රිදී සීනුව නිහඬ වෙයි – ජනප්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක සමුගනියි

දසක හයක් පුරා සරල ගීතය මෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයෙහි ද නිරත වූ ජනප්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක කලාශිල්පිනිය ඊයේ (29) දින කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය සිය දිවි මගේ 79 වන සැතපුම් කණුව පසුකරමින් සිටියාය. ඇය දිවියෙන් සමුගත් ඊයේ (29) දිනට ඇයගේ විවාහයේ 53වන සංවත්සරය යෙදී තිබිණි. ඇන්ජලින් ද ලැනරෝල් 1966 මාර්තු මස 29 වන දින ලෙස්ලි ගුණතිලක සමඟ විවාහ විය.
1939 වසරේ දී මාතර දී උපතලබා වයස 13 දී ගුවන්විදුලියේ ළමා පිටියෙන් ගායන දිවිය ඇරඹූ ඇය 1958 දී චිත්‍රපට පසුබිම් ගායනයට එක්විය. ඒ ‘සොහොයුරෝ, චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනා කිරීමෙනි.
සදහටම ඔබමගේ, ආදරේ හිතෙනව දැක්කම, තුෂාරා, හතරදෙනාම සූරයෝ, හිතුවොත් හිතුවාමයි, සුහද පැතුම, දූලිකා, සංගීතා ඇතුළු චිත්‍රපට රැසකට ඇය පසුබිම් ගායනයෙන් එක්විය.
ජනප්රියදාරාවේ වාණිජමය චිත්‍රපට රැසක ප්‍රධාන නිළියගේ ගීතමය ජවනිකාවලට පසුබිම් ගීත ගැයූ ගායිකාව වූයේ ඇයයි. ඇය පසුබිම් ගීත ගැයූ චිත්‍රපට වාණිජ වශයෙන් අතිශයින් සාර්ථකත්වයට පත්විය. ඇය ප්‍රධාන නිළියගේ ගීතමය ජවනිකාවන්ට පසුබිම් ගීත ගැයූ අතර එම චිත්‍රපටවල පෙම්වතාගේ භූමිකාව නිරූපණය කළ නළුවාගේ ගීතමය ජවනිකාවන්ට වැඩිපුරම ගැලපුණ කටහඬ වූයේ එච්.ආර්. ජෝතිපාලයි මධුර කරහඬයි. ඒ දෙදෙනාම දැන් දැයට අහිමිය.
ඇන්ජලීන් ගුණතිලකගේ මුල්නම ඇන්ජලීන් ද ලැනරෝල් ය. ඇය ලෙස්ලි ගුණතිලක සමඟ විවාහයෙන් පසුව පසුව ඇන්ජලින් ගුණතිලක නමින් පෙනී සිටියාය. ලෙසලි හා ඇන්ජලීන් කලා ලොව කා අතරත් හිතහොඳ දිනාගෙන සිටි යුවලකි.
ජනාදරණීය ගායිකා ඇන්ජලීන් ගුණතිලක කලාශිල්පිණියනි, පුවත්පත් කලා දිවියේ දී සහයෝගයෙන් කටයුතු කළ ඇන්ජි අක්කේ ඔබ අදහන අගම අනුව ඔබගේ ආත්මයට නිත්‍ය සැනසීම ලැබේවා.
