පිටුවහල් කරනු ලැබූවන් ගැන සොයන්න සත්පුද්ගල කමිටුවක්
ඩුබාහි දී සාදයකට සහභාගිවෙමින් සිටිය දී අත්අඩංගුවටපත් මෙරට පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙසින් හඳුන්වනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා මිනීමැරුම් රැසක චූදිතයකු වන මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනාගෙන් මෙරටට පිහිටුවහල් කරනු ලබන පුද්ගලයන් ගැන වැඩිදුර විමර්ෂණය කිරීම පිණිස පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් සත් පුද්ගල කමිටුවක් පත්කර ඇත.
අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මත්ද්‍රව්‍ය නාශක කාර්යඅංශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, කොළඹ දකුණ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්යක්ෂ පොලිස් අධිකාරි උදය හේමන්ත, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර යන පොලිස් නිලධාරින් එම සත්පුද්ගල කමිටුවට අයත් සාමාජිකයන් වෙති.
මෙරට පිටුවහල් කරනු ලැබූ පුද්ගලයන් අතුරින් ජංගා සහ රොටුඹ අමිල නැමැත්තන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල්මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පසුගිය 27 වනදා උදෑසන මෙරටට පිටුවහල් කරනු ලැබූ කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට පත් වූයේ මාලදිවයිනට පලායාමට සූදානමින් සිටියදීය. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන පැය 13ක් ප්‍රශ්න කිරීමෙන් පසු කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදී තිබේ. ඒ ඔහුට විරුද්ධව චෝදනා ඇති මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 3ක් හා ඝාතනයට තැත්කිරීමේ සිද්ධීන් 15ක් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහායි. පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට පත් පිරිස අතරින් නදීමාල් පෙරේරා පළමුව මුදාහැරුණු අතර අන්ඩ්රසන් ෆර්නෑන්ඩස් යන අයගෙන් 29 උදෑසන දක්වාම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය නොවන බැවින් ඔහු ඊයේ (29) නිදහස් කරන ලදී.
අත්අඩංගුවටපත් අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා යන අය අද මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. අත්අඩංගුවට ගැනුණු අමිල සම්පත් යන අය රොටුඹ පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීමකට අවශ්‍ය පුද්ගලයෙකු බැවින් ඔහු ඊයේ රොටුඹ පොලීසියට බාරදීමෙන් අනතුරුව අද දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව ඔහුව ද අප්‍රේල් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මුලින්ම නිදහස් කෙරුණු නදීමාල් පෙරේරා සමග පිටුවහල් කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරිවරයා අත්අඩංගුවට පත්ව අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව අප්‍රේල් 5 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරන ලදී. මොහු කළුතර එතනමඬල ප්‍රෙද්ශයේ දී බන්ධනාගාර බස්රථයකට වෙඩිතබා පතාල කල්ලි සමාජිකයකු වන සමයං අතුළු 11 දෙනෙකු ඝාතනය කිරීමට ඔත්තු සැපයූ අයෙක් බවට පොලීසිය සැක කරනු ලබයි.
මනෝජ්
