අහිංසකයන්ගේ ආරාමය, අහිංසක නැති පොරොන්දුවක් – සම්පත් අමරසිංහ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ ඊළඟ ජනාධිපති ධූර අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම්ට රාජ රාජපක්ෂ පවුලේ සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි යන පුවතක් පසුගිය සති අන්තය වන විට ප්‍රචාරය වෙමින් තිබුණි . එතෙක් ගෝඨාභය විරෝධයක පය ගසා සිටි පොදුජන පෙරමුණට සම්බන්ධ ඇතමුන්ද එම තීරණයත් සමග ගෝඨාභය වටා ක්‍රමයෙන් රැස් වෙමින් සිටින බවක්ද පෙනෙන්නට තිබේ. ඒ සඳහා ඇති ආසන්නම උදාහරණයය වාසුදේව නානායක්කාර මහතාගේ මත පෙරලියයි. එතෙක් ගෝඨා විරෝධයක පය ගසා සිටි වාසුදේව නානායක්කාර මහතා දැන් කියන්නේ අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩනගන්නට පොරොන්දු වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි බවය.
අහිංසකයන්ගේ ආරාමය යනු වෙනකකු විසින් සමතලා කරනු ලැබූ දෙයක් නොවේ. එය විනාශ කෙරුනේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෝබනකාර නාගරික සංවර්ධනයේ ගොදුරක් වශයෙනි.
අහිංසකයන්ගේ ආරාමය ගොඩනගනු ලැබූනෙ 88-89 වකවානුවේ දකුණේ කැරැල්ලත්, එය මැඩ පවත්වන්නට ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියා වෙතත් සිහි ගැන්වීම පිණිස ඉදිකරන ලද්දකි. එහි නිර්මාතෘවරයා වන ජගත් වීරසිංහ චිත්‍ර ශිල්පියා එම කටයුත්ත පිළිබඳ එකල කීවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ මිනිස් ඝාතනය කඳුළු මතක සටහන් වශයෙන් අහිංසකයන්ගේ ආරාමය පවතිනු ඇතිය කියාය. අහිංසකයන්ගේ ආරාමයේ තැන්පත් කිරීම සඳහා මැටි ඵලක එකතු කිරීමක් ඇඹිලිපිටියේ දී සිදු කෙරිණ. සූරිය කන්ද ඝාතනයේ දී මියගිය ශිෂ්‍යයන් සිහිකරනු පිණිස ය. ඔවුන්ගේ මව් මවුපියන් ඥාතීන් හැඬූ කඳුලින් පැමිණි අහිමි වූවන් වෙනුවෙන් තම සිත් වල ක කියන දුක් අමු මැටි ඵලකවල ලියූහ. ඒවා වියලා පුළුස්සා අහිංසකයන්ගේ ආරාමයේ තැන්පත් කරන ලදී. තවත් එවැනි මතක සටහන් අහිංසකයන්ගේ ආරාමයේ තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩනගන්නට පොරොන්දු වූවා යැයි සිතමු. එසේ ගොඩනැගීමේ දී නැවත භාවිතයට ගැනීමට ඉහත කී මැටි ඵලක ආදිය කොතැනක හෝ නිරුපද්‍රිතව සංරක්ෂණය කර තිබේද ?එවැනි තැතක් ගැන වාසුදේව නානායක්කාර මහතා දන්නේ ද? එසේ නැතිනම් මුල් වතාවේ මෙන් මුල පටන්ම අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩ නඟන්නේ ද? ඒ සම්බන්ධව නිවැරදි ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ලබා ගැනීම්ට හෝ ඒ පිළිබඳ වැඩ පිළිවෙළක් ගෝඨාභය මහතාට ඉදිරිපත් කිරීමට වාසුදේව නානායක්කාර මහතාට වගකීමක් තිබේ.
දෙවන කාරණය අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩ නගන්නේ නම් ඒ සඳහා වන වියදම් සපයා ගන්නේ කෙසේද යන්නයි. රජයේ මුදල් වැය කර එය නැවත ඉදි කරන්නේ නම් එය අනුමත කළ නො නොහැකිය. රජය විසින් ඉදිකරනු ලැබූවක් කඩා බිඳ දමා නැවත කඩා බිඳදමා නැවත එයම රජයේ වියදමින්ම ඉදිකිරිම වැටෙන්නේ නාස්තිකාර වියදම් ගොඩට බැවිනි.එහෙයින් අහිංසකයන්ගේ ආරාමය ඉදි කරන්නේ නම් ඒ කළ යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධනයෙනි. එබැවින් අහිංසකයන්ගේ ආරාමය ඉදිකරන්නට ගෝඨාභය මහතා කැමති කරවා ගන්නා ගමන් ම එය ඔහුගේ පෞද්ගලික ධනය නැවත ඉදි කරන බවට පොරොන්දු කර ගැනීමට වාසුදේව නානායක්කාර මහතා වගබලාගත යුතුය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය දන්නා අයට මැතිවරණ පොරොන්දු පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. හඳෙන් හාල් ගෙනත් දෙන්න ඡන්දයට කලින් පොරොන්දු දෙන දේශපාලකයන් බලයට පත්වූ විට, හාල් පොලු පාර හරහාට දැමූ රටකි ශ්‍රී ලංකාව. ඇට අට ධර්මිෂ්ඨ සමාජ ආදිය ආදිය ද ඡන්දයට පොරොන්දු වුණා මිස ප්‍රායෝගික යථාර්තයක් වූයේ නැත.
හොඳම නිදර්ශනය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට තුන් වතාවක්ම පොරොන්දුවී තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට දෙවන වතාවේ පොරොන්දු දී බලයට පැමිණි ඔහු කළේ දිවි ඇතිතෙක් විධායක ජනාධිපති ධූරයේ සිටින්නට හැකි ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමයි. වාසුදේව නානායක්කාර මහතා යනු එම කටයුතු සඳහා නොමසුරුව සහය දුන්, ජනතා විමුක්ති පෙරමුණ සමග කළ සාකච්ඡාවේ දී විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීම ඇතුළත් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත පළ කළා යැයි කී මහින්ද දැන් ජන ජනාධිපතිධූරයට තම බාල සොහොයුරු ගෝඨාෝඨාභය දිරිපත් කරන්නට සූදානමින් සිටි .
දේශපාලනඥයන්ගේ කතා සහ පොරොන්දු වලට අත්වන ඉරණම සම්බන්ධයෙන් හොඳම උදාහරණය අනුව ගත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් බලයට පත් වූ පසුව අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩනැගීම් නොකර ඉන්නට ද පුළුවන්කම තිබේග ඒ නිසා වාසුදේව නානායක්කාර මහතා සැබෑ වීරයෙක් නම් කළ යුතු වන්නේ ජනාධිපති මැතිවරණයට නාම යෝජනා භාරදීමට පෙර ඔහුගේ වියදමින් අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩනගන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු කරවා ගැනීමයි. අවශ්‍ය නම් ඒ සමග නාලන්ද එල්ලාවල පිළිමය නැවත ඉදිකිරීම් කිරීම සම්බන්ධවත් සලකා බලන්නයි ඇයි ගෝඨාභය මහතාගෙන් ඉල්ලීමක් කරන්නට ද වාසුදේව නානායක්කාර නානායක්කාර මහතාට පුළුවන්.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩනැගීම් පමණකික්ම වාසුදේව නානායක්කාර මහතාට ප්‍රමාණවත් වුවද රටේ ජනතාව නම් එපමණකින් පමණක් සෑහීමකට පත්වනු ඇතැයි සිතන්නට හැකියාවක් නැත.
ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට ආණ්ඩුවේ සල්ලි වියදම් කිරීම, රතුපස්වල කටුනායක වෙඩි තැබීම්, තාජුදීන් ලසන්ත එක්නැලිගොඩ ඝාතනය ,shanglla ගනුදෙනුව ආදිය නිවැරදි නොකර ජනතාව ගෝඨාභය මහතාට ඡන්දය දෙනු ඇතැයි සිතිය නොහැකිය. ඒ කරුණු නිවැරදි කිරීම්ක් ගැන වාසුදේව නානායක්කාර මහතා ද සඳහන් කර නැත. එකී දේවල් අහිංසකයන්ගේ ආරාමය කඩා බිඳ දැමීම තරම් බරපතළ වැරදි වශයෙන් ව වාසුදේව නානායක්කාර මහතා නොසිතන නිසා වන්නට ද පුළුවන. ඒ අනුව සිතිය හැක්කේ යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිධුරයට පත් වී නැවතත් මහජන දේපල කොල්ලකා සුදු වෑන් සංස්කෘතිය ආරම්භ කලහොත් ආරක්ෂක ලේකම් ලේකම්වරයාව හිඳිමින් ඔහු ඒ දේවල් කරන විට නිහඬව සිටි ආකාරයටම වාසුදේව නානායක්කාර මහතා නියඬ පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවයි. වාසුදේව නානායක්කාර මහතාගේ කොන්දේසිය කුමක් වුවද, ගෝඨාභය මහතා ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන්නේ නම් ජනතාවට ගෝඨාභය මහතාගෙන් විමසිය යුතු කරුණු සහ ලබාගත් යුතු නොව ඉටු කරවා ගත යුතු පොරොන්දු රැසක් ඇති බව වාසුදේව මහතා වටහා ගත යුතුය
