සිංගප්පූරුව ගැන නොදන්නාකම ගම්මන්පිල හෙළිකරයි

ලෝකයම ගැන මහදැනමුත්තකු ලෙස කයිවාරුගහන උදය ගම්මන්පිල මහතා සිංගප්පූරුව ගැන කිසිවක් නොදන්නා බව හෙළිකොට ඇත.
ඔහු එසේ කොට තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළහොත්, එදා තායිලන්තයෙන් කුමාරන් පද්මනාදන් කුදලගෙන ආ ලෙසන අර්ජූන මහේන්ද්‍රන් රැගෙන එන බව කියමිනි. සිංගප්පූරුවේ නීතිය ගැන දන්නා උදවිය ඒබඳු කතා නොකියති.
සිංගප්පූරුවේ කිසිවෙකුට ගිනි අවියක් ළඟතබාගත නොහැකියි. ගිනි අවි රැගෙන කිසිවෙකුට රටට ඇතුළු විය නොහැකියි. කිසිවකු රට තුළ ගිනි අවියක් භාවිතා කළ හොත් ජීවිතාන්තය දක්වා හිරේය. වෙඩිල්ලක් පත්තු කළහොත් එයින් මිනිසෙකුට හෝ සතෙකුට හානියක් නොවුණත් සිර දඬුවම් ස්ථිරය. පතුරමක් හෝ රට තුළට ගෙන ඒම වරදකි.
වරෙක වියට්නාම් මාධ්‍යවේදිනියක් සිංගප්පූරුවට පැමිණියේ වියට්නාමයේ සංචාරයකින් පසුවය. වියට්නාම් යුද්ධය සිහිපත් කිරීම සඳහා උණ්ඩයක් යෙදූ මාලයක් ඇය ගෙළ පැළඳ සිටියාය. සිංගපූර් බලධාරින් ඇයව අත්අඩංගුවට ගත්තේ නීති විරෝධී ලෙස උණ්ඩයක් රට තුළට ගෙන ඒම සම්බන්ධයෙනි.
සිහිවටනයක් ලෙස උණ්ඩයක් ගෙන ආ බව කීවද මාස තුනක සිර
දඬුවමකට යටත්වීමට ස්විඩන් මාධ්‍යවේදිනියට සිදුවිය. සිංගප්පූරුව කියන්නේ ඒ ජාතියේ
රටකි.
එරටට ගිනි අවි රැගෙන ගියහොත් බොහෝ විට ආපසු ඒන්නට වෙන්නේ නැත. ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නට වෙන්නේ සිංගප්පූරුවේ සිරගෙදරය.
ගෝඨාභය ජනාධිපති වෙන්නේ නැති එක වෙනම කතාවකි. ජනාධිපති වුවත් ගෝඨා, ගම්මන්පිල නොවන නිසා සිංගප්පූරුව සමඟ චණ්ඩිකම් කරන්න යන එකක් නැත.
හැබැයි, ගම්මන්පිල පෙත්තා කියන්නේ තමන්ට සිංගප්පූරුව ගැන දැනුමක් නැති බවයි.
