අද කොවිඩ් වාර්තා : මරණ 12 යි, නව ආසාදිතයින් 829 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 12 ක් වන අතර දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් ලෙස වාර්තා කොට ඇත. මෙරටින් මේ වන විට වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,243 ක් වෙයි. මේ දක්වා  මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 598,536 ක් ලෙස සටහන් වෙයි.

ලයිට් කපන්නම හැදු විදුලි වෘත්තීය සමිති පසුබැස්මක ; ඉන්ධන ප්‍රශ්නය විසඳෙන ලකුණු

විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන සපයාගැනීමේ ප්‍රශ්නයට කිසිදු විසඳුමක් නැති බවත්, විදුලි කැපීම අනිවාර්ය වන බවත් කියමින් පසුගිය දිනවල මහජනයා බියට පත් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට පසු බැස්මක් හිමිකර දෙමින් විදුලිය සඳහා ඉන්ධන සපයාගැනීමේ ප්‍රශනය විසඳෙන ලකුණු පහළ වී ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග කියයි. ගෙවීම් සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා…

ගෙනා සහල් තොග වරායේ ; සහල් කිලෝව 200 ට නගී !

වෙළෙඳපොළේ මේ වනවිට ඇති සහල් හිගය මග හැරීම සඳහා රජයේ අනුමැතිය ඇතිව ගෙන්වා ඇති සහල් කන්ටේනර් 800 ක් පමණ මුදා ගැනීමට ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව අසමත් වීම නිසා වෙළෙඳපොළේ සහල් මිල කිලෝව රුපියල් 200 ඉකමව යන තත්ත්වයක් උද්ගතව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. මේ වනවිට සම්බා සහල් කිලෝව රුපියල් 230 සිට ඉහළ මිලකට…

ජනාධිපතිගේ රාජාසන කතාවෙන් මාධ්‍යවේදීන් සකළ අමාරුවේ !

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද කළ කතාවෙන් තමන් විශාල අමාරුවක වැටුණු බව ජනමාධ්‍ය වේදීහු කියති. එයට හේතු වී ඇත්තේ එම කතාව මගින් උණුසුම් ලෙස වාර්තා කළ හැකි කිසිදු දෙයක් ඉදිරිපත් නොවීම යි. ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් මෙතෙක් තැන තැන කී දේ නැවත ප්‍රකාශයක් මිස ජනාධිපතිගේ කතාවේ කිසිදු අලුත් දෙයක් නොතිබීම නිසා ඇල්මැරුණු…

අද කොවිඩ් මරණ 13 ක් , නව ආසාදිතයින් 672 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 672 කි. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 15,231 ක් වශයෙන් සටහන් වී තිබේ. මෙරටින් මෙදකව වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 597,707 ක් වශයෙන් වාර්තා වෙයි.

මහ බැංකුව බැඳුම්කර ගෙවයි ! හාල් ගන්න මුදල් නොදෙයි !!

බැඳුම්කරය ගෙවීමට ඩොලර් මිලියන 500 ක් මහ බැංකුව අද සවස නිදහස් කළ බව වාර්තා වෙයි. ඒ සඳහා අවශ්‍ය මුදල් අදාළ අංශ වෙත මුදාහල බව මහ බැංකුව නිවේදනය කර ඇත. එම මුදල් ලැබෙන්නේ කාටදැයි හෙළිදරව් කොට නැත. ඒ අතර මුදා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම  නිසා මුදාගත නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1,700 ක් මේ වනවිට වාරයේ හිර…

මහ බැංකුව ජනතාව හාමතේ තියා බැඳුම්කර ගෙවන්නේ පවුලේ ඥාතීන්ට – ශ්‍රීලනිප ජෙෂ්ට උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස

ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර  ගෙන්වීමට පවා මුදල් වෙන් නොකර විද්වතුන් එපා කියද්දී ආණ්ඩුව ඩොලර් මිලියන 500 ක් බැඳුම්කර ගෙවන්නේ තම පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ට උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි. ලෝකයෙන් ගත ණයක් ගෙවන බව පෙන්වුවද මෙම බැඳුම්කරවල මුදල් ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂ පවුලේ සහ කබ්රාල් පවුලේ ඥාතීන්…

අද කොවිඩ් වාර්තා : මරණ 7 යි , නව ආසාදිතයින් 688 යි

රජය අද දිනයේ තවත් කොවිඩ් මරණ 7 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස අද දිනයේ හඳුනාගත් සංඛ්‍යාව ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 688 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 15,218 ක් වශයෙනි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 597,035 ක්…

‘නාටක පෙන්වා ආරක්ෂක අංශ හෑල්ලු කරන්න එපා‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  අනේකවිද අර්බුදවලින් පීඩාවට පත්ව සිටින  ජනතාවට තව දුරටත් නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සිද්ධියේ විමර්ශන වල සත්‍ය ප්‍රගතිය රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. නීතිය හා සාමය අමාත්‍යවරයාගේ නාටක සෙල්ලම් නිසා රටෙි ආරක්ෂක අංශ හෑල්ලුවට ලක්වන බව කී විජයවර්ධන මහතා තමන්ගේ පටු…

අද කොවිඩ් මරණ 14 යි; නව ආසාදිතයින් 690 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 14 ක් වන අතර අද දිනයේ හඳුනාගනු ලැබූ නව ආසාදිතයින් ලෙස වාර්තා කළ සංඛ්‍යාව 690 කි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,211 කි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 596,347 ක් වශයෙනි.

ජනාධිපති නියෝගයෙන් සහල් කිලෝව රුපියල් 170 ට නගී !

මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 95 බැගින් මිල දී ගැනීමට කෘෂිකර්ම ඇමතිවරයාට තමන් නියෝග කළ බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළ අතර ඒ අනුව සහල් කිලෝවක මිල රුපියල් 170 ක් දක්වා ඉහළ යන බව සහල් වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ දෙවන කොටස විවෘත කරමින් ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළේ වී කිලෝවක්…

‘‘ජූලි වන විට කොරෝනා සැර බාල වෙයි‘‘ – ලෝක සෞඛ්‍ය සංවිධායනය

ලබන ජුලි – අගෝස්තු වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ – සෙම්ප්‍රතිෂ්‍යාවක තත්ත්වයට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධායනය අනවැකි පළකර ඇති බවට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ දත්ත වාර්තාවකින් පවසයි. ගෝලිය වශයෙන් බලද්දී ඔමික්‍රෝන් රැල්ල උච්ච වීම සිදුව ඇති බව ද ඔහුගේ දත්ත වර්තාව කියයි. ඉකුත් සතියේ  ගෝලීය ආසාදිතයන් ගණන මිලියන 20ක් වුවද ඉන්…