රාජිත GMOAවෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි
පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ අසත්‍ය කරුණු නිසා තම කීර්ති නාමයට කැළලක් වූ බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යවරයා එම සංගමයෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අදාළ මාධ්‍ය හමුවෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ උපදෙස් අනුව මුලින්ම රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමටත් දෙවනුව නඩු පැවරීමටත් තීරණය කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ අවස්ථාවල තමන්ට විරුද්ධව විවිධ ප්‍රකාශ කළත් එම සංගමයේ නිල නාමයට ගරු කරමින් ඊට එරෙහිව මෙතෙක් ක්‍රියාමාර්ග නොගත් බවයි රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ.
එහෙත් ඔවුන් දිගින් දිගටම මාධ්‍ය හමු පවත්වමින් ප්‍රචාරය කරන අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
RN
