අභයතිස්ස හිමිගේ බබා පාට් එක – අනුර සූරිය බණ්ඩාර
විනිසුරු – ජනාධිපති ලේකම්වරයා ලෙස ඔබ නොදන්නේද හදිසි අපදා තත්ත්වයන් සඳහා රාජ්‍ය සේවයේ චක්‍රලේඛනයක් තිබෙන බවත්, ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කළ හැකි බවත්, ඒ ආකාරයේ හදිසි සිල්රෙදි බෙදීමට රාජ්‍ය සේවයේ චක්‍ර ලේඛනයක් තිබේ නම් ඉදිරිපත් කරන්න.
ලලිත් වීරතුංග – එසේ චක්‍රලේඛනයක් නොමැත.
විනිසුරුවරයා – ඔබලා පිළිගන්නවාද රාජ්‍ය සේවයේ ආයතනික නීති සංග්‍රහයන් උල්ලංඝනය කරමින් ඔබේ හෝ යම් අයෙකුගේ පෞද්ගලික වුවමනාවන් මත අයථා ලෙස මුදල් යෙදවූ බව?
විත්තිකරුවන් නිහඬව සිටී.
විනිසුරුවරයා – මැතිවණයක් තිබෙන කාල සීමාවක් තුළදී පත්කිරීම්, අස්කිරීම් සහ මාරුකිරීම් මෙන්ම ඡන්දදායකයන්ට වරදාන වරප්‍රසාද ලබාදීම මැතිවරණ නීතියට අනුව වරදක් ලෙස පිළිගන්නේද?
විත්තිකරුවන් එය පිළිගනු ලබයි.
විනිසුරුවරයා – අදාළ මුදලෙන් ලබාගත් සිල් රෙදි මැතිවරණ කාලසීමාවේ යෙදුණු පොහොය දිනයේදී එක්සත් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය සහ ප්රතිපත්තීන් සමඟ අදාළ සිල් රෙදි බෙදා දී තිබෙන බව ඔබලා පිලිගන්නවාද?
ලලිත් වීරතුංග – අදාළ ඡායාරූපය පළ කිරීම දේශපාලකයන් විසින් සිදුකර ඇති බැවින් එයට අප සම්බන්ධ නොමැත.
විනිසුරුවරයා – මැතිවරණ කාලසීමාවේදී සිල්රෙදි ලබාදීමට ඔබලා සම්බන්ධ වූ බව පිළිගන්නවාද?
විත්තිකරුවන් – පිළිතුරු නොමැත.
(උපුටා ගැනීම ලලිත් වීරතුංග අනූෂ පැල්පිට මහත්වරුන්ගේ නඩු වාර්තාවෙනි)
ආණ්ඩුවක මුදල් පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148,149,150 යන වගන්ති වලින් පෙන්වා දී තිබේ. ආණ්ඩුව කුමක් වුවද මුදල් ලබාගත යුත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ලේඛනයක් මගිනි. අයවැය ලේඛනයක් මගින් ලබාදෙන මුදල් වියදම් කිරීමේදී රාජ්‍ය ආයතනවලට වගකීමක් තිබේ. ලලිත් වීරතුංග අනූෂ පැල්පිට දෙදෙනාට සිරගතවන්නට සිදුව ඇත්තේ, එකී සීමාවන් නොතකා හැර හෝ ඉක්මවා කරයුතු කරන්නට යාමෙනි.
ඉහත සටහන් යෙදීමට අප පෙළඹ වූ හේතුව වන්නේ ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කර තිබූ ප්‍රකාශයකි. උන්වහන්සේ එම පුකාශය කර තිබුණේ සැත්තැම්බර් මස 11 දින “සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල” නමින් කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ ප්‍රකාශය මෙසේය.
“ලලිත් වීරතුංග වැනි ශේෂ්ඨ නිලධාරියෙක්ට දඬුවම් කිරීම ශාපයක්. කුණු කඳු කඩා වැටෙන්නේ, විවිධ ව්‍යසනවලින් මිනිසුන් මියයන්නේ අවංක හදවත් තිබෙන මිනිසුන්ට දඬුවම් ලබා දීම නිසයි…..”
කුණු කඳු කඩාවැටීම යනුවෙන් උන්වහන්සේ අදහස් කළේ මීතොටමුල්ල සිද්ධිය විය හැකිය. ඒ කුණු කන්ද කඩා වැටුණේ ලලිත් වීරතුංගට දඬුවම් පැමිණවීමට කලිනි. සමහරවිට ලලිත් වීරතුංගට දඬවම් හිමිවන බව කල්තියා දැන සිටි කුණු කන්ද ඔහුට දඬුවම් දෙන්නත් පෙරම කඩා වැටුණාදැයි අප දන්නේ නැත.
අපේ තර්කය අනුව ලලිත් වීරතුංග යනු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් නොවේ. ඔහු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් ව සිටියේ නම් ඔහුට මේ ලෙස සිර දඬවම් විඳින්නට සිදු වන්නේ නැත.
රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීමට අවස්ථාවක් නොතැබිය යුතු බවට මැතිවරණ දෙපාර්තමේන්තුව නැතහොත් මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණයකට මාසයක් තිබිය දීම දැනුම් දෙනු ලබයි. මෙය සැලකිය යුත්තේ සිහිකැඳවීමක් වශයෙනි. මන්ද, මැතිවරණ සඳහා රාජ්‍ය දේපළ, සම්පත් යොදාගැනීම වරදක් බව සෑම රාජ්‍ය සේවකයකුම දන්නා කරුණක් බැවිනි. ලලිත් වීරතුංග මහතා ශ්‍රේෂ්ඨ රාජ්‍ය සේවකයකු වූයේ නම්, ඔහු කටයුතු කරනු ඇත්තේ රාජ්‍ය මුදල් චක්‍රලේඛ අනුවය. එසේනම් ඔහු සිල්රෙදි සඳහා වන මුදල් ගනුදෙනුව සමඟ ගැට ගැසෙන්නේ නැත. නියම එඩිතර රාජ්‍ය සේවකයකු පරිද්දෙන් එසේ මුදල් වෙන්කරන්නට නොහැකි හේතුව හා මුදල් වෙන් කිරීම නීති විරෝධි බව අදාළ අංශ වලට පැහැදිලි කර දෙනවා ඇත. ඒ අනුව ගත්කල ලලිත් වීරතුංග මහතා කටයුතු කර ඇත්තේ ශක්තිමත් කොන්දක් ඇති ශ්‍රේෂ්ඨ නිලධාරියකු ලෙස නොව ලොක්කා කියන ඕනෑම දෙයක් කරන නිවට රාජ්‍ය සේවකයකු ලෙසය.
රාජ්‍ය සේවකයෙකු ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා හෝ කියන සියල්ල කළ යුතු නැත. වැරදි ඉල්ලීමක් ඉටු නොකර සිටිමේ අයිතිය නිලධාරියාට තිබේ. එසේ කළ විට නිලධාරියා අදාළ දේශපාළනඥයාගේ උදහසට ලක්වූවාය කියා නිලධාරියා රැකියාවෙන් නෙරපා හරින්නට දේශපාලන අධිකාරියට පුළුවන්කමක් නැත. කළ හැක්කේ ඔහුට ස්ථානමාරුවක් ලබා දීමයි. එවැනි අත්දැකීම්වලට මුහුණ දුන් ප්‍රතිපත්තිගරුක රාජ්‍යසේවකයන් රාජ්‍ය සේවයේදී අපට හමුවේ. ශ්‍රෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් ඔවුන් මිස ලොක්කා කී පළියට සියල්ල කරන්නට ගොස් රටේ මුදල්ද කාබාසිනියා කොට තමන්ද අමාරුවේ වැටෙන ලලිත් වීරතුංග වැන්නන් නොවේ.
සිල්රෙදි බෙදීම මහින්ද රාජපක්ෂ මහතා ගත් හුදෙකලා තීරණයක් නොවන බවත් 2600 සම්බුද්ධ ජයන්ති කමිටුවේ නිර්දේශ මත ගත් තීරණයක් බවත් අභයතිස්ස හිමියෝ ඉහත මාධ්‍ය හමුවේදී කියා තිබුණි.
උන්වහන්සේගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, සිල් රෙදි බෙදීම ජනාධිපතිවරණයට ආසන්නම පෝය දිනයේදී සිදුකරන්නටත් සම්බුද්ධ ජයන්ති කමිටුව නිර්දේශ කර තිබුණේද යන්නයි. තවද සම්බුද්ධ ජයන්ති කමිටුවේ තීරණයක් මත කෙරුණු සිල්රෙදි බෙදා දීමක් නම් එම සිල් රෙදි පාර්සල්වලට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය සහ ප්‍රතිපත්ති ඇතුලත්කර තිබුණේ කවර හේතුවක් නිසාද යන්නයි.
‘රාජ්‍ය සේවයේ ආයතනික නීති සංග්‍රහයන් උල්ලංඝනය කරමින් ඔබේ හෝ යම් අයෙකුගේ පෞද්ගලික වුවමනාවන් මත අයථාලෙස මුදල් යෙදවූ බව පිළිගන්නවාද?’ කියා විනිසුරුවරයා විමසූවිට ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනාට නිහඬව ඉන්නට සිදුවන්නේ එහෙයිනි.
ලලිත් වීරතුංග අනූෂ පැල්පිට දෙදෙනාගෙන් විනිසුරු වරයා අසන තවත් ප්‍රශ්නයක් වන්නේ මැතිවරණයක් තිබෙන කාලසීමාවන් තුළදී පත්කිරීම්, අස්කිරීම්, මාරුකිරීම් ඡන්දදායකයාට වරදාන වරප්‍රසාද ලබාදීම මැතිවරණ නීතියට අනුව වරදක් ලෙස පිළිගන්නේද යන්නයි. විත්තිකරුවන්ගේ පිළිතුර වී ඇත්තේ එය පිළිගන්නා බවයි.
අභයතිස්ස හිමියන්ගේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරියා ඒ අනුව මැතිවරණයක් තිබෙන කාලසීමාවක් තුළදී ඡන්දදායකයන්ට වරදාන පරප්‍රසාද දීමට දේශපාලකයන්ට උඩගෙඩි දෙන්නේ හෝ නැත කියාය. උන්වහන්සේ මහාචාර්ය වරයකු වශයෙන් ඒ බව නොදන්නා බව අප පිළිගන්නේද නැත. උන්වහන්සේලා උත්සාහ කරමින් සිටින්නේ ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට නිදහස් කරගැනීමට නොවේ. ඔවුන් දෙදෙනාට මුවාවී මහින්ද රාජපක්ෂ සමයේ කවුරු කවුරුත් ලබාගත් වරප්‍රසාද වරදාන නැවත ලබා ගැනීම සඳහා ජනතාව ගොනාට ඇන්දවීමටය.
ඔවුන්ගේ ඒ උත්සාහය සාර්ථක වුවහොත් උන්වහන්සේ ඇතුළු අල්පතරයකට හැර රටේ බහුතර හුදී ජනතාවට සිදුවනු ඇත්තේ මෙලොව දීම අපාගත වන්නටය. මක්නිසාදයත් නැවත බලයට පැමිණියහොත් ඔවුන් ඉටු කරනු ඇත්තේ නැවත නැවතත් පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් මහජන මුදල් කාබාසිනියා කිරීම වන බැවිනි. එසේ කියන්නට හේතුව මේ වන විටත් තමන් කළ දේ වැරදි බව පිළිගන්නට පවා මහින්ද කල්ලිය සූදානම් නැති බැවිනි. කර ඇති වරදේ තරම උසාවිය හමුවේ තීරණය වී ඇති විටෙක පවා ඔවුහු එය වරදක් බව පිළිගන්නේ නැත. අභයතිස්ස හිමි වැනි ඇතැම් භික්ෂූන් (ඔවුන් මහා සංඝරත්නය අතරින් ස්වල්පයක් බව සංඝයා වහන්සේ ගෞරවය පිණිස සඳහන් කළ යුතුය.) මේ කරන්නේ සොරුන්ට පිරිත් පැන් ඉසීමය. ඒ බුද්ධාගමේ හෝ බුද්ධ ශාසනයේ චිරස්ථිය සඳහා නම් නොවේ. බද්ධාගමත්, බුද්ධ ශාසනයත් පෙරටුවේ තබාගන අභයතිස්ස වැන්නවුන් මේ උත්සාහ කරන්නේ කුරහන් සාටකයේ ඒල්ලී මෙලොවදීම දිව්‍යලෝකයට යාමට හෙවත් කුරහන් සාටකයේ පිහිටෙන් වරදාන වරප්‍රසාද ලබා ගැනීමටය. ඔවුන්ගේ එම කූඨ ධර්මයට රැවටීමට මෙරට යහපත් බෞද්ධයා කිසිසේත්ම සුදානම් නැත. සිල් රෙදි නඩුවෙන් ඉටුවී ඇත්තේ මෙරට හැට දෙලක්ෂයක් ජනතාවගේ යහපාලන අපේක්ෂාවන් වන නිසාය.
අනුර සූරිය බණ්ඩාර
