සහරාන් හෂීම් ගෝටාභයගේ ඔත්තුකාරයෙක් !!!
පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් පසුගිය රජය සමයේ ගොටාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී ඔත්තුකාරයකු ලෙස රජයන් වැටුප් ලබාගෙන ඇති බව හෙළිදරවු වෙයි . විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ තිස් දෙනකුට පසුගිය රජය වැටුප් ගෙවා ඇති බවයි .
මීට පෙර අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රජයෙන් වැටුප් ගෙවා ඇත්තේ ඔත්තුකරුවන්ට බවත් ඔවුන්ගේ නම් හෙළිදරවු කිරීම වරදක් බවත්ය . ඒ අනුව රජයෙන් වැටුප් ලැබූ සහරාන් හෂීම් ද ඔත්තුකරුවකු විය යුතුය .
සාමාන්‍යයෙන් ඔත්තුකරුවන් ලෙස සලකන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට පිටතින් ඇතුළුකොට තොරතුරු ලබාගැනීමට යොදවන උදවියයි . ඇතැම්විට සංවිධානයේ සිටින අයටද මුදල් ගෙවා ඔත්තු ලබාගැනීම සිදුවෙයි . මරාගෙන මැරෙන සංවිධානයක නායකයකු ඔත්තුකරුවකු ලෙස සලකා වැටුප් ගෙවීම විශේෂ තත්වයකි .
