|

අයි එම් එෆ් නියෝජිතයෝ හෙට දිවයිනට

  ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සහ එයට අදාළ අනුමත වැඩ සටහන ගැන සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් එන නියෝජිත පිරිස හෙට දිවයිනට ළඟා වන බව වාර්තා වෙයි. මුල්‍ය අරමුදලේ වැඩ සටහන් ප්‍රගතිය විමර්ශනය කිරීම සහ ණය මුදලේ දෙවන වාරිකය ලබා දීම ගැන තීරණය කිරීම මෙම නියෝජිත පිරිසේ සංචාරය මගින් සිදුවනු ඇත. සැප්තැම්බර් 27 දක්වා…

|

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ ප්‍රධාන ගනුදෙනුව අනිද්දා (14 දා )

  දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ ප්‍රධාන ගනුදෙනුව අනිද්දා (14 දා ) සිදු කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි. අර්ථසාධක අරමුදලේ සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් සියයට 84 ක් සහ වෙනත් බැඳුම්කර අතරින් සියයට 37 ක් මෙලෙස ගනුදෙනු කිරීමට නියමිත ය. එම බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීම අනිද්දා (14) සිදු කෙරෙනු ඇත.  

|

සාකච්ඡාවට ආ සමිතිවලට අර්තසාධකයේ සියයට එකකවත් නියෝජනයක් නැහැ – මහා බැංකු අධිපති

    දේශීය ණය ප්‍රශස්තකරණයේ දී  අර්ථසාධක අරමුදලට වන බලපෑම ගැන මහ බැංකුව සමග සාකච්ඡා කරන්නට පැමිණි වෘත්තිය සමිතිවලට අරමුදලේ දායකයින්ගෙන් සියයට එකකවත් නියෝජනයක් නොතිබූ බවත්, ඔවුන් සාකච්ඡා නොකොට ඝෝෂා කළ බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඵලදායී අදහස් හුවමාරුවක් කළ හැකි වෙතයි අපේක්ෂාවෙන් සාකච්ඡාවට අවස්ථාව දුන්නද එවැන්නක් සිදු නොවු…

|

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම- අලුත්ම තත්ත්වය – ඉකොනොමැට්ටා

මෙම ලිපිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව පසුගිය සතිය තුළ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම මෙම සතිය තුළ සිදු විය හැකි දේවල් පිළිබඳව කෙරෙන සමාලෝචනයක්. ලිපියෙන් බොහෝ දුරට කෙරෙන්නේ දැනටමත් පොදු අවකාශයේ ඇති තොරතුරු සාරාංශගත කර නැවත ඉදිරිපත් කිරීමක්. පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතේ පළමුවන උපලේඛනය සංශෝධනය…

|

කවුරු බලයට ආවත් මේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ – ෆ්රෝන්ටියර් රිසර්ච් සාර්ව ආර්ථික අවදානම් අංශයේ ප්‍රධානී චාරු දම්සිංහ

      ඉදිරි මැතිවරණයක දී කුමන පක්ෂයක් බලයට පත්වුව ද දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ ආපසු හරවනු නොහැකි වනු ඇති බව ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ සාර්ව ආර්ථික අවදානම් අංශයේ ප්‍රධානී චාරු දම්සිංහ මහතා ප්‍රකාශ කරයි. මැතිවරණ ප්‍රකාශනවල වෙනත් කුමක් සඳහන් කළ ද , කුමන පොරොන්දු දුන්න ද, ඒවා  අනුව කටයුතු කිරීමට ඉඩක් නොලැබෙන බව ඒ…

|

මේ වනවිට ඉටුකළ යුතු අයි එම් එෆ් කොන්දේසි 57 කින් 37 ක් සම්පුර්ණයි – වෙරිටේ රිසර්ච් පර්යේෂණ නිලධාරිනී සුරේනි වීරතුංග

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කරගත් ගිවිසුම අනුව මේ වනවිට ඉටුකළ යුතු කොන්දේසි 57 කින් 37 ක් ඉටුකොට ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ ජෙෂ්ට පර්යේෂණ නිලධාරිනී සුරේනි වීරතුංග ප්‍රකාශ කරයි. කොන්දේසි 20 ක් ඉටුකොට නැති හෝ තොරතුරු නැති ලෙස හඳුනාගෙන ඇත. අයි එම් එෆ් සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි 100 ක් හඳුනාගෙන ඇති අතර…

|

මහ බැංකුව සහ Y වෘත්තීය සමිති – ඉකොනොමැට්ටා

දින තුනකට පෙර පැවැත්වුණු මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කර ලිපියක් ලියන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම් සිදු නොවුනද මේ ගැන කොහොමටත් අදහස් පළ කරන්න අවශ්‍යව තිබුණත්, වෙනත් වැදගත් වෘත්තීය කටයුතු කිහිපයක් වෙනුවෙන් කාලය යෙදවිය යුතු වූ නිසා එය මීට කලින් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. ඉහත හමුව…

|

ඩොලර් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ! මුල් මාස හයේ බිලියන දෙකක අතිරික්තයක්

  ඩොලර් අර්බුදය ලෙස සාමාන්‍යයෙන් සඳහන් කරන ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ යන ලකුණු පෙන්නුම් කරමින් මෙම වසරේ මුල් මාස හයේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 2,078 ක අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ විශේෂයෙන් විදේශ ප්‍රේෂණ  ලැබීම් සහ සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් වර්ධනය වීම හේතුවෙනි….

|

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල පහත වැටීමක්

  ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත. වත්මන් නිල සංචිත වත්කම්වලට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා…

|

ආයතන 80 ක් පෞද්ගලිකකරණයට ; 15 ක් වසා දමයි

    නිර්ණායක කිහිපයක් මත පදනම්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය වාණිජ ආයතන 80 ක් පමණ රාජ්‍ය අතේ නොතිබිය යුතු බව හඳුනාගෙන ඇති බව  රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කොට ඇත. එම ආයතන 80 පෞද්ගලිකකරණය කිරීමට නියමිත ය. ශ්‍රී ලංකාව තුළ වාණිජ රාජ්‍ය ව්‍යවසාය (SOEs) 130ක් පමණ ඇති අතර ඉන් 15ක්…

|

උද්ධමනය අඩු වුණ වේගයෙන් බඩු මිල පහළ යන්නේ නෑ – ආචාර්ය පී. එම්. එන්. බණ්ඩාර

පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ ලෝකයේ සෑම රටකම පාහේ දැඩි උද්ධමනකාරී ප්‍රවණතාවක් පැවැතිණි. ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% දක්වා ඉහළ ගිය බව ද වාර්තා විය. නමුත්, මෑතකදී එය 4.6% දක්වා අඩු වූ බව ද වාර්තා විය. එම නිසා භාණ්ඩ හා සේවාවල මිල 70% දක්වා අඩු විය යුතු බව ඇතැම්හු ප්‍රකාශ කරති. නමුත්, එය එසේ කළ හැකිද?…

|

කෙටිකාලීන ආයෝජන හා දිගුකාලීන ආයෝජන – මහාචාර්ය විධුර තෙන්නකෝන්

ඊයේ (සැප්තැම්බර් 2) දින පැවති දකුණු ඉවුර විසින් සංවිධානය කළ සජීවී වැඩ සටහනේදී එක්තරා ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් යම් කාලයකට පසුව දෙවැන්නෙකු විසින් ඊට සමාන ප්‍රශ්නයක් නැවත අසනු ලැබුවා. ඒ අනුව, පෙනී ගියේ පළමු වර ලබා දුන් පිළිතුර එතරම් පැහැදිලි වී නැති බවයි. මෙම ප්‍රශ්නයේ ස්වභාවය අනුව, දෙවන වරට කළ පැහැදිලි කිරීම වුවද ප්‍රමාණවත් නොවිය හැකියි….