ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත වරදකරු කර වසර හයක සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ජනාධිපතිවරයාට එරෙහිව අද (20) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම් හි වගඋත්තරකරුවන්…

ලංකාවට හා ඉන්දියාවට IS තර්ජන ඉහළට- ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේදී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත. ඉන්දීය බුද්ධි අංශය එරට පොලිස් ප්‍රධානීන් ලිපි තුනක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉරාකයේ සහ සිරියාවේ සිය බලය ගිලිහියාමත් සමඟ අයි.එස් ත්‍රස්ත සංවිධානයේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී…

ආණ්ඩුවට සහය දක්වන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 5 කට එජාප ආසන සංවිධායක ධූර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට  ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද  (19) තීරණය කර තිබේ. ඔවුන් ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සළකා බලා මෙම තීරණයට එළැඹ තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී…

කබීර් සහ හලීම් යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දෙති

පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබේ. ඒ අනුව හිටපු අමාත්‍යවරු වන කබීර් හෂිම් සහ අබ්දුල් හලිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් පෙර දෑරු අමාත්‍ය ධුරයන් හි යළි දිව්රුම් දී ඇත. ඔවුන් අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවේ නැවත දිව්රුම් දී ඇතැයි වාර්තා වේ. කබීර් හෂිම් මහතා…

“මුස්ලිම් දොස්තරට ගල්ගැසිම තමයි කලයුතු” – අස්ගිරි මහනායක හිමි

සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතික කරන දිවයිනේ ඉහලම සංඝ නායකත්වය මුස්ලිම් විරෝධී වෛරක්කාරී බණක් වදාරමින් චමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් ආශිර්වාද කර තිබේ. මුස්ලිම් වෙළෙඳාම වර්ජනය කරන ලෙස සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටි අස්ගිරි මහනාහිමියෝ ඒ සඳහා ‘යහමග පෙන්වීමට’ ද සහතික වුනා. “මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න…

රාජිත GMOAවෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි

පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ අසත්‍ය කරුණු නිසා තම කීර්ති නාමයට කැළලක් වූ බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යවරයා එම සංගමයෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. අදාළ මාධ්‍ය හමුවෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ උපදෙස් අනුව මුලින්ම රුපියල් බිලියනයක…

ජපානයෙන් ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට දිනයේ (19) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ජපානයේදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුලදී රැකියා…

ගෝඨාගේ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමෙන් තොරව ඉවතට

 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 02 ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත් කෙරීය. අභියාචනාධිකරණ විනිසුරන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම…

ජාතිවාදී ගැටුම් ඇතිකරන බොරු ප්‍රවෘත්ති දුන්නැයි කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ?

ජාතිවාදී ගැටුම් ඇතිකරන බොරු ප්‍රවෘත්තියක් පුවත්පතකට ලබා  දුන්නැයි කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සහබ්දීන් සාෆි සිංහල මවුවරුන්ට වඳ සැත්කම් කළයි පළවූ පුවත්පත් වාර්තා සහ ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් , විශේෂ විමර්ශන ඒකකයත් කළ පරීක්ෂණ…

රාජිතට තනතුරු ලැබුණේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කළ නිසා – සමන් රත්නප්‍රිය

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ වන විට ඉතාමත්ම රිනාත්මක ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තියෙනව. රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ ප්‍රගතියක් වෙලා නැහැ. රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ ඇති වෙලා තියෙන්නේ අගතියක් පමණයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රතිපාදන හරියාකාරව නියාමනය වෙන්නේ නැහැ. ඒක නිසා බරපතල ප්‍රශ්නයක් සෞඛ්‍ය සේවාව තුළ තියෙනවා, වගේ අවලාද කියමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන…

අගමැති රනිල් වැඩබලන ඇමතිවරුන්ගේ වැඩ තහනම් කරයි

තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ගේ අමාත්‍යංශ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ වැඩබලන ඇමතිවරුන් තිදෙනා එම ඇමති ධුරවල කටයුතු කිරීමෙන් වැලකී සිටිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිගේ නිර්දේශයකින් තොරව ජනාධිපතිට ඇමතිවරුන් පත්කිරීමේ බලයක් නැති බවත් එනිසා මෙම පත්කිරීම් නීතී විරෝධී බවත් අගමැතිතුමා අදාල නියෝජ්‍ය ඇමතිවරුන්ට…

ජනපතිගේ ජනමතවිචාරණ උත්සාහයට පොහොට්ටුවේ සහයත් නෑ

මහ මැතිවරණයක් කැදවීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහයට මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පලවී නැති බව වාර්තාවෙයි . මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්චාවේදී රාජපක්ෂ මහතා කියා ඇත්තේ මේ සම්බන්දයෙන් විපක්ෂයේ අනෙක් පක්ෂවලද අදහස් විමසිය යුතු බවයි . මේ අතර පොදුජන පෙරමුණේ පිරිස් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන…