ඒ මොහොතේ තෝරාගැනීමට සිටි හොදම නායකයා මෛත්‍රීපාල සිරිසේනයි – දයාපාල තිරාණගම
“ජනතා ජහග්‍රහණයක් කිව්වම අපි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? පහුගිය ආණ්ඩුව ඉතාමත් දරුණු විදිහට ජනතා නිදහස පීඩාවට පත්කෙරුව. සුදු වෑන් සංස්කෘතිය මගින් මිනිසුන් පහැර ගෙන ගිහින් අතුරුදහන් කෙරුව. අද ඒ පිළිබඳ පරීක්ෂණ මගින් හෙළිදරව් වෙමින් පවතිනව. රාජ්‍ය දේපළ කෝටි ගණනින් හොරකම් කෙරුව. ආණ්ඩුවෙ නිලධාරීන් පමණක් නෙමෙහි ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් පවා මේ කර්තව්‍යයන්හි යෙදිලා තියෙනව. ද්‍රවිඩ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංගනය කරමින්. අපේක්ෂාවන් ඉටු කරන්න තියෙන අවස්ථාවන් මගහරිමින්, සිංහල බෞද්ධ ජාතිවාදය ශක්තිමත් කිරීමෙන් තමයි එයාලා රාජ්‍ය පාලනය ගෙනියන්න උත්සහ කෙරුවෙ. මේව එකින් එක සලකල බැලූවොත් අද තත්ත්වයත් එක්ක. මිනිසුන්ගේ අපේක්ෂා භංගත්වයක් ඇති වෙන්න විදිහක් නැහැ.” යයි හිටපු කථිකාචාර්ය දයාපාල තිරාණගම මහතා යුක්තිය හා සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය .එහිදී ඒ මහතා පලකල අදහස් මෙසේය
ජනාධිපති වර්ෂ පූර්ණ සැමරුම පසුගිය දා පැවැත්වුණා. ජනතා බලාපොරොත්තු මැද ජනාධිපති වරණයට ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරල වසරක් ඉකුත් වී අවසන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතා සිතුම් පැතුම් ඉටු කරන්න සමත්වෙලා තියෙනවද? නැත්නම් ජනතාව අපේක්ෂා භංගත්වයකට පත්වෙලාද?
ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක්. මම එහෙම කියන්නෙ ඒ වන විට පවත්වාගෙන ගිය දරදඬු ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට හැකිවූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කළ නිසයි. රාජපක්ෂ පාලනය පෙරළා දැමීම ම තම ජයග්‍රහණයක් හැටියටයි ජනතාව සැලකුවෙ. ඒ ජනතා අපේක්ෂාව ඉෂ්ට වීම ජනතාවට දුන් පොරොන්දු මත රඳාපවතින එකක් නෙමෙයි, ඒ දුර්දාන්ත පාලනය පලවා හැරීම ම ජනතා බලාපොරොත්තු ඉටු වීමක්.
අද නිදහසේ කතා කරන්න, නිදහසේ ලියන්න, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් ඇති වෙලා තියෙනව. අද මාධ්‍ය නිදහස ඇති වෙලා තියෙනව. විරුද්ධ පක්ෂයේ අයටත් රජයේ මාධ්‍ය විවෘත වෙලා තියෙනව. මේවා ජනතා බලාපොරොත්තු ඉටුවීමක්.
ජනතා ජහග්‍රහණයක් කිව්වම අපි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? පහුගිය ආණ්ඩුව ඉතාමත් දරුණු විදිහට ජනතා නිදහස පීඩාවට පත්කෙරුව. සුදු වෑන් සංස්කෘතිය මගින් මිනිසුන් පහැර ගෙන ගිහින් අතුරුදහන් කෙරුව. අද ඒ පිළිබඳ පරීක්ෂණ මගින් හෙළිදරව් වෙමින් පවතිනව. රාජ්‍ය දේපළ කෝටි ගණනින් හොරකම් කෙරුව. ආණ්ඩුවෙ නිලධාරීන් පමණක් නෙමෙහි ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් පවා මේ කර්තව්‍යයන්හි යෙදිලා තියෙනව. ද්‍රවිඩ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංගනය කරමින්. අපේක්ෂාවන් ඉටු කරන්න තියෙන අවස්ථාවන් මගහරිමින්, සිංහල බෞද්ධ ජාතිවාදය ශක්තිමත් කිරීමෙන් තමයි එයාලා රාජ්‍ය පාලනය ගෙනියන්න උත්සහ කෙරුවෙ. මේව එකින් එක සලකල බැලූවොත් අද තත්ත්වයත් එක්ක. මිනිසුන්ගේ අපේක්ෂා භංගත්වයක් ඇති වෙන්න විදිහක් නැහැ.
ජනතාවගේ අපේක්ෂා භංගත්වයක් තියෙනව නම්, එහෙම ඇති වෙන්නත් හේතු කිහිපයක් තියෙනව. රාජ්‍ය බලය මාරු වුණත් රාජ්‍ය තන්ත්රය ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නෙ ඒ ගොල්ලන්ගේ අන්තේවාසිකයො මගින්ම තමයි. අධිකරණ පද්ධිතියේ පවා ඒක හොඳින් දකින්න ලැබුණ. පරීක්ෂණ කඩිනමින් විසඳිමට තරම් ආයතනික සහයෝගයක් වර්තමාන ආණ්ඩුවට ලැබුණෙ නැහැ. අදටත් ලැබෙන්නෙ නැහැ. ඒක නිසා වැරදිකරුවන් සෙවීම, දඬුවම් දීම කල්යන ක්‍රියාවක් බවට පත්වෙලා. එත් ඒවා නැවතිලා නෑ. උදාහරණයක් ගත්තොත් එක්නැලිගොඩගෙ අතුරුදහන් වීම ඉතාමත් හොඳින් විමර්ෂණය කරමින් යනව. මේ විමර්ෂණය ඉතාමත් වැදගත් වෙනව, අනිත් අය අතුරුදහන් වී ඇත්තේ කොහොමද යන්න ගැන අදහසක් ගන්න. හමුදාවේ හිටපු උසස් නිලධාරීන් කිහිප දෙනෙක් ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට අත්අඩංගුවට පත් වී තියෙනව. මේකම අපිට සාධනීය තත්ත්වයක් ලෙස දකින්න පුළුවන්. මිනිසුන් තුළ තිබූ මෙවැනි අතුරුදහන් වීම ගැන බය අද නැතිවෙලා තියෙනව. පසුගිය වකවානුවේ අතුරුදහන් වූ අය ගැන පරීක්ෂණ සිදුවෙන බවටත් පූර්වාදර්ශයක් තියෙනව.
මේ පරීක්ෂණ ප්‍රමාද වෙන බව ඇත්ත. නීත්‍යානුකූලව ඔප්පු කරන්න නම්, ඉතාම සියුම් විදිහට විමර්ෂණය කරල, නිවැරදි සාක්ෂි ඉදිරිපත් කරල, නියම වැරදි කාරයො අල්ලල දඬුවම් දිය හැකි වෙනව. ඒ සඳහා හු`ගක් කල් යනව. ඒක අපේක්ෂා භංගත්වයක් ඇතිකරගත යුතු කාරණයක් නෙමෙයි.
ඔබේ ඒ පිළිතුරෙන් වෙනසක් බලාපොරොත්තු වූ දකුණේ ජනතාව සෑහීමකට පත්වෙන්න පුළුවන්. රාජ්‍ය පාළනය වෙනස් කරන්න සහයෝගය දුන් උතුරු නැගෙහිර ජනතාවගේ බලාපොරොත්තු වලට සාධාරණයක් ඉටු වී තියෙනවද?
උතුරට හා නැගෙනහිරට තිබුණ නොයෙක් බාධක ඉවත් කිරීමේ කර්තව්‍ය ලේසි කටයුත්තක් නෙමෙයි. ද්‍රවිඩ ජනතාවගේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් එනම් බලෙන් පැහැරගෙන තිබුනු ඉඩම් ආපසු දෙන්න පටන් අරගෙන තියෙනව. දේශපාලන හිරකරුවන් නිදහස් කිරීමේ පිවරවල් අරගෙන තියෙනව. ඒ වගේම නව ව්‍යවස්ථාව මගිනුත් ඔවුන් මෙතෙක් ඉටු නොවූ, ඔවුන් බලාපොරොත්තු වූ සාධාරණ දේවල් ඉටුකර ගන්න මාවතක් පෑදෙයි.
ඒ වුණත් ජනතාව තම අයිතිවාසිකම් ඉල්ලා වීදි බහිනකොට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයො තම අයිතිවාසිකම් ඉල්ලලා පෙළපාලි යනකොට පොලීසියෙ ප්රහාරයන්ට ලක් වෙනව.
ජනතාව තම සාධාරණ ඉල්ලීම් දිනා ගන්න උද්ඝෝෂණ කිරීම ප්රජාතන්ත්රවාදියි. ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැ`ගීම, ඒ සඳහා පෙළපාලි යෑම ඔවුන්ගේ අයිතියක්. ඒ අයිතිය නැති තැන ප්රජාතන්ත්රවාදය අහෝසි වෙනව. ඒත් මහජනතාවටත්, දේපළවලටත් හානි කළ නොහැකියි. පොලීසිය සාධාරණ පෙළපාලියක් නැවැත්වීමට පහර දෙනව නම් වැරදියි. එම සිද්ධීන් ගැන පරීක්ෂණ කර දඬුවම් දිය යුතුයි.
ඇතැම් කණ්ඩායම් කියන්නේ, සිංහලයා ඉවර කරන්නයි හදන්නේ. බුද්ධාගමත් ඉවරවෙයි කියලයි.
රාජපක්ෂ ප්රමුඛ විපක්ෂය ජාතීන් තර ගැටළුව විසඳීම දකින්නේ හොඳ ක්‍රියාවන් වශයෙන් නොවෙයි. ඔවුන් මේව දකින්නෙ ද්‍රවිඩ ජනතාවගේ ප්රජතන්ත්රවාදී අයිතිවාසිකම් ඉෂ්ට කිරීම සඳහා කරන දෙවල් වශයෙන් ද නෙමෙයි. ද්‍රවිඩ ජාතීවාදීන්ට උල්පන්දම් දෙන ක්‍රියාමාර්ග වශයෙන්. ඔවුන් එවන් මතයක් ජනතාව අතරට ගෙනියන්නෙ ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් ඉටු කර ගැනීම පිණිස ජනතාව උසිගැන්වීමට පිණිස මිස, සැබෑ ජාතික හැ`ගීමකින් නෙමේ. ඔවුන්ට අවශ්‍ය නැති වී ගිය බලය ලබා ගැනීමත්, ඔවුන්ගේ අභිමානය රැුකගැනීමත් පමණයි. ඔවුන් විසින් උසිගන්වන ලද විඤ්ඤාණයක් නැති ජනතාව හිතන්නේ ඔවුන් කියන්නේ ඇත්ත කියලයි. ජාතිවාදය අවුස්සන අය තමයි රටේත්, සිංහල ජාතියේත්, බුද්ධාගමේත් ගැලවුම්කරයන් කියල. ජාතිය ආගම මත ජනතාව උසිගැන්වීම ලේසීයි.
දිගු කාලයක් රාජපක්ෂ පාලනයෙන් පීඩා විඳි ජනතාවට අවශ්‍යතාව තිබුණ එම පාළනය පෙරළා දැමීමට. ඒ සඳහා දේශපාලන පක්ෂ නායකයකුගෙන් ඔබ්බට ගිය පොදු අපේක්ෂකයකුගේ අවශ්‍ය තාවය පැනනැගුණා. ඒ වෙලාවේ පොදු අපේක්ෂකයා විදිහට කීප දෙනෙක්ගෙ නම් යෝජනා වෙමින්, යෝජනා වූ නම් වෙනස් වෙමින් ‘පොදු අපේක්ෂකයා විය යුත්තේ කවුද?’ යන්න ඒ මේ අත දෝලනය වුණා. ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක පූජ්‍ය මාදුලාවේ සෝභිත නාහිමියන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (කරළියට නොආවත්* ඇතුළු තවත් කිහිප දෙනෙක්ගේ නම් යෝජනා වුණා. අතැමෙක් බලාපොරොත්තු වුණා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙයි කියල. ඒ වෙලාවෙ පොදු අපේක්ෂකයා විදිහට තෝරාගැනීමකට ලක් වූයේ හිටපු සෞඛ්‍ය ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාවයි. ජනාධිපතිවරයා පත්වෙලා වසරක් ඉක්ම ගිහින්. ඒ උණුසුම මැකිල ගිහින්.
ඒ වකවාණුව දෙස ආපසු හැරී බැලූවම, එදා පැවති වාර්තාවරණය අනුව ඉහත සඳහන් කළ කවුරු ඉදිරිපත් වුණත් මහින්ද පරද්දල දිනන්න පුළුවන් කියල හිතෙනවද? නැත්නම් මෛත්‍රී ද එකම සුදුස්සා වුනේ?
ඒකට තියෙන කෙටි පිළිතුර තමයි ඒ අවස්ථාවෙදි ජයග්‍රහණය කරන්න පුළුවන් වුනේ මෛත්‍රීපාල නිසා කියලයි. සොභිත හිමියන් හෝ, රාජිත හෝ, නිර්මාල් හෝ රනිල් ආව නම් ජයග්‍රහණය මේ තරම් ලේසි වෙන්නෙ නෑ. මෛත්‍රීපාල අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයෙන් හදිසියේ අයින්වීම ම විපක්ෂයේ පක්ෂ හා මධ්‍යස්ථ මතධාරීන්ට අමුතු ජවයක් ඇති කරන්න හේතු වුණා. ඒක මෛත්රීපාලගේ ආගමනය හැරුණු කොට වෙනත් කෙනෙකුට කරන්න පුලූවන්ද කියන ප්රශ්නය වසරක් ගියත් අපි අතර තියෙනව. ලංකාවේ ජනතාව ප්රජාතන්ත්රවාදයට හුරු, ප්රජාතන්ත්රවාදය අගය කරන ජනතාවක්. ඒක ඉටුකරගන්න විශ්වාසනීය නායකයෙක් ජනතාව බලාපොරොත්තු වුනා.
ඒ වෙලාවේ දිනන්න පුළුවන් වුනේ පුද්ගල ප්රතිරූපයකට නෙමෙයි. ඒ වෙලාවෙ දිනන්න පුළුවන් වුනේ මතවාදයකට. මතවාදය ආරක්ෂා කරන්න පුළුවන් සංවිධාන ව්‍යුහයක් සහ කණ්ඩායම් එකට එකතු වුනා. ඒ මතවාදයට ගරු කරනවා යැයි බලාපොරොත්තු තබාගත හැකි නායකයෙක් හිටිය නම් විතරයි ජනතාව ඒ වටා එක්වෙන්නෙ. ඉහත සඳහන් කළ ජන නායකයන් එවන් තත්ත්වයක් ජනතාව තුළ ගොඩනගා ගෙන තියෙනවද කියන එක ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ ලේසියෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට එක`ග වෙන්නෙ නෑ. ඔහුත් මෛත්‍රීපාලට කැමති වුනා. ඒ හැම කෙනෙක්ම දැක්කා මේ දේශපාලන බලාවේග ඒකරාශි කරලා ඉදිරියට ගෙනයාහැකි පුද්ගලයකුට පමණයි මේ වගකීම බාර දිය යුතතේ කියල.
මනෝජ් රූපසිංහ.
මෙම ලිපියේ තවත් කොරසක් ඉදිරියේදී පළවේ.
