රාජිතට තනතුරු ලැබුණේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කළ නිසා – සමන් රත්නප්‍රිය

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ වන විට ඉතාමත්ම රිනාත්මක ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තියෙනව. රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ ප්‍රගතියක් වෙලා නැහැ. රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ ඇති වෙලා තියෙන්නේ අගතියක් පමණයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රතිපාදන හරියාකාරව නියාමනය වෙන්නේ නැහැ. ඒක නිසා බරපතල ප්‍රශ්නයක් සෞඛ්‍ය සේවාව තුළ තියෙනවා, වගේ අවලාද කියමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන නියමුවා වන වෛද්‍ය රාජිත සේනාරත්න මහත්තයට විරුද්ධව මඩ ප්‍රහාරයක් එල්ල කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පහළවකට අධික සංඛ්‍යාවකගෙන් සැදුම්ලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මගින් ඊයේ (17) සවස පැවැත් වූ  මාධ්‍ය හමුවක දී එසේ කියා සිටියේ, සෞඛ්‍යසේවා වෘත්තීය සමිති සන්ධානය, හෙද සංගමය නියෝජනය කළ සමන් රත්නප්‍රිය මහතා විසිනි. තවදුරටත් කරුණු දැක් වූ ඒ මහතා,

ඒ වගේම ඔහුගේ ප්‍රාජඅයිතිය අහෝසිකරන්න ඕනැ කියලා අපි දැක්කා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විවිධ චෝදනා ගණනාවක් එල්ල කරමින් ඉන්නව. ඒ කාරණය ස්ථාවර කරන්න ඒ ගොල්ලන්ගෙ පැත්තෙන් චෝදනා එල්ල කරනවා. උද්ඝෝෂණ ක්‍රියාමාර්ග තැන් තැන් වල කරනවා. ඒවා එතරම් සාර්ථක ඒවා නොවෙයි. ඒ වගේම විරෝධා සතියක් නම් කෙරුවා. ඒක එච්චරම දැනෙන්න පේන්න නැහැ. බැනර් කීපයක් නම් රෝහල් ඉදිරිපිට ප්‍රදර්ශනය වෙනවා දකින් තියෙනවා.

මේක ඉතාමත් රිනාත්මක කාරණයක් විදිහටයි අපි දකින්නේ. සද්භාවෙයන්ම කියනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ මේ මොහොතේ මේ රටේ හොඳට දුවන, හොඳට ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයක්. ඒ ගැන අපි වාද විවාද කරගන්න එකඟයි, තර්ක කරගන්න එකඟයි. කිසිම ආණ්ඩුවක හැම ක්ෂේත්‍රයක්ම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳට දුවන, හොඳට ක්‍රියාත්මකවන, මහජන සේවය හරියට ක්‍රියාත්මක වෙන ඉහළින්ම තියෙන එකක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය. අධ්‍යාපන ක්ෂේත්‍රයත් අපිට එහෙමයි කියලා නම් කරන්න පුළුවන්.

මම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන්නේ 1993 දි. 1993 ඉඳන් ඉතිහාසය අපි අධ්‍යයනය කරලා තියෙනවා. ප්‍රායෝගිකව අත්විඳලා තියෙනව. ඒ කාලේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තිබුණෙ කොහොම ද, දැන් තියෙන්නෙ කොහොමද කියලා කවුරුවත් අපිට උගන්වන්න ඕනෙ නෑ. අපි ඉගෙන තියෙනවා. අභ්‍යාස කරලා තියෙනව.

අද වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන්නේ ප්‍රගතියක්. ඉතිහාසයේ වෛද්‍ය සේවයේ තිබුණේ ඒකාධිකාරිත්වයක් විදිහට. වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරිත්වය කොහොමත් වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රරාම ක්‍රියාත්මක වුණා. ඊට අමතරව රජයේ වෛද්‍ය සංගමය යම් ඒකාධිකාරි බලයක් ක්‍රියාත්මක කරමින් සිටියා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. ඒ ඒකාධිකාරිත්වය නිසාම අනිකුත් සේවාවන්වලට, අනෙකුත් වෘත්තීන්ට සාධාරණය ඉෂ්ඨ වුණේ නැහැ. සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ක්‍රියාත්මක කළේ ඒ අය. සහකාර වෛද්‍ය සේවාවේ බඳවා ගැනීම් හා ක්‍රියාත්මක වීම ඔවුන් සම්පූර්ණයෙන් නැති කෙරුවා.

හෙද පරිපූරක සේවාවන්වල උපාධිය ක්‍රියාත්මක වුණා. ඒක පටන් ගත්තේ අවුරුදු හතරක උපාධියක් විදිහට. පළවෙනි වතාවට ලංකාවේ තමයි හතරකින් පටන් අරන් තුනක් දක්වා කප්පාදු කළේ. ලෝකේ සාමාන්‍ය කෙරෙන්නේ අඩුවෙන් පටන් අරන් වැඩි කරගෙන යන එක. මෙහෙ තමයි හතරකින් පටන් අරන් තුන දක්වා අඩු කළේ. ඒක කළේ රජයේ වෛද්‍යසේවා නිලධාරින්ගේ සංගමය හිටපු සෞඛ්‍ය පාළකයන්ට බලපෑම් කරල. හිටපු වෛද්‍ය පාළකයො යට වුණා, වෛද්‍ය සංගමයේ පලපෑමට. එවැනි සෞඛ්‍ය අමාත්‍යවරු හොඳයි වෛද්‍ය සංගමයට. ඒකාලේ ඒකාධිකාර්ය හොඳට ක්‍රියාත්මක වුණා. වර්ථමාන සෞඛ්‍ය ඇමතිවරයා නරකයි වෛද්‍ය සංගමයට, ඒ ගොල්ලන්ගේ අධිකාරිත්වයට ඒ තරම් ඉඩක් නොදෙන නිසා. ඒක අපිට සරල උදාහරණ දෙකකින් ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනව.

එදා සෞඛ්‍ය සේවාවෙයි අද සෞඛ්‍ය සේවාවෙයි වෙනස, වර්ථමාන සෞඛ්‍ය සේවාවේ බෙහෙත් මිල වගේ එකක් ගත්තොත්, බඩුමිල වගේ තමයි බෙහෙත් මිලත් දිගටම වැඩවෙනව. මේක අඩු කරන්න පුළුවන් ජගතෙක් පහුගිය කාලය තුළ අපේ රටේ අපි දැක්කේ නැහැ. බඩු මිල දැන් අවුරුදු දහයකට කලින් හා දැන් බැලුවොත් හිතාගන්න පුළුවන් වැඩි වෙලා තියෙන විදහ. පහුගිය හතර හමාරක හතර කාලය ඇතුළත මෙරට ඖෂධ මිල අඩුකෙරුවා.

බෙහෙත් වර්ග 48ක මිල වර්ථමාන සෞඛ්‍ය ඇමතිවරයා මහන්සිවෙලා අඩුකෙරුවා. ඊට පස්සේ පිළිකා ඖෂධ හා තවත් බෙහෙත් වර්ග 25ක මිල අඩු කෙරුවා. ඉතාම මහන්සියෙන්, විවිධ අයත් එක්ක සම්බන්ධවෙලා, සාකච්ඡා කරලා අඩු කළා. ඊට පස්සේ චෝදනාවක් ආවා නැවත ඖෂධ මිල වැඩි කෙරුවා කියලා, ඒ මිල වැඩිවීම් මේ රටේ කාටවත් නවත්වන්න හම්බවෙන්නේ නෑ මොකද ඩොලරය වැඩි වෙනකොට, යම් යම් නිෂ්පාදන කාරණා ඉහළ යනකොට යම් ප්‍රමාණයකට මිල වැඩිවීම් වෙනවා හැම දේකම.

නමුත් ඖෂධ වල මිල අඩුකෙරුවා. සමහර ඖෂධ වල මිල සියයට එකසිය හැත්තෑපහකින් විතර අඩුකෙරුවා.  මීට අවුරුදු පහළොවකට විතර ඉස්සර ලෙඩෙකුට බෙහෙත්වලට වියදම රුපියල් පහළොස් දාහක් විතර ගියානම්, ඒක දැන් හය හත්දාහකින් විතර ගන්න පුළුවන්. සමහර විට හාරදාහකට විතර අඩුවෙලා තියෙන්න පුළුවන්.

හෘද රෝගීන්ට හෘදනාල අවහිරතාවයන්ට දමන ස්ට්‍රෙන්ත් එක කලින් රුපියල් තුන්ලක්ෂ පනස්දාහක් විතර වෙනවා. දැන් එක්ලක්ෂ පනස්දාහකට විතර අඩුකරලා තියෙනව. ලෝහමය ස්ට්‍රෙන්ත් එක රුපියල් හතැතෑපන්දාහේ සිට රුපියල් විසිහතර දාහ දක්වා අඩුකරලා තියෙනව. ඉස්සර හරකා බාණ, තමන්ගේ ත්‍රිවීල් එක උගස් තියෙන්න වෙනවා හෘදරෝගියෙකුට ස්ට්‍රෙන්ත් දාන්න. දැන් එහෙම තත්ත්වයක් නෑ. රජයේ රෝහල්වලින් නොමිලෙම වගේ කරගන්න පුළුවන් ඒ තත්ත්වය උදාකරලා දීලා තියෙන්නේ වර්ථමාන රෝහල් කළමණාකාරීත්වය විසින්. ඉස්සර අක්ෂි කාචයක් රුපියල් හතලිස් දාහේ සිට හැත්තෑදහසක් විතර යනවා. දැන් ඒ සියලුම අක්ෂිකාච නොමිලේ දීලා තියෙනව. පසුගිය අවුරුදු පහ තුළ රජයේ රේහල්වලින් අක්ෂිකාච එක්ලක්ෂ විසිදාහක් දාලා තියෙනවා මේ රටේ ලෙන්ඩුන්ට.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක වරයා පිළිගන්නවා යොදන මුදලට ඉහළම සෞඛ්‍ය සේවාවන් සපයන රටක් කියලා ලංකාව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිවරයා වසරයෙන් රාජිත සේනාරත්න මහතා දෙවන වතාවටත් තෝරාගන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවාව ගුණාත්මකව වර්ධනය කළ නිසා.

මනෝජ් රූපසිංහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *