මහින්ද රාජපක්ෂ ඩබල් ඇක්ටින් – අනුර සූරියබණ්ඩාර
පසුගිය දිනෙක එක්තරා පෞද්ගලික නාලිකාවක ප්රවෘත්ති විකාශනයකදී කියවුනේ විපක්ෂ නායක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන මෙන් කතානායක කරු ජයසුරිය මහතා අදාල අංශ දැනුවත් කර ඇති බවකි.ඒ අතර එම රුපවාහිනී නාලිකාවේ එම ප්රවෘත්ති විකාශය අතරතුරම ඊළඟට විකාශය කෙරුනේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ 2019 වසර සදහා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටින ආකාරයයි.ඒ මහතා එම අවස්ථාවට සහභාගී වුවා පමණක් නොව එහිදී ජනමාධ්‍ය වලට අදහස් ප්‍රකාශ කරන ආකාරයද රුපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.ඉහත කරුණු දෙක සංසන්දනාත්මකව කල්පනා කරන්නෙකුට ඇතිවන ගැටලුව වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන්නේ නම් ඒ මහතාට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට තවදුරටත් අයිතිය තිබේද යන්නයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා කතානායකවරයා විසින් පිළිගනු ලබන්නේ නම් එහි නීතිමය ගැටළුවක් පැහැදිලිවම තිබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයට පත්වන අවස්ථාවේ ඔහුගේ නාම යෝජනාව ඇතුලත් වී තිබුණු පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධින කණ්ඩායමේ හෝ සාමාජිකත්වය, සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන්, එසේ නැතහොත් සාමාජිකත්වයෙන් පහකරනු ලැබීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා හෝ නතර වුයේ නම් එසේ සාමාජිකත්වය නතරවූ දිනයේ සිට මාසයක කාලයක් ඇතුලත අදාල තැනැත්තාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිවිය යුතුය.
මහින්ද රාජපක්ෂ මහතා 2018 නොවැම්බර් මාසයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව ප්‍රකට කරුණකි. පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ලබාගැනීම යනු අනෙක් අතින් ඔහු එතෙක් සාමාජිකත්වය දැරූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වුවා යන්නයි. එසේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමත් සමග ශ්‍රීලංකා නිදහස් පක්ෂයද සාමාජිකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මහින්ද රාජපක්ෂ මහතාට එතෙක් තිබු සම්බන්ධතාවයද ඉබේම අහෝසි වී යයි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ගතයුතු පියවර වන්නේ.
මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත්කළ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දන්වායැවීමය .එසේ දන්වා යැවීමෙන් අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2015 මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවේ ඊළගට සිටින තැනැත්තාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් හිමිවීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතුව තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම හේතුවෙන් ඒ මහතාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ බැවිනි . එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය මහින්ද රාජපක්ෂ මහතාට අහිමි කරන බව සහ ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කරනුලබන බව පාර්ලිමේන්තු මහලේකම් වරයාට දැන්වීමේ වගකීම සහ බලය පැවරී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මහලේකම් වරයා වශයෙන් මහින්ද අමරවීර මහතාටය .
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ 2018 නොවෙම්බර් 11 දා බව පුවත් පත් ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය . එසේ නම් 2018 දෙසැමබර්මාස 11 දා වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවියයුතුව තිබුණි . එනිසා ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසිවීම මහින්ද අමරවීර මහතා විසින් පාර්ලිමේන්තු ලේකම්වරයාට මේවනවිට දැනුම්දී තිබිය යුතුය .එහෙත් එවැන්නක් මෙතෙක් සිදුවී නැත .
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වීම පාර්ලිමේන්තුවේ ලේකම්වරයාට දැනුම් නොදීම හේතුවෙන් මහින්ද අමරවීර මහතාද පක්ෂ ලේකම්වරයෙකු වශයෙන් සිය වගකීම පැහැරහැර තිබේ .
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ය අනුගමනය කරන්නනේ කසාය බිව් ගොලුවන්ගේ පිළිවෙතයි . ඒ සම්බන්දයෙන් පොදු ජනතාවට බරපතල ගැටළුවක් නැත්තේ එය පක්ෂයේ අබ්යන්තර ගැටළුවක් වන බැවිනි . නමුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයද සාමාජිකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්දානයේ ලේකම් වරයා වශයෙන් මහින්ද අමරවීර මහතාට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හැසිරෙන ආකාරයට හැසිරීමට බලයක් හෝ යුතුකමක් ඇත්තේ නැත . හේතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වශයෙන් මහින්ද අමරවීර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සම්බන්දයෙන් වගකිවයුතු වීමයි . පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරිඅමට සුදුසු නොවනතැනැත්තෙකුට එසේ මන්ත්‍රීධුරය දැරීමට ඉඩදීම ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනයකිරීමක වනබවිණි . එසේම අනාගතයේදී එය වැරදි පුර්වා දර්ශයක් ද වනවා ඇතිබවිණි . මහින්ද අමරවීර මහතා වහාම මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වීම පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම්දියයුතුය . ඒ මහතා එසේ නොකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා නීතිවිරෝදී ආකාරයට අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ අවස්ථාවේදී මෙන් ජනතාවත් සිවිල් සංවිධානත් මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරවීම සදහාද පෙරමුණ ගතයුතුව ඇත.
1978 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පක්ෂ මාරුකිරීමට හැකියාවක් ඇත්තේ නැත . පසුගිය කාලයේ වෙනත් පක්ෂ වලින් ආණ්ඩු පක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන් තමන් මුල් පක්ෂයෙන් ඉවත් නොවූ බව කියමින් ආණ්ඩුවලට සහය දීමෙන් ආණ්ඩුවල ඇමතිධුර අඩිය දැරීමත් පිළිබද රහස ඇත්තේද එතනය . දෙමල එක්සත් විමුක්ති පෙරමුණෙන් ආණ්ඩුවට එක් වූ රජ දොරෙයි මහතාගේ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ සමරනායක මහතාගේ මන්ත්‍රීධුර ආරක්ෂා කරදීමේ අරමුණින් 1978 ව්‍යවස්ථාවට දෙවැනි සංශෝධනයක් වලංගු වන්නේ ඒ මොහොතට පමණක් වන බැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ කරුණ සම්බන්දයෙන් දෙවන සංශෝධනයෙන් දෙවන සංශෝදනය අදාල වන්නේ නැත .
ශ්‍රී ලංකා ආණ්ඩුක්රමය සැකසී ඇත්තේ එක පාර්ලිමේන්තු මැතිවරණයකදී යම් පක්ෂයක් ලබාගන්නා ආසන සංඛ්‍යාව ඊලග පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වෙනස් නොවී පවත්වගතහැකි පරිද්දෙනි . එසේ නොවන්නේ නම් රටේ දේශපාලන ස්ථාවරය සම්බන්ද ගැටළු ඇතිවීමට ඉඩ තිබේ .
මහින්ද රාජපක්ෂ මහතාට ඒ බව නොදන්නවා නොවේ . නීතිවිරෝධි ලෙස අගමැතිධුරයට පත්වීමෙන් ඔහු අපේක්ෂා කලේ ඔළුගෙඩි මාරුවකින් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගෙන 2020 දක්වා බලයේ ඉන්නටය එම තැත අසාර්ථක වුයේ නැත . මෛත්‍රී – මහින්ද හුල උත්සහ කලේ පාර්ලිමේන්තුව විසිරුවහර මහ මැතිවරණයකට ගොස් බලය තහවුරු කරගන්නටය පාර්ලිමේන්තුව විසිරුවාහැරී සැනින් මහින්දත් තවත් ශ්‍රීලනිප පිරිසකුත් පෝලිමේ ගොස් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ශ්‍රීලංකා නිදහස් පක්ෂය කැබලිකොට පොදුජන පෙරමුණ ශක්තිමත් කොට මහමැතිවරණයකින් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමේ අරමුණ ඇතිවය .
පාර්ලිමේන්තුවට වසර 4 ½ කල්පිරෙන තුරු විසිරුවා හැරීමට ජනාධිපතිට බලයක් නොමැතිබවශ්රේෂ්ඨාධිකරණයතීරණය කිරීම හේතුවෙන් ඔවුනගේ බලාපොරොත්තු ලත් තැනම ලොප් විය . දැන් මහින්ද රාජපක්ෂ උත්සහ කරන්නේ නීති විරෝධීව විපක්ෂ නායක ධුරයෙන් එල්ලී ඉන්නටය . මහින්ද වීපක්ෂ නායක වන විට හෝ එක්සත් ජනතා නිදහස් සන්දානය විපක්ෂය වීම පෞද්ගලික කිසිවෙකුට ගැටළුවක් නොවන නමුත් පක්ෂයක් මාරු කල තැනැත්තන් මන්ත්රිධුරවල එල්ලී සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනයකිරීමක වනවා සේම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධ ක්‍රියාවකි . එසේම එය පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි . පුරවැසියාගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කලයුතු පාර්ලිමේන්තුවම මුලික අයිතිවාසිකම් උල්ලංගනය කරන්නේ නම් අධිකරණය හමුවට ගොස් හෝ එය වලක්වා ගැනීම පුරවැසියාගේ යුතුකමකි . මහින්දගේ මන්ත්‍රීධුරය අහෝසිය වෙනුවෙන් පාර්ලිමේන්තුව කටයුතු නොකරන්නේ නම් ජනතාව පෙරමුණ ගත යුත්තේ එහෙයිනි . මහින්දගේ මාර්ගය අනුගමනය කල අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්දයෙන්ද වියයුත්තේ එයයි . එසේ කටයුතු කිරීම කවර ආකාරයකින් වත් දේශපාලන කටයුත්තක් නොව මුලික අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්නයක් වේ .
