|

අයි එම් එෆ් නියෝජිතයෝ හෙට දිවයිනට

 

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සහ එයට අදාළ අනුමත වැඩ සටහන ගැන සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් එන නියෝජිත පිරිස හෙට දිවයිනට ළඟා වන බව වාර්තා වෙයි.

මුල්‍ය අරමුදලේ වැඩ සටහන් ප්‍රගතිය විමර්ශනය කිරීම සහ ණය මුදලේ දෙවන වාරිකය ලබා දීම ගැන තීරණය කිරීම මෙම නියෝජිත පිරිසේ සංචාරය මගින් සිදුවනු ඇත.

සැප්තැම්බර් 27 දක්වා දිවයිනේ රැඳී සිටින නියෝජිත පිරිස අදාළ සියලු අංශ සමග සාකච්ඡා කොට තම තීරණ සහ නිරීක්ෂණ ප්‍රකාශයට පත් කරනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *