දින 14 ක දී වී මෝල් 157 ක් වටලා ටොන් 14,416 ක් සොයාගෙන ! සහල් කළාම එක දිනකට ඇති !!

පරිභෝගික සේවා අධිකාරිය දිවයිනේ දිස්ත්‍රික්ක හයක සහල් මෝල් 157 ක් වටලා වී කිලෝ 14,416 ක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර එම වී ප්‍රමාණය සහල් කළ විට රටේ එක් දිනක සහල් පරිභෝජනයට තරමක් වැඩි ප්‍රමාණයකි. අගෝස්තු 26 සහ සැප්තැම්බර් 9 අතර කාලය තුළ මෙම වැටලීම් කොට ඇත්තේ අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වවුනියාව යන දිවයිනේ…

අද කොවිඩ් මරණ 144 යි ; නව ආසාදිතයින් 2641 යි

අද රජය නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 144 කි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11,296 කි අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් ලෙස අද වාර්තා කොට ඇති සංඛ්‍යාව 2,641 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගී සංඛ්‍යාව 485,921 ක් වෙයි. මේ අතර සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියන්නේ…

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් අපට වුණේ. මේක දේව ශාපයක්ද කියා මිනිස්සු අහනවා – මුරුත්තෙට්ටුවේ හිමි

සෞභාග්‍යමත් රටක් ඇතිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට ගෙනා තමන්ට දැන් සිදුව ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා හා සමාන දෙයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීමේ පුරෝගාමී කාර්යයක් ඉටුකළ භික්ෂුන් වහන්සේ නමක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යමත් දැක්මක් සැලැස්මක් මත ආණ්ඩුව ගෙනියනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයට දැම්මාට ජනතාව තුළ ඒ පිළිබඳව…

තවත් කොවිඩ් මරණ 157 ක් සමග සමස්ත මරණ 11,000 ඉක්මවයි ; නව ආසාදිතයින් 2,796 ක් වාර්තා වෙයි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 157 ක් අද වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ප්‍රමාණය 11,152 ක් දක්වා ඉහළ ගියේය. මෙරටින් අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,796 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 483,274 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කබ්රාල්ට කැබිනට් බලතල දෙන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ

රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳුදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්  වී කැබිනට බලතල සහිත මහ බැංකු අධිපති ලෙස පත්වන බවට වාර්තා පළ වුව ද, මහ බැංකු අධිපතිවරයාට කැබිනට් බලතල ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැති බව ව්‍යවස්ථා විශේෂඥයෝ කියති. කැබිනට් මණ්ඩලය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වන අතර එම බලතල වෙනත් කිසිවකුට ලබා දීමට ප්‍රතිපාදන…

අද වාර්තාව කොවිඩ් මරණ 131 යි ; ආසාදිතයින් 2,832 යි

රජය අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 131 කි. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් අද අලුතින් හඳුනාගත් කොවිඩ්  ආසාදිතයි සංඛ්‍යාව සටහන් වන්නේ 2,832 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 480,468 ක් වශයෙනි.

මහා බැංකු අධිපති ධුරයෙන් මහචාර්ය ලක්ෂ්මන් ඉවත්වෙයි

මෙම 14 දා සිට එනම් ලබන අඟහරුවාදා සිට මහ බැංකු අධිපති ධුරයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය  දේශමාන්‍ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා අද නිවේදනය කළේ ය. තමන්ගේ 80 වැනි උපන්දිනය සමරන ලබන මාසයේ තනතුරින් ඉවත්වීමට තමන්තීරණය කොට තිබු බවත්, එහෙත්, පසුගිය දිනවල ඇති වූ සිත් රිදවන ක්‍රියාවක් නිසා එම තීරණය ඉක්මන්…

එජාපයෙන් ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක්

  ලංකාවේ අනාගතයට අදාළව ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය ස්ථාපිත කරන ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයට පාක්ෂිකයන්ට මෙන්ම වෙනත් පක්ෂවලට ද යෝජනා ඉදිරිපත් කිරීමට හැකි වීම විශේෂ කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. පක්ෂයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ 75න්…

කොරෝනා වැළඳී ඇමති චමල් රෝහල් ගත කරයි

වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගතකර ඇත. කොවිඩ් රෝගියකුගේ ආශ්‍රීතයකු වීම නිසා ඒ මහතා දින ගණනාවක් නිරෝධායනයේ සිටියේය. රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ. පාර්ලිමේන්තුවේ තවත් මැති ඇමතිවරුන් නව දෙනෙකු මේ වනවිටත් රෝගය වැළඳී හෝ නිරෝධයනයේ හෝ සිරින බව වාර්තා වෙයි.

ජනාධිපති 21 දා ඇමෙරික යයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ලබන 21 දා ඇමෙරිකාව බලා යාමට නියමිත බව වාර්තා වෙයි. එකසත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සඳහා ජනාධිපති තුමා මෙලෙස නිව්යෝක් නුවර බලා යාමට නියමිතය. සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 05 දින දක්වා මෙවර මහා මණ්ඩල සැසිය පැවැත්වෙයි. පවතින කොවිඩ් තත්ත්වය නිසා මහා මණ්ඩල රැස්වීම මාර්ග ගත ක්‍රමයට පැවැත්වෙන අතර රාජ්‍ය නියෝජිතයින්…

ඇඳිරි නීතිය 21 දා තෙක් දීර්ඝ කෙරෙයි

  දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කොට තිබේ. කොවිඩ් කාර්ය සාධන බලකාය අද උදේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස වී මෙම තීරණය ගත බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි

අද කොවිඩ් මරණ 175 යි ; නව ආසාදිතියින් 2856 යි

කොවිඩ් ආසාදිත තවත් මරණ 175 ක් රජය අද නිල වශයෙන් නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද නිවේදනය කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,856 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 477,636 ක් වශයෙනි. මේ අතර දැනට ක්‍රියාත්මක කොවිඩ්…