අපි ඉදිරිපත් කරන්නේ දූෂණ චෝදනා අඩු, සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගන්න පුළුවන් ජාත්‍යන්තරයට පවා අමතන්න පුළුවන් අපේක්ෂකයෙක් – රන්ජන් රාමනායක
වර්තමාන දේශපාලනඥයන් අතර දූෂණ චෝදනා නැති කිසිවකු නැතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳුදා (16දා) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් කීය. රාජ්‍ය ඇමතිවරයා එහි දී මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂයට පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම දුෂ්කර එකක් නොවන බව පැහැඳිලි නිසා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න ඒතරම් හදිස්සියක් වෙන්නේ නෑ.
අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න සුදුසුකම් ඇති සාමාජිකයන් ගණනාවක් ඉන්නවා. ඉදිරි දිනවලදී අපි ඒ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ දූෂණ චෝදනා අඩු ඒ වගේම සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගන්න පුළුවන් ජාත්‍යන්තරයට පවා අමතන්න පුළුවන් අපේක්ෂකයෙක්. මහින්ද මහත්තයලගෙ කණ්ඩායමට දූෂණ චෝදනා හැට හුටහමාරක් තියෙනවා.
ඒවා චෝදනා පමණක් නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ප්රභාකරන්ගේ මිනිමැරුම් චෝදනා ඔප්පු කළාද? කරුණා අම්මාන් කීවා අරන්තලාවේ විනාශය සැලසුම් කළා කියලා. චෝදනා ඔප්පු උනාද? ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උසස් තනතුරකුත් ලබාගත්තා.
අද කුඩු බිස්නස් කරන අය ගැන චෝදනා නැගෙනවා. ඒවා ඔප්පු වෙනවද? ඕවා මුදල් බලේ ඇතුළු වෙනත් වෙනත් දේ නිසා යටයනවා. සුනාමි මුදල් වංචා කළ බවට චෝදනා නැගුණා. ඒ ගැන චෝදනා කරපු කබීර් හසීම් ඇමතිතුමා සමග තවත් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවන්නත් උනා. ඔයවගේ තමයි අද රටේ හැටි.
වාර්තා සාක්ෂි අමුතුවෙන් හදන රටක් මේක. නඩු අතරමගදි සාක්ෂිකරුවන් මිල දී ගන්නවා. ඇයි බොරුද? හොරු අල්ලන්න බැරි ඇයි කියලා ලංකාව වගේ රටක අහන්න එපා. භාරත ලක්ෂ්මන් මැතිතුමාගේ රියදුරු මුලදි දුන් සාක්ෂිය නෙමෙයි පස්සෙ කීවෙ හොඳම උදාහරණයක් ඒක.
රාවය පත්‍රයේ කර්තෘ සහ මගේ නඩුවේත් සාක්ෂිකරුවකු වන වික්ටර් අයිවන් මහතාගෙන් අද අධිකරණයේදී සාක්ෂි විමසුවා. ඔහු විසින් ලියා පළ කරන ලද නොනිමි අරගලය නමැති කෘතිය පිළිබඳවත් කරුණු විමසුවා. මෙම නඩුව සැප්තැම්බර් 30 දිනට කල් තබන ලදී.
මනෝජ්

