සාකච්ඡාවට ආ සමිතිවලට අර්තසාධකයේ සියයට එකකවත් නියෝජනයක් නැහැ – මහා බැංකු අධිපති

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී අර්ථසාධක අරමුදලට වන බලපෑම ගැන මහ බැංකුව සමග සාකච්ඡා කරන්නට පැමිණි වෘත්තිය සමිතිවලට අරමුදලේ දායකයින්ගෙන් සියයට එකකවත් නියෝජනයක් නොතිබූ බවත්, ඔවුන් සාකච්ඡා නොකොට ඝෝෂා කළ බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ඵලදායී අදහස් හුවමාරුවක් කළ හැකි වෙතයි අපේක්ෂාවෙන් සාකච්ඡාවට අවස්ථාව දුන්නද එවැන්නක් සිදු නොවු බව ද ඒ මහතා කී ය.
වෘත්තීය සමිති යෝජනා කළේ බැංකුවලට සහ තැන්පතු හිමියන්ට බර පටවන ලෙස බව කී මහ බැංකු අධිපතිවරයා බැංකු දැනටමත් සියයට 50 ක් බදු ගෙවන බවත්, තැන්පතු හිමියන් සියයට 36 ක් ගෙවන බවත් පැවසී ය. සියයට 14 ක් ගෙවන අර්තසාධකය බේරා ඔවුන්ට තවත් බර පැටවුව හොත් සමානාත්මතාවය උල්ලංඝනය වූ බවට මානව හිමිකම් නඩු පැවරීමට ඔවුන්ට හැකියාව ලැබෙන බව ද ඒ මහතා කී ය.
කැලණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ සුහද හමුවකට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය .
එම ප්‍රකාශය පහතින්
