දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල – ඉකොනොමැට්ටා
| |

දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල – ඉකොනොමැට්ටා

මෙය එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු තුනක් ගැන සටහනක්. යෝජිත දෙවන තෙල් පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය ගිවිසුම අලුත් කිරීම සහ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම කියන කරුණු තුන සහ මේ දේවල් වල අපේක්ෂිත බලපෑම ගැන. පළමු කරුණු දෙකම චීනයට සම්බන්ධයි. මුලින්ම මම 2023 නොවැම්බර් 27 දින පළ කළ “දෙවන පිරිපහදුව චීනයට” ලිපියේ මුල් කොටස…

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? – රොහාන් සමරජීව
| |

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? – රොහාන් සමරජීව

මෙම දිනවල ලොකුම කතාබහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනය. අපේ වත්මන් පාලකයන් දුන් පොරොන්දු සහ ක්‍රියාකාරීත්වය අතර ඇති වෙනස පෙන්වා දෙමින් ඔවුන් අපහසුවට පත්කිරීමට ඇතැමෙකු කැමතිය. මෙය ඵලදායී ක්‍රියාමාර්ගයක්ද? ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ අත්දැකීම් ප්‍රතිපත්ති ප්‍රකාශයක අරමුණ වන්නේ එය ඉදිරිපත් කරන අපේක්ෂකයාට හෝ දේශපාලන පක්ෂයට සහාය දෙන ලෙස ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමයි. ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය දේශපාලනිකය….

වෙළෙඳපොළ ගැන මිත්‍යා – භාණ්ඩ සඟවා මිල වැඩි කරන බවට ප්‍රකාශය බොරුවකි – සී ජේ අමරතුංග
| |

වෙළෙඳපොළ ගැන මිත්‍යා – භාණ්ඩ සඟවා මිල වැඩි කරන බවට ප්‍රකාශය බොරුවකි – සී ජේ අමරතුංග

ආර්ථික සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන වෙළෙඳපොළට එරෙහි මිත්‍යා මත රාශියක් සමාජ ගතව ඇත. ඒවා රටේ සංවර්ධනය උපාය මාර්ග තීරණය කිරීමට බලපෑම් කරයි. එබඳු මිත්‍යා මත පදනම්ව රටක සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කරගත නොහැකි ය. අත්වන්නේ විනාශයකි. එය මෙරටේත් ලෝකයේත් අත්දැකීම යි. භාණ්ඩ සඟවා ව්‍යාජ හිගයක් මවා පසුව වැඩි මිලට විකුණන බවට වන අදහස…

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන
| |

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇත. ඒවා  නම්  පුද්ගල ආදායම් බද්ද අඩු කිරීම, පොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීම, අනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් 18% වැට් බද්දට යටත් කිරීම, අපනයන සේවා සපයන්නන් 15% ක ආදායම් බද්දකට යටත් කිරීම (මේ තාක් ඔවුන් ආදායම් බද්දෙන් නිදහස් විය.) කැසිනෝ, දුම්කොළ…

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා
|

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා

ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වුවත්, දෙසැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ නැවතත් වර්ධනය වීමෙන් පෙනී යන්නේ එය තාවකාලික තත්ත්වයක් බවයි….

වසර අවසානයේදී නිල විදේශ සංචිත – ඉකොනොමැට්ටා
| |

වසර අවසානයේදී නිල විදේශ සංචිත – ඉකොනොමැට්ටා

ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට වඩා ඩොලර් මිලියන 360කින් අඩුයි. පසුගිය මාසය ඇතුළත නිල සංචිත ප්‍රමාණය එපමණකින් අඩු වී තිබෙනවා. මහ බැංකු අධිපති විසින් රූපවාහිණී…

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව

මහජන නැගිටීම් මගින් දෙරටේම නායකයන් පලවා හරින ලදි. ලංකාවේ පැය 13ක් විදුලිය කැපීම තිබුනේ අරගලයට පෙරය. බංගලි දේශයේ විදුලි කැපීම දෛනික සංසිද්ධියක් බවට පත්වුණේ හසිනා පැන්නීමෙන් පසුවය. ලංකාවේ ඉරණම බංගලිදේශයේ වඩා වෙනස් වූයේ මන්දැයි නේපාල සගයකු මගෙන් විමසා සිටියේය. මේ මගේ නිරීක්ෂණවල පරාසයේ දුටු සාක්ෂි මත පදනම්ව සකසා ගත් පිළිතුරයි. ඉතිහාසයේ බොහෝ දේ මෙන්, මෙම…

අමුතු දොස්තර සහ ඇමති දොස්තර – ඉකොනොමැට්ටා
| |

අමුතු දොස්තර සහ ඇමති දොස්තර – ඉකොනොමැට්ටා

කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි වලින් කලපුව රෝහලට ශීතකරණයක් අරන් දෙනවා. ප්‍රශ්නය විසඳෙනවා. ඔය සිද්ධිය වෙන්නේ මේ දවස් වල විකාශනය වෙන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ….

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා
| |

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්! මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ…

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා
| |

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල් පිරිසිදු කිරීමක් ගැන බව පැහැදිලියි. භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳ අදහස අලුත් එකක් නෙමෙයි. මෙම අදහස ශ්‍රී ලංකාව තුළ…

ශ්‍රී ලංකාවේ සහල් මෝල්කරුවන් තොග සඟවන්නේ නැහැ – පාරිභෝගික සේවා අධිකාරිය
|

ශ්‍රී ලංකාවේ සහල් මෝල්කරුවන් තොග සඟවන්නේ නැහැ – පාරිභෝගික සේවා අධිකාරිය

ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය, 2024 ඔක්තෝම්බර් මාසයේ සිට  කරන ලද නිරන්තර විමර්ශනවලින්  මෝල්කරුවන් විසින් සඟවන ලද සහල් තොග සොයා ගැනීමට නොහැකි වූ බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර මහතා පැවසීය. වසර අවසානය වන විට සහල් මිල ඉහළ යාමට නැඹුරු ප්‍රවනතාවක් වසර ගණනාවකින් තිස්සේ පැවතී ඇත. ශ්‍රී ලංකාව සහල් සහ වෙනත් ආහාර සම්බන්ධයෙන් අන්ත…

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග
| |

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග

  විපක්ෂයේ සිටින විට ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව රටේ සහල් ප්‍රශ්නය යොදාගත්තේ පැවති ආණ්ඩුවේ හෝ ආණ්ඩුවල හෝ නොහැකියාව ගැන කියන්නට ය. ඔවුන් කී දේ ගැන දැන් බොහෝ දේ කියැවී ඇති නිසා ඒ ගැන නැවත කිව යුතු නැත. එසේ වුවත්, ඒ සියල්ල දැන් මාලිමාව වෙත කැරකී පැමිණ ඇත්තේ පාරා වළල්ලක් ආකාරයෙනි. එක පෑන් පහරින් ප්‍රශ්න…