ජනපතිගේ ජනමතවිචාරණ උත්සාහයට පොහොට්ටුවේ සහයත් නෑ
මහ මැතිවරණයක් කැදවීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහයට මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පලවී නැති බව වාර්තාවෙයි . මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්චාවේදී රාජපක්ෂ මහතා කියා ඇත්තේ මේ සම්බන්දයෙන් විපක්ෂයේ අනෙක් පක්ෂවලද අදහස් විමසිය යුතු බවයි .
මේ අතර පොදුජන පෙරමුණේ පිරිස් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ආණ්ඩුවක් ගැනීමෙන් වැටුණු අමාරුවේ තවත් වරක් වැටීමට තමන් සුදානම් නැති බවයි . ජනාධිපතිවරණයට මාස පහක් පමණක් තිබියදී මෙබදු උත්සාහයකට සහය දීම ජනාධිපතිවරණයට මුහුණ දීමට ඇති බිය නිසා ගත් පියවරක් ලෙස පෙනී යාම තමන්ට අවාසිදායක බවද ඔවුන්ගේ විශ්වාසය වී තිබේ .
