ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම සංශෝධනය කළ යුතුයි , එහෙම නැත්නම් ඉවත් කරගත යුතුයි – සමන් රත්නප්‍රිය
ප්‍රතිත්‍රස්ත පනත කියල පනත් කෙටුම්පතක් 2017 ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. වෘත්තීය සමිති විදිහට මේ පනත අපිට පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට බල පෑම් කරනව මේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම සංශෝධනය කළ යුතුයි. එහෙම නැත්නම් ඉවත් කරගත යුතුයි කියල. මේ පනත ආණ්ඩුව ගේන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කරගෙන ඒ වෙනුවට ඒකට ගැලපෙන පනතක් විදිහට.
ඒ වගේම අපි දන්නවා 2002 ඇමරිකාවේ සිදු වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සෙ යූ.එන්. එකට ඇමරිකාව යෝජනාවක් ඉදිරිපත් කළා, ආරක්ෂක කවුන්සිලය හරහා, ත්‍රස්ත විරෝධි පනත් ඉදිරපත් කර ත්‍රස්තවාදය වැලැක්වීමට නීති රීති ලෝකයේ සම්මත කළ යුතුයි කියල. යූ.එන්. එක ඒක පිළිගත්තා. ඇමරිකාව පනතක් සම්මත කළා. එංගලන්තය පනතක් සම්මත කළා. ඊට පස්සෙ හැම රටකටම ඒ බලපෑම කළා, අන පනත් සම්මත කරන්න. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුවට මේ රටෙන් බලපෑමක් සිද්ධවුණා, අපි බලපෑම් කළා යුද්ධය අවසානයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් මේ මේ රටට අත්‍යාවශ්‍ය නෑ කියල. දේශපාලන පක්ෂ කිව්වා, වෘත්තීය සමිති බලපෑම් කළා, සිවිල් සංවිධාන බලපෑම් කළා, මානව හිමිකම් ක්‍රියාකාරීන් බලපෑම් කළා.
වර්තමාන ආණ්ඩුව 2015 ජනාධිපතිවරණයේ දී ඉතා පැහැදිලි පොරොන්දුවක් දුන්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කරනව, අහෝසි කරනව කියල. අපි දන්න විදිහට ඒ කාරණය පදනම් කරගෙන තමයි ආණ්ඩුව මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන්නේ. මේ පනත විග්රහ කරල බලපුවාම මේක ත්‍රස්තවාදය වලක්වන එකක් විතරක් නෙමෙයි, මහජන ආරක්ෂාව කියන කාරණය මූලික කරගෙන මේ රටේ සිවිල් ව්‍යාපාර, දේශපාලන කණ්ඩායම්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ආදී ඕනෑම කෙනෙක් ආණ්ඩුවේ සංවර්ධන යෝජනා ක්‍රමයකට වුණත් එරෙහිව කටයුතු කරනව නම්, එවැනි තත්ත්වයක දී එවැනි අය අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ තබාගත හැකි ආකාරයේ නියෝග විධිවිධාන ඇතුළත් කරල තියෙනව. ඒක නිසා අපිට ඒකට එකඟ වෙන්න බෑ.
අපි දන්නවා සාමාන්‍යයෙන් අධිකරණ නියෝග නිකුත් කරන්න පුළුවන් අධිකරණ ඇමතිවරයෙකුට. විෂය බාර ඇමතිවරයට. මේකෙ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුට ඒ නියෝග නිකුත් කරන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න පුළුවන් පොලිස් නිලධාරියෙකුට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරි වරයෙක් හෝ ඔහුට ඉහළ නිලධාරියෙකුගෙ එකඟතාවය, නිර්දේශය අත්සන මත. නමුත් මේ පනත එහෙම වෙන්නෙ නෑ. සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට පුළුවන් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගන්න. ත්‍රස්තවාදි ක්‍රියාවක් යැයි සැකකරනව කියල නෝට් එකක් දාල, පොලිස් නිලධාරියෙකුට විතරක් නෙමෙයි. වෙරළ ආරක්ෂක නිලධාරියෙකුට වුණත් මේකෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. අරන් පොලීසියට බාර දෙන්න පුළුවන්. ඒ වගේම හමුදා නිලධාරියෙකුටත් පුළුවන් අත්අඩංගුවට අරන් පොලීසියට බාර දෙන්න. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙමේ.
ත්‍රස්ත වරදකට අසුවුණාම තමයි අත්අඩංගුවට ගන්නෙ. අනෙක මේ ත්‍රස්ත වරද කියන කාරණය උපකල්පනය කරන කොට මහජන ආරක්ෂාවට තර්ජනය වන දෙයක්, සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය සේවාවලට බරපතල බාදාවක් වෙනව නම්, එවැනි ආකාරයේ ක්‍රියාවන්ට විරුද්ධව මේ පනත අනුව තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩ වර්ජනයක් කරනකොට, ඒක මහජනතාවගේ සෞඛ්‍යට බරපතල තර්ජනයක් කියලා පොලිස් නිලධාරියෙකුට හිතලා, අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනව, අනෙක් වෘත්තීය සමිති නායකයන්ව. දුම්රිය සේවාවෙත් එහෙමයි. ප්‍රවාහනය අත්‍යඅවශ්‍ය සේවාවක් හැටියට පොලිස් නිලධාරින් සලකන්න පුළුවන්. අවසානයේ දී උසාවියෙදි තමයි බේරෙන්නේ. දවස් 14ක් ඇතුළෙ ඉඳලා, නීතිඥයො අල්ලගෙන උසාවි ගිහිල්ලා, උසාවිය තමයි තීරණය කරන්නෙ පොලීසිය හරිද? වෘත්තිය සමිති හරිද? කියල.
ජනතාවගෙ පැත්තෙන් ගත්තත් එහෙමයි. රතුපස්වල වතුර ප්‍රශ්නෙදි අපි ජනතාවගෙ පැත්ත අරගෙන ආණ්ඩුවට විරුද්ධව වැඩකෙරුවා. මිනිස්සු ඉල්ලුවෙ ජල පහසුකම් දෙන්න කියල. පිරිසිදු ජලය දෙන්න කියල. ඒක පාරාවළල්ලක් වුණා හිටපු ආණ්ඩුවට ගෙදර යන්න. ගෙදර යන්න වුණා ඒ වගේ කාරණා තුළ. ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, රතුපස්වල, හලාවත ඒවා තමයි මූලික වුණේ.
හැම කාර්යක්ම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථ දක්වන්න පුළුවන් මේ පනතට අනුව. ඒක නිසා මේ පනත් කෙටුම්පත අහෝසි කළ යුතුයි. එහෙමත් නැත්නම් සංශෝධනය කළ යුතුයි කියන බලකිරීම අපි ආණ්ඩුවට කරනව. මේකට කැබිනට් අනුමැතිය දීලා තියෙනව. කැබිනට් අනුමැතිය දීපු ඕනතරම් දේවල් මේ රටේ ක්‍රියාත්මක කරන්නෙ නැතුව ඉන්නව. ඒවා පරාජය කරල තියනව මේ රටේ මිනිස්සු. වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහට අපි කියන්නෙ, දැන් මේක පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරල තියෙන්නෙ, ආණ්ඩුවට පුළුවන් මේක අකුල ගන්න. අඩුගානේ මේක සංශෝධනය කිරීම සහා සාකච්ඡාවකට වාඩි වෙන්න.
විදේශ ඇමතිවරයාගෙ මූලිකත්වයෙන් මේ පනත හැදුවෙ කියන කාරණය අපි දන්නව. තිලක් මාරපන ඇමතිවරයට අපි කියනව, කරණාකරලා වාඩිවෙලා මේක සාකච්ඡාකරලා සංශෝධනය කරන්න එකඟ වෙන්න. ඒ වගේම විෂය බාර අනෙකුත් ඇමතිවරුන්ට ජනාධිපතිවරයට, අගමැතිවරයට ඇතුළු කැබිනට් මණ්ඩලයට අපි කියනව කරුණාකරල මේක සංශෝධනය කරන්න. එහෙම නැත්නම් මේක ඉවත්කර ගන්න කියල.
