හිරුණිකාගෙ නඩුව වගේම අහිම්සාගෙ නඩුවත් දිනයි – ගෝඨාභය රාජපක්ෂට වීසා ඉවත්කරගන්න බැරිවෙයි – රන්ජන් රාමනායක

ලසන්ත වික්‍රමතුංග මහත්මයාගෙ දියණිය ගැන අපිට ලොකු ගෞරවයක් තියෙනව. එතුමියට තමයි පියාව අහිමි වුණේ. එතුමව ඝාතනය කළේ බැරියර් දෙකක් මැද. හරකුන්, බැටලුවන් මරණ ස්පෙෂල් බෝල්ට් ගන් එකකින් තමයි එතුමට වෙඩිතියලා තිබුණෙ. ඒක ගෙන්නලා තිබුණෙ ආරක්ෂක අමාත්‍යාංශය හරහා. කවුරුත් දන්නවා මහ පාරේ බැරියර් දෙකක් මැද තමයි මෙතුමට වෙඩි තිබ්බෙ. මට නඩු විසි හයක් තියෙද්දි මේක මම පැහැදිලිව හැමදාම කිව්වා, මේකෙ ප්‍රධාන කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා.

ලසන්ත වික්‍රමතුංග ජීවත්වෙලා ඉන්න කාලෙ මිග් වංචාව ගැන සන්ඩේ ලීඩර් පත්තරේ ලොකුවට ලිව්වා. ඊට පස්සෙ එතුමට නඩුවක් දැම්මා ගල්කිස්ස උසාවියෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තය. ඒ කාලෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උසාවියට එද්දි උසාවියෙ ඉන්න ලෝයර්ස්ලා පවා එළියට දාලා ආරක්ෂ ලේකම් වරයා ගත්තා ඇතුළට. ඒ නඩුව අහල ලසන්තට දරුණු විදිහට කරදර කෙරුවා.

මම බොහොම පැහැදිලිව කියන්නව, ලසන්ත වික්‍රමතුංග මැරුණෙ, සීනි හැදිලා, කොරොස්ටෝල් හැදිලා වගේ රෝගයකින් නෙමේ. බොල්ට් ගන් එකකින් වෙඩි තියලා මැරුණෙ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකට සම්බන්ධ කරගත්තෙ ඒ කාලෙ රණවිරුවො. රණවිරුවන් බිල්ලට දීලා තමයි ඒ වැඩේ කරගත්තෙ.

ඒ සියලුම දේවල් තියෙද්දි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලිව ප්‍රකාශයක් කළා ඩේලි මිරර් එකට, ‘අහිම්සාට කියන්න, අහිම්සගෙ තාත්තා මැරුවෙ කවුද කියල එක එක තැන්වල කියන්න එපා කරුණාකරල මාව හම්බ වෙන්න කියල.’ එයා දන්නව මරපු කෙනාව කියල. ආරක්ෂක ලේකම් වරයෙක් හැටියට මිනීමරුවෙක් සඟවාගෙන සිටීම, අපරාධ කරුවෙක් වසන් කිරීම අපරාධ නඩු විභාග සංග්‍රහයෙ නීති රීති යටතෙ ලොකු වරදක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දන්නවා මැරුවෙ කවුද කියල.

ඇමරිකාවෙ නඩුවක් දාලා තියෙන්නෙ ඒකට තමයි. පසුගිය දවස්වල මාධ්‍යයෙ තිබුණා සිතාසි බාරදීලා තියෙනව කියල. පොටෝ එකකුත් ගියා. මම හිතන්නෙ ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒ එතුමා කරපු එක වරදක් විතරයි. තව වැරදි හැටහුටහමාරක් තියනව. මාධ්‍යෙව්දීන් ඝාතන 36 කට සම්බන්ධ කෙනෙක් එයා. ඔහුම කියනවා ඒ කාලෙ තමන්ගෙ හිසට උඩින් කපුටෙක්වත් පියාඹන්න බෑ කියල. එතුමට ලොකු ප්‍රශ්නයක් වෙයි මෙම නඩුව. මොකද පහුගිය ටිකේ ලංකාවේ අධිකරණය ගැන විවිධ අය විවිධ කතා කිව්වා. මම ඇර. ඇමරිකාවෙ අධිකරණය මිලට ගන්න බෑ. මම දන්න විදිහට අපේක්ෂිත ඇප ගන්න බෑ. ඇමරිකාවෙ අධිකරණයට ගිහිල්ලා, ඩේසි ආච්චිගෙ මැණික් මල්ල, අමතක වුණා, දන්නෙ නෑ, මැණික් මුදලාලි කෙනෙක් මැණික් දුන්නා ආයෙ ගියා. ඒ කාලෙ මගෙ ඔළුවට පොල් ගෙඩියක් වැටුණා වගේ දේවල් කියන්න බෑ. ඒ වගේ ලෝයර්ස්ලත් එහෙ නෑ. ඒ හින්දා මම හිතන්නෙ නෑ මේක ලේසිවෙයි කියල. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මම හිතන්නෙ ඍජුව උත්තර දෙන්න වෙයි. පුරවැසි භාවයටත් ප්‍රශ්නයක් වෙයි. ඒක හොඳ තීරණයක් මම හිතන්නෙ. අහිම්සා දියණියගේ භූමිකාව.

එතුමියට ගහයි, මේකට මුදල් පම්ප් කරන්නෙ දෙමළ ඩයස්පෝරාව, දේශ ද්‍රෝහි, ජාති ද්‍රෝහි කියල සේරම ගහයි. හිරුණිකා වගේම අහිම්සාත් මේ නඩුවෙන් දිනයි. මීනිමරුවා ඇතුළට යයි. ගෝඨාභය මහත්තය, මේකට සම්බන්ධ සියලු දෙනාම කියල ගියොත් හොඳයි. මේකට සම්බන්ධ රණවිරුවන්ට මම කියන්නෙ, ගෞරවණීය රණවිරුවනි, තමුන්නාන්සේලාට කිසිම අවශ්‍යතාවක් තිබුණෙ නෑ ලසන්ත වික්‍රමතුංග මරන්න, තිස් හයදෙනෙක් මරන්න, රතුපස්වල වෙඩිතියන්න, ධීවර ඇන්තනීට වෙඩි තියන්න, රෝෂේන් චානුකට වෙඩි තියන්න වගේ දේවල් රණවිරුවො කෙරුවෙ නායක දේශපාලඥයො කියපු නිසා.

රණවිරුවන් ගෙන් මම ඉල්ලා සිටින්නෙ ගෞරවණීය රණවිරුවන්ගේ නාමය රකින්න, ඔබට ලසන්ත වික්‍රමතුංගව මරන්න ඕඩරේ දුන්න ලොක්කගෙ නම කියලා මැරෙන්න. එතකොට ප්‍රශ්නය ඉවරයි. වෙනින් කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මෙම ඕඩරය දුන්නෙ. මේකට තවත් කීප දෙනෙක් සම්බන්ධයි. ලසන්ත වික්‍රමතුංග අන්තිම කෝල් එක දීලා තිබුණෙ, මහින්ද රාජපක්ෂ මහත්තයට. ඒ ටෙලිපොන් එකත් සොයාගත්තා.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *