අද කොවිඩ් මරණ 175 යි ; නව ආසාදිතියින් 2856 යි

කොවිඩ් ආසාදිත තවත් මරණ 175 ක් රජය අද නිල වශයෙන් නිවේදනය කළේ ය.
ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද නිවේදනය කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,856 කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 477,636 ක් වශයෙනි.
මේ අතර දැනට ක්‍රියාත්මක කොවිඩ් ඇඳිරි නීතිය දික් කරනවා ද යන්න හෙට පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේ දී තීරණය කිරීමට නියමිත ය. ඇඳිරි නීතිය ඉවත් කළ ද සංවරණ සීමා ඉවත් කිරීම ක්‍රමානුකුලව සිදු විය යුතු බව විශේෂඥ මතය වී තිබේ.
එම විශේෂඥයන් කියන්නේ කොවිඩ් රෝගීන්ගේ සැලකියයුතු අඩුවීමක් බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝබර් මාසයේ මැද වන විට බව යි.
