|

කොළඹ කොටස් වෙළෙඳපොළෙ විශාල වර්ධනයක්

පසුගිය දිනවල සුළු වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනය තුළ විශාල වර්ධනයක් පෙන්නුම් කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව nකලකට පසු අද (02) දිනයේ දී අද දිනයේ රු. බිලියන 2 සීමාව ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වී ඇත.

 අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 138.95 කින් ඉහළ ගොස් ඒකක 7,907.52 ක් හා S&P SL20 දර්ශකය ඒකක 67.73 කින් ඉහළ ගොස් ඒකක 2,512.82 ක් ලෙස වාර්තා විය.

මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 1.79% ක හා 2.77% ක වර්ධනයකි.

අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර ලංකා IOC, එක්ස්පෝලංකා, හේලීස්, එයිට්කන් ස්පෙන්ස් හා HNB යන සමාගම් කැපී පෙනුණි.

මිල දර්ශක ඉහළ යාම සඳහා සමාගම් 132 ක්ම ධනාත්මක දායකත්වයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *