ගෝඨාභයගේ නම යැව්වේ මෛත්‍රීපාල වළක්වන්නලු
මහින්ද පිලේ ජනාධිපති අපේක්සකයා ගෝඨාභය රාජපක්ෂ බවට තීරණය කොට ඇතැයි ප්‍රචාරයක් යන්නට ඉඩහැරියේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොහොට්ටුවේ සහයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ උත්සාහය වැළකීම සඳහා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොදුජය පෙරමුණේ පිරිසක් හා පවසා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තම සහය නොලැබෙන බව ප්‍රකාශ කිරීම මෙහි අරමුණ වී තිබේ.
ඒ මොහොතේ කල්පනාව වී ඇත්තේ මෛත්‍රී නැවැත්වීමට හොඳම තුරුම්පුව ගෝඨාභය බවයි. එයට හේතුව නම් රාජපක්ෂ පවුලෙන් මෛත්‍රි සමග කිට්ටු සම්බන්ධයක් ඇත්තේ ගෝඨාභයට වීමයි. මෛත්‍රී ජනාධිපති වී මාසයක් යන්නට පෙර සිය නිල නිවසේ විදුලි පහන් නිවා ගෝඨාභය හා රහස් සාකච්ඡා පැවැති බව මලිත් ජයතිලක සිය පොතේ සඳහන් කොට ඇත. එදා සිටම දෙදෙනා අතර ඩීල් පැවැති බව ප්‍රසිද්ධ රහසකි.
ගෝඨාභයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉල්ලන තොරතුරු නොදීමට හමුදාවට නියෝග කොට ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගෙදර යැව්වේ ද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙනි. ඒ නිසා මෛත්‍රී වැළැක්වීමට හොඳම තුරුම්පුව ගෝඨාභයයි. කෙසේවෙතත් මීනීමරු චෝදනා ඇති ගෝඨාභයට මධ්‍යස්ථ ඡන්ද ලබාගත නොහැකි බවත් සුළු ජාතික ඡන්ද කිසිසේත් නොලැබෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයේ මතය වී තිබේ.
ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු නොමැතිවීම මේ වන විට පොදුජන පෙරමුණට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. මෛත්‍රීට සහය දුනහොත් පරජය නියත බව ඔවුහු කියති.
