවලට කලින් අපි එක්ක රජය කළ සාකච්ඡාවලදි අපි ප්‍රශ්න ඉදිරිපත් කෙරුවා. ඒ අනුව කටයුතු කරලා තියනවා. මෙවර අයවැය වෙනස් නොකර අවුරුදු තුනක් තියන්න අපිට පොරොන්දුවක් දුන්නා. ඒක අපි ඉහළින්ම අගය කරනවා.

අපිට වැදගත්ම දේ බදු අඩුවීමද වැඩිවීමද කියන එක නෙමෙයි. ලීසිං කොම්පැණිවලට, බැංකුවලට, වාහන ගන්න පාර්භෝගිකයන්ට, ආනයන කරුවන් වශයෙන් අපිට ස්ථාවරව වැඩ කරන්න තත්ත්වයක් ඇති වෙනවා. මේ අයවැයේ මම දකින සුවිශේෂිතාවය එයයි. අවුරුදු තුනක් මෙම අය වැය තීරණ ස්ථාවරව තබන්න පොරොන්දුවක් ලබා දීලා තියෙනව. මම හිතන්නෙ ඒක අවශ්‍ය වාහන ද්ෂේත්‍රයට විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකට එහෙම වෙනවනම් හොඳයි එතකොට තමයි මේ රටට ආයෝජකයන් එන්නෙ. යම්කිසි ස්ථාවර මට්ටමේ වෙළඳපොලක් පවත්වාගෙන යාමට හැකි වෙන්නෙ.

මේ අය වැයේ සුළුවෙනස්කම් දෙක තුනක් තියනවා සංසෝධනය විය යුතු. මම හිතනවා ඒක කළොත් හොඳයි කියලා. ඒ ඇරෙන්න සමස්ථයක් වශයෙන් ගත්තාම වාහනයක් ගන්න කෙනෙක්ට අපිට ලොකු අවස්ථාවක් තියනවා, ලොකු කුඩා වාහන ගන්න. අපි පාවිච්චි කරනලද වාහන ආනයනය කරුවො හැටියට සෑහෙන රථ ප්‍රමාණයක් ජපානෙන් ගෙන්වන්න තියෙනවා. ඒවා ගෙනල්ලා හොඳ වෙළඳපොළ තත්ත්වයක් නිර්මාණය කරන්න අපි උත්සාහ ගන්නවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *