ජනපතිවරණයට මම එන්නේ නෑ- රනිල් දාන්නත් එපා -ජනාධිපති එජාප ඇමති පිරිසකට කියලා

ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරඟ නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ඇමති පිරිසක් සමග පවසා ඇතැයි වාර්තා වෙයි . ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව සුහද කතාබහක යෙදෙමින් ජනාධිපතිතුමා පවසා ඇත්තේ එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොකොට අලුත් මුහුණක් ඉදිරිපත් කළ යුතු බවයි . තමන් මහින්ද රාජපක්ෂ පිලට සහාය නොදෙන බව ද ඔහු පවසා ඇත .

තමන්ට ගැළපෙන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළහොත් එජාපයට සහය දෙන බවත් නැතහොත් ස්වාධීනව සිටින බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසා ඇත .

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිපය පසුගිය කාලයේ දිගටම උත්සහ කළේ පොහොට්ටුවේ සහයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටය . එහෙප් එම පක්ෂය තුළ එයට ඇත්තේ දැඩි විරෝධයකි .

දැන් ජනාධිපතිවරණයට එජාපයේ නව අපේක්ෂකයකුට සහයදීමේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාව ඔහුගේ ප්‍රධාන සගයින්ව සිටින ශ්‍රිරාල් ලක්තිලක , මෛත්‍රී ගුණරත්න කණ්ඩායමේ වුවමනාව අනුව කළ මුට්ටිය දමා බැලීමක් වියහැකි බව දේශපාල අංශ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *