මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සිංගප්පුරුවේ නඩු විභායකින් පසුවයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පිටුවහල් කරගැනීම සඳහා එරටට අවශ්‍ය ලියකියැවිලි පසුගිය දා භාර දුන්නද ඒ පිළිබඳව අවසන් පියවර ගැනීමට පෙර එරට දී විශේෂ පරීක්ෂණයකින් පසුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවිය යුතු වන බව තතුදත් නීති අංශ ප්‍රකාශ කරයි.

සිංගප්පූරු පුරවැසියකු එරටින් පිටුවහල් කොට වෙනත් රටකට භාරදිය හැක්කේ එරට අධිකරණයකින් ගත් නියෝගයක් මත පමණකි. ඒ සඳහා ප්‍රමාණවත් කරුණු ඇති බවට අධිකරණයට ඔප්පු කළ යුතුය. එලෙස අධිකරණ ක්‍රියාවලියකට පිවිසීමට පෙර අදාළ කරුණු හොඳින් පරීක්ෂා කරන පරීක්ෂණ ක්‍රියාවලියකට යොමු විය යුතුය. අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීම සිදු වන්නේ එබඳු පර්යේෂණයකින් පසුවය.

නීතිවේදීන්ගේ මතය වන්නේ මේ සඳහා අඩු තරමින් වසර දෙකක කාලයක් ගත වන බවයි. අර්ජුන මහේන්ද්‍රන් මහතාට ඇති චෝදනා සම්බන්ධයෙන් විශාල ලිපි ලේඛන තොගයක් මෙරටින් යවා ඇති නිසා ඒ සියල්ල පරීක්ෂාකිරීමට තවත් විශාල කාලයක් ගතවනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *