මහින්දගේ ගැටය
අයවැය විවාදය අවසන් වී නිවසට ගිය විට සාටක රජාගෙන් බිසව ඇසුවේ අරලියගහ මන්දිරයේ පදිංචියටචි අදම යනවද නැත්නම් හෙට උදේ යනවාද කියා ය.
එවිට සාටක රජා බිසවට කිව්වේ ඔයා අරලියගහ මන්දිරයක් ගැන කතා කරනවා, මම මේ විපක්ෂනායක නිලනිවසෙන් සම්බන්ධන් යවාගන්න දහම් ගැට ගහනවා කියාය.
එතකොට ඔයා අගමැති වෙලත් විපක්ෂ නායක නිල නිවසට වෙලා ඉන්න ද කල්පනා කරන්නේ කියා එවිට බිසව ඇසුවාය.
අගමැති වෙච්ච වෙලාවෙවත් මට අරලියගහ මන්දිරයට යාගන්න බැරි වුණා කියලා ඔයා දන්නව නේද? ඒ දින පනස් එකේ මට සිද්ධ වෙලා තිබුණේ අරලියගහ මන්දිරයේ දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න කියලා ඔයාට මතක නැද්ද? රනිල් කාරයා මාරසේනාව වගේ පිරිසකුත් එක් කරගෙන අරලියගහ මන්දිරයෙන් යන්නේ නැතුව හිටිය දැක්ක නේද කියා සාටක රජා ඇසුවේය.
ඒ උනාට රනිල් අරලියගහ මන්දිරයෙන් යන්න සුදානම් ඇති. චන්ද්රිකා අගමැති වෙච්ච වෙලාවේත් රනිල් සුටුස් ගාලා අරලියගහ මන්දිරයෙන් ගියා මතකයි නේද කියා බිසව ඇසුවාය.
එදා ගියාට අද මොකටද රනිල් අරලියගහ මන්දිරයෙන් යන්නේ එයා අගමැති දුරයෙන් ඉල්ලා අස්වෙලා ද කියා සාටක රජා ඇසුවේය.
ඉල්ලා අස්වෙලා නෙවෙයි අනේ, ඔයා අයවැය විවාදයට නෙවෙයිද ගිහින් ආවෙ කියා එවිට බිසව ඇසුවා ය.
අයවැය විවාදයට යාමයි අරලියගහ මැදුරට යෑමයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියා එවිට සාටක රජා ඇසුවේය.
ඇයි අනේ! අය-වැය විවාදයේ දී ආණ්ඩුව පරද්දලා ආණ්ඩු බලය ලබා ගන්නවා කියාලා ඔයාම නේද කීවේ. දැන් ඔයා අද ගෙදර ආවේ ආණ්ඩුව පරද්දලා අගමැතිකම අරගෙන නෙමේද? මම අරලියගහ මන්දිරයේ පදිංචියට යන්න බෑග් පවා ලෑස්ති කළා යැයි එවිට බිසව කීවාය
අයියෝ මෙයා ඔයාට ඕක වත් තේරෙන්නේ නැද්ද? අයවැය පරද්දන්න අපිට පුලුවන්නම් දවස් පනස් එකේ අගමැති කාලේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න තිබුන නේද කියා එවිට සාටක රජා කීවේය.
එතකොට ඔයා අයවැය පරද්දනවා කියල කිව්වෙ බොරුද? මාව රවට්ටන්න එපා මෙයා ඔයාට පවු සිද්ධ වෙයි කියා බිසව කීවේය.
ඒක ඔයා රවට්ටන්න කීව කතාවක් නෙමෙයි සුද්දෝ. අපේ පස්සෙන් වැටිලා ඉන්න මෝඩයො රංචුව රවට්ටන්න ගහපු පුංචි තුරුම්පුවක් . පොයෙන් පෝයට ආණ්ඩුව වට්ටනවා කිව්වා උන් බලාගෙන හිටියා. ආණ්ඩුව වැටුණේ නැහැ. ඊට පස්සේ මම ආණ්ඩුව වට්ටන කතාව වෙසක් පෝයෙන් වෙසක් පෝයට දැම්මා .මිනිස්සු බලාන හිටියා වෙසක් එකටත් ආණ්ඩුව වැටුණේ නැහැ. දැන් ඒ නිසා තමයි මම බජට් එකෙන් බජට් එකට ආණ්ඩුව වට්ටන කතාව කරන්නේ. ඔයා ඒ කතා එච්චර ගනන් ගන්න එපා කියා සාටක රජා කීවේය.
මට විතරක් නෙමෙයි දැන් ඔයා හැමෝටම බොරු කියන්න පටන් අරන් කියා බිසව කීවාය.
මම කාටද බොරු කියලා තියෙන්නේ කියා එවිට සාටකරජා ඇසුවේය.
එදා අනුරලා ආව වෙලාවෙ ඔයා 20ට සහාය දෙන්න පොරොන්දු උනා නේද? කියා බිසව ඇසුවාය.
පොරොන්දු නම් වුණා තමයි. ඇයි ඔයා එහෙම ඇහුවේ කියා සාටක රජා ඇසුවේය.
දැන් ඉතින් ඔයා 20 සම්මත කරන්න සහය දෙනවා ද කියා බිසව ඇසූ විට සාටක රජා කිව්වේ ඒ ගැන තව ටිකක් හිතන්න ඕන කියාය.
එහෙනම් අනුරලාට පොරොන්දු වුණේ මොකටද කියා බිසව ඇසුවා ය.
කවුරු වුණත් ගෙදරටම ඇවිල්ලා උදව්වක් ඉල්ලුවා බැහැ කියන්න පුරුද්දක්ද දකුණේ අපිට නැති නිසා උදව් කරන්නම් කියල පොරොන්දු වුණා කියා එවිට සාටක රජා කීවේය.
ගෝඨා මල්ලි ඔයාට දුන්නු පොරොන්දු වත් ඔයා අනුරට දුන්නු පොරොන්දු වත් වගේ මූණටම බැහැ කියන්න බැරිකමට වෙච්ච් පොරොන්දුවක් ද දන්නෙ නැහැ කියා එවිට බිසව කීවාය.
ඔයා කියන්නේ ගෝඨගේ මොන පොරොන්දුවක් ගැන ද කියා එවිට සාටක රජා ඇසුවේය.
ඇයි මෙයා ඔයා ගෝඨා මල්ලිට ජනාධිපති වෙන්න සපෝට් කරන්නේ අගමැතිකම ඔයාට දෙනවා කියලා පොරොන්දු කරවගෙන නෙමේද කියා එවිට බිසව ඇසුවාය.
අගමැති කම ගැන පොරොන්දුවක් එයාගෙන් ගත්තේ නැහැ. කියා සාටක රජා කීවේය.
ඔයාට පිස්සුද මෙයා. ගෝඨාට නිකංම උදව් කරන්න. අන්තිමට එයා ජනාධිපති වෙලා, බැසිල්ට හරි චමල්ට හරි ආඅගමැතිකම් දුන්නොත් ඔයාට හුලං. ජාතියේ මල නාමල්ටත් හුලං.අරලියගහ මන්දිරයේ සැප හීනෙනුත් දැක දැක ඉන්න මටත් හුලං කියා බිසව කීවාය.
කාට අගමැතිකම දෙන්නත් කලින් ගෝඨා ජනාධිපති ඡන්දේ දිනලා ඉන්න එපැයි. දිනන්න පුළුවන් නම් මම ගෝඨාට චාන්ස් එකක් දෙයි කියලා ඔයා හිතනවද?ඌට ජනාධිපති ඡන්දේ දිනන්න නරියෙක් වත්ත ඡන්දෙ දෙන්නේ නැහැ. ඌට උදවු කරන්න ගිහින්ටඋදයටයි,විමලේටයි යි දෙන්නටත් වෙන්නේ ඔළුව බිත්තියේ ගහගන්න කියලා මම අද කිව්වා කියල මතක තියාගන්න කියා සාටක රජා කීවේය.
දිනන්න බැරි බව දන්නවනම් ඔයා ඇයි ගෝඨාට ඉල්ලන්න කියන්නේ කියා එවිට බිසව කීවාය.
අයියෝ ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද ? ගෝඨා අපේ පැත්තෙන් දාපු ගමන් ද 2015 සිරිසේනට ඡන්දෙ දුන්න හැමෝම ගෝඨා පරද්දන්න ඕනේ කියලා හිතලා අනිත් පැත්තෙන් එන කාට වුණත් ඡන්දෙ දෙනවා. එතකොට ගෝටාටත් 2015 මට වෙච්ච සන්තෑසිය වෙනවා. ඊළඟ ජනාධිපති ඡන්දෙ 2025. එතකොට ගෝඨගේ පස්ස බිම ඇණෙන කාලය. ඔන්න එතකොට අපේ පැත්තෙන් ජාතියේ මල නාමල්ගේ වයස ප්රශ්නෙත් ඉවරයි. එක්නැලිගොඩලා shangrilla ප්රශ්න මිනිස්සුන්ට අමතකයි. ඒ නිසා බය නැතුව 2025 ඡන්දෙට ජාතියේ මල නා මල එන්ටර් කරනවා.
මිනිහා කප්එ ක ගහයි. ඔයයි මමයි දෙන්න නහින දෙහින කාලෙ ජනාධිපති තාත්තයි අම්මයි වෙලා ඉන්න පුළුවන් කියා සාටක රජා බිසවට කරුණු කාරණාව පැහැදිලිව කියා දුන්නේ ය
