අගමැති රනිල් වැඩබලන ඇමතිවරුන්ගේ වැඩ තහනම් කරයි
තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ගේ අමාත්‍යංශ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ වැඩබලන ඇමතිවරුන් තිදෙනා එම ඇමති ධුරවල කටයුතු කිරීමෙන් වැලකී සිටිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිගේ නිර්දේශයකින් තොරව ජනාධිපතිට ඇමතිවරුන් පත්කිරීමේ බලයක් නැති බවත් එනිසා මෙම පත්කිරීම් නීතී විරෝධී බවත් අගමැතිතුමා අදාල නියෝජ්‍ය ඇමතිවරුන්ට දැනුම් දී තිබේ .
පසුගියදා ජනිධිපතිගෙන් වැඩබලන ඇමති ධුර භාරගත් ලකී ජයවර්ධන , බුද්ධික පතිරණ , අනෝමා ගමගේ යන නියෝජ්‍ය ඇමතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කර තිබේ . පක්ෂයේ තීරණයකින් තොරව මෙම පත්වීම් භාරගැනීම ගැනද ඔවුන්ට අවවාද කොට තිබේ .
මෙම පත්වීම් නීතිවිරෝධී බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ජනාධිපතිතුමා වෙත ලිඛිතව දැනුම් දුන්නේය .
