ඩොලර් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ! මුල් මාස හයේ බිලියන දෙකක අතිරික්තයක්

ඩොලර් අර්බුදය ලෙස සාමාන්‍යයෙන් සඳහන් කරන ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ යන ලකුණු පෙන්නුම් කරමින් මෙම වසරේ මුල් මාස හයේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 2,078 ක අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි.
මෙම තත්ත්වය උදා වී ඇත්තේ විශේෂයෙන් විදේශ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් වර්ධනය වීම හේතුවෙනි.
මහ බැංකුවේ වාර්තා අනුව මුල් මාස හයේ මෙරට ආනයන වියදම ඩොලර් මිලියන 9548 කි. අපනයන ආදායම ඩොලර් මිලියන 6891 කි. විදේශ ප්‍රේෂණ ලැබීම් මිලියන 3364 ක් වන අතර සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් මිලියන 1094 ක් ලෙස ගණන් බලා තිබේ. සුරැකුම්පත් වෙළෙඳපොලෙන් ඩොලර් මිලියන 604 ක් ලැබී ඇත.
විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් ඉදිරි කාලයේ තවදුරටත් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
මෙම වසර තුළ අපනයන ආදායම ලෙස බිලියන 13 ක් , විදේශ ප්‍රේෂණ බිලියන 6.8 ක් සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 2.4 ක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
එමෙන් ම ණය ප්‍රතිව්‍යුහගත කාරණයත් සමග විදේශ ආයෝජන, ණය සහ ආධාර වශයෙන් ද තවත් මුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
ඒ අනුව ප්‍රතිව්‍යුහගත කරණයෙන් පසුව ණය ගෙවීමට සහ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් මෙරටට ලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
