ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද ඇරඹේ

මෙරට ආර්ථික සංවර්ධන මූලෝපායික කරුණු සාකච්ඡා කෙරෙන ප්‍රධාන අවස්ථාවක් වන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ වෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අමුත්තා ලෙසත්, මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශේෂ අමුත්තකු ලෙසත් සහභාගී වන මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා වසර 2025 දක්වා ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගික සැලසුම් ගැන සාකච්ඡා කිරීමට නියමිතය.
ලංකා වානිජ මණ්ඩලය මූලිකත්වය ගෙන සංවිධානය කළ මෙම අවස්ථාවට රටේ හා කලාපයේ ප්‍රධාන විද්වතුන් හා ව්‍යාපාරික ප්‍රජාවේ පිරිස් ද සහභාගී වෙති. සමුළුව දින දෙකක් පැවැත්වෙයි.
